IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘‘ජනපති හමුවී සාකච්ඡා කරන්න සූදානම්‘‘

(එෆ්.අස්ලම්)

දෙමළ ජාතික සන්ධානය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමේ සූදානමින් පසුවන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ලංකාදීපයට පැවසීය.

දෙමළ ජනතාවගේ නිරන්තර ගැටළු සහ ඒවා නිරාකරණය කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

ජනාධිපතිවරයා සමගින් සිදුකරන මෙම හමුවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රීත්වයෙහිම නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවද හෙතෙම කීය.

රටේ සෑම ජනතාවකගේම අර්බුද හඳුනාගෙන ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවට සහ සෑම ජාතියකටම සම අයිතියක් ලබා දෙන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.ජනපතිවරයාගේ එම ප්‍රකාශය සහ ස්ථාවරය නිසාවෙන් දෙමළ ජනතාවගේ ගැටළු ගැන සාකච්ඡා කරන්න දෙමළ ජාතික සන්ධානය එතුමන්ව මුණගැසෙනවා යැයිද මන්ත්‍රිවරයා කියා සිටියේය.

 

 



අදහස් (15)

‘‘ජනපති හමුවී සාකච්ඡා කරන්න සූදානම්‘‘

Shan Wednesday, 20 November 2019 04:58 PM

ඇවිල්ලා නොන්ඩි වෙන්න එපා.

:       3       399

දිසානායක Wednesday, 20 November 2019 05:05 PM

හරි ෂෝක්නේ... ප්‍රශ්න විසඳගන්න එතුමාට කියලා එතුමාට සලකපු විදිහ.... මෙච්චර කාලයක් සිංහලයන් සැලකුවේ සහෝදරත්වයේ දෑත් දිගු කරලා.

:       4       324

Kiran Wednesday, 20 November 2019 05:12 PM

මොකද බැටරි බැහැලා වගේ.

:       3       382

Thambi Wednesday, 20 November 2019 05:13 PM

නරකද සජිත් හම්බ වුනොත්.

:       4       189

shan Wednesday, 20 November 2019 05:26 PM

දෙමළ සංධානය හා මුස්ලිම් දේශපාලන පක්ෂ සමග කිසිම සාකච්චාවක් ජනපතිවරයා ලබා දීම නොකරනු ඇති බලාපොරොත්තු වෙමු. ඉදිරි වැඩපිළිවෙල් සදහා දෙමළ සංධානය හා මුස්ලිම් දේශපාලන පක්ෂ කිසි විටක හවුල් කර නොගන්නැයි ඉල්ලා සිටිමි. මුළු මහත් සිංහල ජනතාවගේ බලාපොරොත්තු ජනපතිවරයා ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරමු

:       36       119

IsuruThursday, 21 November 2019 03:56 AM

ඒ මිනිස්සුන්ගේ යහපත් ජිවිතයක් ගැන බලාපොරොත්තු ගැන මේ ජනාධිපති සළකන්න ඕනේ නැද්ද එතකොට?

:       125       31

Nandalal DE SILVA - France Wednesday, 20 November 2019 08:22 PM

ජනපති හමුවී දැන් මොනවා සාකච්ඡා කරන්නද ? මහා ඡන්දෙ ඉලක්ක කරගෙන ඉල්ලීම් දමන්නද කල්පනාව ?

:       1       76

Amitha Wednesday, 20 November 2019 08:23 PM

ලැජ්ජාවක් ඇත්තේම නැද්ද මේ අයට

:       1       292

BamunuarachchiThursday, 21 November 2019 04:47 AM

තම ජාතිය වෙනුවෙන් කතා කිරීම ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ලැජ්ජාවට කාරණයක් නොවෙයි. සිංහලයා තම ජාතිය පාවාදෙන්න කටයුතු කිරීම ගැන අපි සිංහලයින් හැටියට ලැජ්ජා විය යුතුයි. ගිය අවුරුදු 5 කාලයේ සිද්දවුනේ සිංහලයා පාවාදීම්.

:       0       15

sudath Wednesday, 20 November 2019 11:24 PM

ශරියා නැති, තේසවලාමේ නීති නැති හැමෝටම එක නීතියක් යටතේ රටේ ඕන තැනක ඉඩම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් ඒකීය රටක් තේමාව යටතේ සුහද සාකච්චාවක් සඳහා අපේ සුභ පැතුම්

:       92       453

Bamunuarachchi Thursday, 21 November 2019 01:11 AM

මේගොල්ලෝ ටික ටික තම ගොඩ වැඩි කරගෙන රට බෙදිල්ල ක්‍රියාත්මක කරන්නයි හදන්නේ. එම නිසා ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් වීමට ඉඩ සලසනවා හැරෙන්නට වෙන කිසිම ඉල්ලීමක් ගැන සලකා නොබැලිය යුතුයි.

:       0       273

lelwala Thursday, 21 November 2019 02:23 AM

තම රටට හිතකර නොමැති කිසිම ඉල්ලීමක් නොදිය යුතු ය.

:       0       440

DILUM Thursday, 21 November 2019 04:50 AM

සිහින ෆැන්ටසි අතහැර දෙමල ජනයාට බලපාන පොදු ගැටළු පිළිබදව සාකච්චා කරන්නේ නම් පමනක් සහ ඔවුන් දෙමල ජනයාගේ එකම නියෝජිතයින් සේ නොසලකා අනිත් දෙමල නියෝජිතයින් ඇතුලත් වන්නේනම් පමණක් සාකච්චා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි .

:       0       529

Bandula. Thursday, 21 November 2019 06:13 AM

එදා මැතිවරණය වෙලාවේ කට්ටියක් හිතුවේ මේක ඒ අයටම ගිය රට කියලා. අපිට ජාතිවාදයක් නැහැ. ඔන්න ඔහොම එන්න. සාමාන්‍යය ජනතාව තුල ජාතිවාදී විශබීජ පතුරවලා දේශපාලන වාසි ගන්නේ නැතුව අවංකවම දමිළ මිනිස්සුන්ට සේවය කරන්න හිතට ගත්තොත් ලොකු දෙයක්.

:       0       94

kamal Thursday, 21 November 2019 07:40 AM

දෙමළ වර්ගයා ගැන විතරක් සාකච්චා කරන්නේ වර්ගවාදී දේශපාලකයන් නිසා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 230 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 502 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 610 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 369 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 450 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site