IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘ජනවරමට අවසරයි‘‘ ජන රැළියට විශාල පිරිසක් කොළඹට

(නාලක සංජීව දහනායක)

වහාම මහා මැතිවරණයක් පවත්වන්නැයි බලකරමින් ජාතික එකමුතුව සංවිධානය විසින් පවත්වන ලද ‘ජනවරමට අවසරයි’ මහජන රැළිය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී අද (3) පැවැත්විණ.

මරදාන, එල්ෆිනිස්ටන් රඟහල ඉදිරිපිට මහා මාර්ගය හරස්කරමින් ජනවරමට අවසරයි රැළියේ වේදිකාව ඉදිකර තිබුණි. මේ හේතුවෙන් කොළඹ,මරදාන ප‍්‍රධාන මාර්ගය හා ඒ අවට අතුරු මාර්ග සියල්ලේම දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබුණි.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණි ජනතාවගෙන් කොළඹ, මරදාන ප‍්‍රධාන මාර්ගය පිරී ඉතිරී ගියේය. රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන,ටී.බී ඒකනායක, ප‍්‍රසන්න රණතුංග ඇතුලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා කංචන ජයරත්න සබරගමු පළාත් සභාවේ සභාපතිවරයාද ජනතාව දිරිමත් කරමින් රැස්වීම් භූමියේ රැඳී සිටිනු දක්නට ලැබුණි. 

පස්වරු 2.00 පමණ ‘ජනවරමට අවසරයි’ මහජන රැළිය ආරම්භ විය.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ‍්‍රාමික මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා හා විශ‍්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න, වෛද්‍ය සීතා අරඹේපොළ, මහාචාර්ය චන්න ජයසුමන,රංගන ශිල්පිනී අනුෂා දමයන්ති ඇතුලූ විවිධ ක්‍ෂේත‍්‍ර හා සංවිධානවලට සම්බන්ධ වෘතිකයන් හා කලාකරුවන්, ආගමික නායකයන් ඇතුලූ විශාල පිරිසක් මෙම රැළිය ආමන්ත‍්‍රණය කළහ.

ඡායාරූප - ගයාන් අමරසේකර

 



අදහස් (11)

‘‘ජනවරමට අවසරයි‘‘ ජන රැළියට විශාල පිරිසක් කොළඹට

සමන්ත Monday, 03 December 2018 04:41 PM

රටේ පවතින ව්‍යවස්ථාව නොසලකා හරිමින් කාටවත් කටයුතු කරන්න බැරි බව මතක තියාගන්න ඕනේ. මහපාරවල් හස්රස්කරමින්, බලහත්කාරකම් කරමින්, ජනතාව පිඩනයට පත් කරමින්, මේ හොර නඩය ඉල්ලන්නේ මොන ජාතියේ ජනවරමක්ද? උසාවියෙන් දීල තියෙනවා තියෙන වරම ගැන උත්තරයක්. තව ලැබෙයි හෙට අනිද්දට. තවත් ජන වරමක් ඕනේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දෙන් ඒ වරම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිවරණයක් ජනවාරි අටෙන් පස්සේ තියෙනවා.

:       165       111

sirimal Monday, 03 December 2018 05:52 PM

එක එක්කෙනා කියන කියන හැටියට පාලනය වෙනස් කල හැකිනම් රටකට ව්‍යවස්ථාවක් අවශ්‍ය නැද්ද?

:       90       75

ajith Monday, 03 December 2018 08:17 PM

යුක්තිය හදයි, ජනවරමට අවසරයි සාමාන්‍ය ජනතාව ගැන කිසිම තැකීමක් නෑ. පාරවල් හරස් කරගෙන මේවා කෙරුවම වැඩ ඉවර වෙලා මිනිස්සු ගෙදර යන්නේ කොහොමද? අනික මේ දවස් වල සාමාන්‍ය පෙළ විභාගේ. මේවා ගැන බලලවත් ඔය විකාර නවත්වන්න.

:       14       38

සිරිබිරිස් Tuesday, 04 December 2018 01:12 AM

ඔතන සිටින හිටපු අගවිනිසුරුවරයා මහින්ද ගැන කිව්වෙ මොනවාද. දැන් කියන්නේ මොනවාද.

:       34       117

theshan Tuesday, 04 December 2018 02:26 AM

දැන් මෙගොල්ලොන්ගේ අාණ්ඩුවනේ තිබ්බේ, ඇයි මැතිවරණ ඉලලනනේ?? බයටද?

:       85       64

rocky Tuesday, 04 December 2018 02:31 AM

ජනතාව කියන්නේ පොහොට්ටුවන්ට විතරක් නොවෙයි. ඔහෙලාට ඕන ඕන වෙලාවට මැතිවරණ පවත් වන්න බැහැ!

:       130       84

Don Tuesday, 04 December 2018 03:09 AM

මෙතන ජාතික එකමුතුවක් නෙමෙයි. කඩේ යන කට්ටියගේ එකමුතුවක්.

:       172       145

Saththaya Tuesday, 04 December 2018 04:03 AM

මේ අය කාවද මේ රවටන්න යන්නේ? ඊළගට තියෙන්නේ පළාත් සභා ඡන්දය. නඩු ටික වහගන්න ඡන්දයක් නීතිය අනුව නැහැනේ.

:       85       12

gamaathi Tuesday, 04 December 2018 05:57 AM

මහජනතාව ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම්ක් මිස මැතිවරණයක් ඉල්ලසිටියේ නැත. මහජනතාව කියන්නේ පොහොට්ටුවේ නායකයින් හෝ විරුද්ධ පක්ෂයේ නායකයින්ද නොවේ.

:       43       19

විජිත් Wednesday, 05 December 2018 02:53 PM

මෙතන ඉන්න කට්ටිය දිහා හොඳින් බලන්න. ඔබගේ ඇස්වල තිමිර පටලයක් ඇති නම්, එයත් පිසදා තවත් ලංවෙලා බලන්න. මම නොපැකිලව කියනවා මෙතන ඉන්නවා...හොරු. මංකොල්ලකාරයෝ, බොරු කාරයෝ, නීතිය, අවනීතිය කරපු තක්කඩි, මිනී මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, සහ අනුන්ගේ පහනින් එළිය බැලුවෝ. ඒ කවුදැයි ඔබම තීරණය කරන්න. මේ දෙගොල්ලම එකයි කියලා ඔබත් මමත් තේරුම් අරන් බොහෝකල් බව මම දනිමි. මේ පාරවත් මොවුන්ගෙන් අපේ රට බේරාගන්න අලුත් ක්‍රමයක් සොයා යමු.

:       4       35

sunil Wednesday, 05 December 2018 03:46 PM

විජිත් කිව්ව කට්ටියම මෙතන ඉන්නවා....

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 59 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 467 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 132 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 202 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 563 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 433 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site