IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාඨලීට මෙන් සංදීප්ටත් නීතිය ක්‍රියාත්මක කරවන්නැයි පැමිණිල්ලක්

(ඉන්දිකා රාමනායක)

රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට අකාරයට සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම, රාජ්යක දේපළ වලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා  යටතේ  සංදීප් සම්පත් තරුණයාටද නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්රීැ බෝසෙත් කළහේපතිරණ මහතා අද (22) පස්වරුවේ  පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2016 වසරේදී රාජගිරිය ප්රිදේශයේදි සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්යර පාඨලි චම්පික රණවක මහතා ඉකුත් 18 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන  දෙසැම්බර් 24 දින  දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර කර ඇති බවත් එවැනි පසුබිමක අනතුරට ලක්වූ සන්දීප් සම්පත් තරුණයා සම්බන්ධයෙන්ද වහා නීතිය ක්රි යාත්මක කරන්නැයි මන්ත්‍රිවරයා   සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන්   මන්ත්‍රිවරයා මාධ්‍ය වෙත අදහස්  දක්වමින් මෙසේ පැවසීය.

 ‘‘සී සී 1000 යතුරු පැදියක් පදවමින් නිළ රථයේ  පිටපස   වැදීමෙන්  මෙම අනතුරු සිදුවුණා.  මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා    දැනුම් දී තිබෙන්නේ මෙම යතුරු පැදිය සාමන්‍ය මාර්ගයක ධානවය කරන්න බැහැ කියලා.

මෙය ක්‍රීඩා කටයුතු  සඳහා භාවිතා කරන යතුරු පැදියක්. මෙවැනි යතුරු පැදියක් සාමාන්‍ය මාර්ගයක  ගෙනියනවා නම් රැගෙන යා යුත්තේ වෙනත් වාහනයක පටවාගෙනයි.  

සන්දීප් ප්‍රමුඛ මෙම තරුණ පිරිස මෙම යතුරු පැදියෙන් සාමන්‍ය මාර්ගයේ අධික වේගයෙන් ගමන් කිරීම නිසා නිළ රථයේ  පටුපස වැදී තිබෙනවා.  නිළ රථයද හානි සිදුවී තිබෙනවා.

ඒහිදී  හානියක් සිදු වුනානම් එහි  වන්දිය  යතුරු පැදි හිමිකරුගෙන් ලබාගත යුතුයි.  ඒ සම්බන්ධයෙන්  නීතිමය කටයුතු කරන්න කියා අපි ඉල්ලා සිටිනවා....‘‘ යැයිද  මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (32)

පාඨලීට මෙන් සංදීප්ටත් නීතිය ක්‍රියාත්මක කරවන්නැයි පැමිණිල්ලක්

Anura Sunday, 22 December 2019 03:13 PM

මෙතන තියෙන්නේ තනිකරම දේශපාලන පළිගැනීමක්, වාහනයේ පිටුපසින් ඇවිත් හැප්පුවා නම් යතුරුපැදි කරුගේ තමයි සම්පූර්ණ වරද..?

:       131       1207

MaheeSunday, 22 December 2019 04:19 PM

ඔබ හරි, මමත් පාඨලීට දොස් කියලා කමෙන්ට්ස් ලිව්වා. නමුත් මම ඔබ කිවූ ඔය තොරතුරු ළඟදී දැනගත්තට පස්සේ ලිව්වා අපි පාඨලීට දොස් කීම වැරදියි කියලා. මටත් දැන් නම් පෙනෙන්නේ මේක නීතිය ක්‍රියාත්මක කිරීමකට වඩා නෙමෙයි, දේශපාලන පළිගැනීමක් කියලයි. මේ මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලත් විභාග කළොත් අපට සත්‍යය දැනගන්න ලැබෙයි. මේ පැමිණිල්ලට පියවරක් නොගත්තොත් අන්න එතකොට නම් මේක දේශපාලන පළිගැනීමක් බව නිශ්චිතවම තහවුරු වෙනවා.

:       1303       2538

raviSunday, 22 December 2019 07:06 PM

මෙතන වරද තියෙන්නේ චම්පික රියදුරා තමා නොවෙයි කියලා එයාගේ ඩ්‍රයිවර්ගේ නම දීපු එකයි. ඒ වෙලාවේ පොලිසියේ හිටපු ලොක්කත් අහුවෙනවා වැඩේට.

:       1       309

ArisSunday, 22 December 2019 05:25 PM

ඉදිරියෙන් යන වාහනය හේතු නැතිව බේර්ක් කලොත් පිටි පස්සෙන් ආ යතුරුපැදිය ඒකෙ ගැටෙන්න පුළුවන්... එතකොට වරද පස්සෙන් ආ යතුරුපැදි කරුගේද?

:       752       54

කුමාරSunday, 22 December 2019 06:15 PM

ඔව්. හේතුව කුමක් වුණත් පස්සෙන් ගිය කෙනා තමයි වැරදි. වාහන අතර නිසි පරතරයක් තබා ගෙන යා යුත්තේ ඒ නිසයි.

:       1       1033

MaheshSunday, 22 December 2019 07:13 PM

ඔබට තවම රියදුරු බලපත්‍රක් නෑ වගේ එක්කෝ නීතිය දන්නේ නෑ නේද. පිටිපසින් ගොස් හැප්පුවා හෝ හැප්පුනා කියන්නේ පසු පසින් ආපු කෙනාගේ තමයි වරද. ඒක තමා කියන්නේ අවශ්‍ය දුර තියාගෙන යන්න කියලා. නිකන් ඉන්න වෙලාවක මාර්ග නීති පොතක් හොයන් කියවන්න.

:       1       256

lankaSunday, 22 December 2019 08:44 PM

ඔව්. ඔයාට ලයිසන් නැති කෙනෙක් බව මේ ප්‍රශ්නයෙන්ම ඔප්පු වෙනවා .

:       0       147

hemanthaMonday, 23 December 2019 03:49 AM

අනේ පොඩි පුතේ වාහන අතර නිසි පරතරයක් තියාගෙන පදවන්න කියල නීතියේ තියෙනේ ඒකට තමා. කවදා හරි වාහන පැදවීමේ බලපතක් ගත්ත දිනක ඕක හොදට මතක තියාගන්න.

:       0       41

KasMonday, 23 December 2019 01:40 AM

අනිවාර්යයෙන් පිටිපස්සෙන් හැප්පුවම ඉතිං බයික් පැදපු කෙනාගේ තමා වැරැද්ද පාඨලීට නඩුව තියෙන්නෙ ට්‍රැෆික් ලෝ එකෙ යටතෙ නෙවෙයි හැබැයි ක්‍රිමිනල් ලෝ එක යටතෙ... අන්න ඒකයි ප්‍රශ්ණෙ වාහනෙ හප්ප ගත්තු එකකට නොවේ. අපරාධ නීතිය යටතෙ අනතුරක් වසන් කිරීමට කුමන්ත්‍රණය කිරීම බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම තමා තියන චෝදනා.

:       1       118

MD Monday, 23 December 2019 02:50 AM

දේශපාලන පලිගැනීම් මතක් උනේ නියම විදියට පරීක්ෂණය පටන් ගන්නකොටද.?

:       275       169

uddikaMonday, 23 December 2019 05:31 AM

මෙතන වැරැද්ද හප්පලා දමා යාම. හිට් ඇන්ඩ රන් කියන්නේ අපි. ඒ වගේ එකක්. ඒ එක්කම සන්දීපටත් නඩුවක් ගොනු කරන්න වෙනවා.

:       1       32

සෙනෙවිරත්න Sunday, 22 December 2019 03:45 PM

ඒක ගැන මේ තප්පුලන මහත්වරු මොකද කියන්නේ බලමු...

:       0       291

BamunuarachchiSunday, 22 December 2019 06:37 PM

තප්පුලන මහත්වරු නම් නැහැ. වමාරා කන කෙනෙක් ඉන්න බව නම් පෙනෙනවා. මේ පාටලීට විරුද්ධව කතා කරන මහත්වරුන් කතා කරන්නේ සාධාරණ හේතු සහිතවයි. ඒ මහත්වරු පදනම් වන්නේ පාටලීට විරුද්ධව ගරු අධිකරණයට ඉදිරිපත් කර ඇති චෝදනා මතයි. පාටලීට පක්ෂ අය කතා කරන්නේ පාටලී මොන වැරැද්ද කළත් අපේ පක්ෂයේ කෙනෙක් කියන හැඟීමෙන්ය. මොවුන්ට ක්‍රියාත්මක විය යුත්තේ ජෝෂප් ස්ටාලින්ගේ නීතියයි.

:       1373       346

athuraMonday, 23 December 2019 04:20 AM

සරත් ෆොන්සේකා මහත්මයා අත්අඩංගුවට අර ගත්තාම එ්කත් සාධාරණීකරණය කරපු මිනිස්සුනේ... මේ ආණ්ඩුවේ ඉන්නේ. ඉතින් බමුණත් දකින්නේ ඒ විදිහටම තමයි..

:       11       195

jess Sunday, 22 December 2019 03:49 PM

එහෙනම් මොන ඉලව්වකටද දෙයියනේ සීන් එකෙන් පලා ගිහින් සීසීටීවී මකලා තර්ජන කරලා මගුල් නැටුවේ... පිටිපස්සෙන් ඇවිත් වැදුණා නම් කිසිම කේස්එකක් නැහැනේ...,

:       726       678

lalSunday, 22 December 2019 10:59 PM

ඒකනේ, වැරද්දක් කරලා නැත්නම් මෙච්චර කල් හැංගිලා බොරු කිව්වේ මොකද?

:       25       135

Mahesh Sunday, 22 December 2019 04:33 PM

පිටිපස්සෙන් ගිහින් රජයේ වාහනයක් හප්පලා දැන් බයිලා ගහන මේ තරුණයාට වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒ වගේම කොහොමද නීතීවිරෝධි බයික් එකක් එයා සාමාන්‍ය පාරේ පාවිච්චි කරේ. අනිවාර්යයෙන්ම කාගේ හෝ හයියක් ඔලුවට අරන් කරපු වැඩක්. අනික ඔහුගෙන් වාහනයට කරපු හානියට අය කරගන්න ඕනෑ.

:       334       840

sumaneSunday, 22 December 2019 07:10 PM

ඊට කලින් බොරු කියපු හිටපු ඇමතිව කුඩුවට දමපු එක වැරදි නැහැනේ. ඒකාලේ එයා ඇමති. අප්පෝ රාජ උෂ්නේ. අද නිකම්ම නිකම් ජම්පර් එකත් ගහගෙන කුඩුවේ එල්ලිලා ඔහේ බලාගෙන ඉන්නවා. මට හිතෙන විදිහට අඩුම ගන්නේ අවුරුදු 5 කට බෝඩිමට යනවා.

:       93       222

Bandara Sunday, 22 December 2019 05:13 PM

මොන වරද කළත් අම්බරුවන් කොළ පාටට කඩේ යති.

:       885       535

MaheeMonday, 23 December 2019 01:15 AM

මොන වරදක් කලත් වහල්ලු කොළ, නිල්, රතු භේදයක් නොතකා කඩේ යති. ඔබ මොන පාටේ වහලෙක්ද යන්න අදහසින් පෙනේ. අප ගරු කරන්නේ සුදු පාටට කඩේ යන නිවහල් මිනිසුන්ගේ අදහස්වලට පමණි.

:       3       547

Bamunuarachchi Sunday, 22 December 2019 06:29 PM

මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ?

:       331       17

beau Sunday, 22 December 2019 08:29 PM

ඇස් දෙකින් දුටු අයගේ සාක්ෂි වලට අනුව සහ සී සී ටී වී පින්තුර අනුව එය නිගමනය කල යුතුය. මෙතන තර්ක කරන එකින් පලක් නැත.

:       0       21

ranjith Sunday, 22 December 2019 11:15 PM

මෙතන තියෙන්නේ තනිකරම දේශපාලන පළිගැනීමක්

:       13       164

ලුම්බිණි Sunday, 22 December 2019 11:46 PM

වරද කාගේ අතේ වුනත් මේක දේශපාලන පළිගැනීමක් නොවෙයි කියලා පිළිගන්න කිසිම සාධකයක් නැහැ. විමල් වීරවංශලා කරපු දේවල් වලට තවමත් මොකුත් නැහැ.

:       13       343

mahinda Sunday, 22 December 2019 11:57 PM

ඕවගේ නොවේ ලංකාව අගාදයට ඇදපු, කෝටි ප්‍රකෝටි ආණ්ඩුවේ සල්ලි සාක්කුවේ දාගත්ත බුරුත්තම උපාසක ලීලාවෙන් දෙපැත්තේම ඉන්නවා උන්ට කිසි කරදරයක් නැහැ. මොටර් සයිකල් අනතුර තමා දැනට තියෙන ලොකුම ප්‍රශ්නය.

:       0       294

නිමල් Monday, 23 December 2019 01:11 AM

යතුරුපැදි එලවන්නන් අද මාර්ගවල අංක එකේ නීති කඩන්නන්. වාහනය සාපේක්ෂව කුඩා නිසා ඔවුන් අධික තක්සේරුවෙන් ධාවනය කරන්නේ.

:       0       226

lalithm Monday, 23 December 2019 03:26 AM

ඔය කතා ඔක්කොම ඇත්තනම් ඔය කියන අහිංසක තරුණයාගේ අම්ම තාත්ත තොත්ත බබ්බු වගේ පුත් රුවන කිසි වරදක් නොකරපු අහිංසක දුප්පත් අයෙක් බවට සුදු පාට කරන එකට ඔවුන්ටත් විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න ඕනේ.

:       37       576

සෙනෙවි Monday, 23 December 2019 05:53 AM

අතුරු පාරකින් එක්වර නොසැලකිලිමත් ලෙස මහාමාර්ගයකට වාහනයක් දැමා හැරවූවොත් ප්‍රධාන පාරේ එන මෝටර් සයිකලයක් එම වාහනයේ පිටුපස වැදුනානම් වරද වාහනය පැදවූ අයගේ බව මෙයට කලින් අදහස් දැක්වූ බොහෝ අය නොදන්නා බව පෙනේ. සී සී ටී වී දත්ත මැකුවානම් ඒ පාඨලී වරදක් සඟවන්න යැයි සිතීම සාධාරණයි. පාඨලී සිත් පිත් නැති හෘදසාක්ෂයක් නැති අයෙක් බව මෙම අසරණවී ඇති තරුණයා දෙස ඇහැක් ඇර නොබැලීමෙන් පෙණීයයි

:       18       4

රනාMonday, 23 December 2019 07:00 AM

වාහනයේ ඉස්සරහද, පස්සේද හැප්පුවේ කියන එක නෙමෙයි මෙතන තියෙන ගැටලුව... රජයේ වගකිව යුතු ඇමති කෙනෙක් විදිහට නීතිය නොමඟ යැවීමට ගත් උත්සාහය තමයි වරදක් වෙන්නේ... එවෙලේ ඔහුම පොලිසියට ඉදිරිපත් වුණා නම් මේ කාරණය මේ තරම් දුර දිග යන්න ඕනේ නැහැ.

:       21       3

wedage Monday, 23 December 2019 07:45 AM

මට මෙතනදී මතක්වෙන්නේ ඔතන තියෙන පදිකමාරුවේදී ඔබේසේකරපුර හෝ බණ්ඩාරනායකපුර කෙනෙක් මෙම පදික මාරුවේදී හැපුණා නම් මෝටර් සයිකල්කරුට සිදුවන අලාභය ඉතා ඉහළ බවයි..

:       0       2

prakaash Monday, 23 December 2019 09:18 AM

මෙය නොතේරෙන්නේ ඇයි? ප. ච. රණවක රිය අනතුර සිදු වීමෙන් පසුව එය වසන් කිරීමට කූට උපක්‍රම මගින් උසාවිය නොමග යවා ඇත. මෙවන් අමන ද්‍රෝහීන්ට නීතිය අනුව දඬුවම් දිය යුතුය.

:       85       0

Aris Monday, 23 December 2019 09:42 AM

මට තියෙන්නේ යුරෝප් ලයිෂන් එකක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 183 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 512 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 359 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 437 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 999 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1784 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site