IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට

(ඩිල්ශානි චතුරිකා දාබරේ)

 

රටවල් 85 ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකට අනුව, ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසයි.                              

 

අන්තර්ජාල සේවා සපයන සමාගම් සිදුකරගෙන යනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇතැයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

 

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන අන්තර්ජාල පහසුකම්වලට ගුණාත්මක සේවාවක් ලබාදීම, පාරිභෝගික අදහස්වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම්වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදුකරන බවද, මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවධානයක් යොමු නොකරන බවද ඔහු පෙන්වා දෙයි.  

 

ශ්‍රී ලාංකික ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් සැපයීම ආයතන කිහිපයක ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට ඇතැම් ආයතන කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි. 

 

ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්ම වලින් බැහැරව කටයුතුකිරීම හේතුවෙන් මෙ තත්වය උදා වී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.



අදහස් (17)

ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට

Lakmal Tuesday, 02 March 2021 07:58 AM

ලංකාවේ ප්‍රශ්නෙ තියෙන්නේ ෆයිබර් සබඳතාවන් ප්‍රමාණය අඩුකම හා ෆයිබර් සඳහා ටෙලිකොම් සමාගම අය කරන අධික මිල ගණන්. රැහැන් රහිත සබඳතා හරහා මේ තියන දත්ත අවශ්‍යතාව සපුරන්න බෑ. ඒ සඳහා ජනතාව වැඩියෙන් ෆයිබර් (FTTH) සදහා යොමු විය යුතුයි.

:       6       16

DipalTuesday, 02 March 2021 08:49 PM

මම ඉන්නේ ජපානයේ... මෙහෙ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එක යෙන් 5000යි. මෙහෙ පඩිය ඉතාම විශාලයි. ලංකාවේ මාසෙ පඩියක් එක්ක බැලුවොත් රුපියල් 1500ක් වගේ.. අපේ ගෙදර පින්තූර 03ක් තියෙනවා. දවසම ඉන්නේ ඉන්ටර්නෙට්වල.. කොහොමද වෙනස? ලංකාවේ එහෙම ඉන්ටර්නෙට් බලන්න ගියොත් මාසෙට රුපියල් ලක්ෂ 2-3ක් විතර යයි.

:       0       1

anula Tuesday, 02 March 2021 07:59 AM

ලෝකයේ හැම රටකම නැති, ලංකාවේ විතරක් තියෙන දේ.

:       0       17

fairoos Tuesday, 02 March 2021 08:06 AM

හැම පැත්තෙන්ම පහළට යනවා අපි. වෙන රටක ඉන්නකොට තමයි ලංකාවේ වටිනාකම තේරෙන්නේ. කියලා වැඩක් නැහැ.

:       7       20

දිමුත්Wednesday, 03 March 2021 05:40 AM

සර් ටූල්ස් දාලා හදන්නං කිව්වා වගේ මතකයි...

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 March 2021 08:21 AM

අන්තිම තැන ලැබීම පුදුමයක් නෙමෙයි... ලෝකයේ මේ ඩිජිටල් තාක්ෂණය ලබා ඇති දියුණුවේ නිසි ප්‍රතිඵල භුක්තිවිඳීමේ අයිතිය සැම දෙනාටම අයිතියි. ඒත්, අපේ රටේ ඒ අයිතිය සමාගම් කාරයන් තම ඒකාධිකාරයට අරගෙන රටේ ජනතාව සූරාකනවා. මේ ගැන මොකුත් නොසොයන, නොබලන රජය නිසි ක්‍රියාමාර්ග නොගෙන එම සමාගම් වලින් බදු මුදල් ලබා ගන්නවා...

:       2       32

sena Tuesday, 02 March 2021 08:44 AM

ඩිජිටල් සේවා කන්නද මහත්තයෝ..?

:       22       5

pakeerTuesday, 02 March 2021 05:43 PM

එයාගේ ඔලුවේ තියෙන්නේ නම් මොලයක් වෙන්න බැහැ. අසුචි ගොඩක් වෙන්න ඕනේ...

:       0       0

Nuwan Tuesday, 02 March 2021 09:39 AM

ලෝකෙන් හොඳම දෙවැනි තැන තියෙන රටේ ඉන්න නිසා කියන්නේ.. ලංකාවේ දේශපාලකයෝ.. රටේ මිනිස්සු මොන තරම් රවටලා රට ගසාකාලාද කියලා..

:       1       10

upul Tuesday, 02 March 2021 09:47 AM

රජයේ වෙබ් අඩවි දැක්කම එපා වෙනවා. සමහර ඒවා වැඩ නැහැ. අවුරුදු ගණන් පරණ දත්ත තියෙන්නේ. රජයේ නිල IT වැඩකරන ආයතනයක් තියෙනවා... සල්ලි කනවා විතරයි. සර් එනකොට කිව්වේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන් වලට රට ගෙනියනවා කියලා. අයියෝ සල්ලි..!

:       2       23

යස්මිනි Tuesday, 02 March 2021 10:30 AM

ඩිජිටල් ගුණාත්මක භාවයෙන් පමණක් නොව හැම අංශයෙන්ම අපේ රට සිටින්නේ අන්තිම පහළින්. එයට එක හේතුවක් වන්නේ මිත්‍යා දෘෂ්ටිකත්වය සහ ගෝත්‍රික අදහස් දරන විශාල ජනතාවක් අපේ රටේ සිටින බැවිනි.

:       4       20

Thiw Tuesday, 02 March 2021 10:55 AM

හරීන්, සර් යවපු ගූගල් බැලුන් නිසා.. අපිට නම් මේ කිසිම ගැටළුවක් නෑ.

:       13       4

Raveendra Tuesday, 02 March 2021 03:51 PM

ඔබ "හරින් සර්" කිව්වේ අර ඇඳ යට රිංගාගෙන තවුසන්ඩ් ටෝක් කතා කියන නිවට කෑදැත්තා ගැන වෙන්න ඕනේ...

:       4       9

de silva Tuesday, 02 March 2021 02:24 PM

අන්තර්ජාලය අසමත් වුණාට සර් පාස්..

:       4       11

නවීන් Tuesday, 02 March 2021 02:46 PM

ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්ම වලින් බැහැරව කටයුතු කිරීම නම් සත්‍යයකි. සිය FM සේවා වලට මුදල් සොයා දීම ඔවුන්ගේ මූලික කාර්යය බව පෙනේ. අසන්නන් හොඳින් අන්දවා මිල අධික SMS වලින් මුදල් උපයා දීමයි. අද වෙළඳ දැන්වීම් අඩු බැවින් මේ මංකොල්ලය හොඳින් කරගෙන යයි. ඉතින් ඩිජිටල් ගුණාත්මක භාවය ගැන වෙහෙසෙන්නේ කුමකටද?

:       0       11

kamal Wednesday, 03 March 2021 06:33 AM

පරණ හමුදා ලොක්කෙක් දාලා ඕකත් ගොඩගන්න පුළුවන් සර්.. රෙස්පෙක්ට් සර්..!!! 

:       0       0

Lareef Wednesday, 03 March 2021 02:00 PM

මෙය සත්‍යයකි. මා විසින් SLT සමාගමේ ඉහළ නිලධාරියෙකුට පැමිණිල්ලක් කිරීමේදී ඔවුන් මා හට පැවසුවේ..., ඕනේ නම් නඩු හරි දාන්න කියා. ඉතා පහත් මනසක් ඇති මිනිස්සු වැඩ කරන්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 1 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 9 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 161 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 294 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 163 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 401 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site