IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපතිගේ තීරණයට විරෝධය පා 30 වැනිදා උද්ඝෝෂණයක්

සුජිත් හේවාජුලිගේ

 

පාර්ලිමේන්තුවේ බහුතරය නැති පුද්ගලයකු අගමැති ධුරයට පත් කිරිමෙන් ජනාධිපතිවරයා ගත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාදාමයට විරෝධය පළ කරමින් අඟහරුවාදා (30) කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු  මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය දැක්වීම සඳහා දස දහස් සංඛ්‍යාත පිරිසක් කොළඹට කැදවන බවද මන්ත්‍රීවරයා කීවේය.

ඇතිවු දේශපාලන කුමන්ත්‍රණය පසුව එක්සත් ජාතික පාක්ෂිකයන්ට හිරිහැර කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ වී ඇති බවත් මේ හිංසා කිරිම් නවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

නව අගමැතිවරයකු පත් කරන්නේ නම් ඔහු පළමුවෙන්ම පාර්ලිමේන්තුවට බහුතරය පෙන්විය යුතු බවද ඔහු පැවසීය.



අදහස් (13)

ජනපතිගේ තීරණයට විරෝධය පා 30 වැනිදා උද්ඝෝෂණයක්

sandy Sunday, 28 October 2018 07:47 AM

මම ඔබ සමගයි..........

:       63       90

sampath Sunday, 28 October 2018 07:56 AM

2015දී රනිල් වික්‍රමසිංහ අගමැති වුනේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලද? කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා වෙනවා නේද?

:       31       245

sandySunday, 28 October 2018 02:25 PM

එදා ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල පැහැදිලි ප්‍රකාශයක් කළා... තමන් ජනාධිපති වුනාම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන බවට. එහෙම නොවුනානම් මෛත්‍රීපාල හීනෙන්වත් ජනාධිපති වෙන්නේ නැහැ. ඒ මදිවට සැවොම දැනන් හිටයා එය වෙන බව. ඒ බව දැන ගෙන තමා ජනතාව ඡන්දය භාවිතා කලේ... පැහැදිලිවම මට කියන්න පුලුවන්ද ඔබ ඡන්දය භාවිතා කලේ කාටද කියලා... ඒ නිසා ඒ තර්කය මෙයට කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. මෙතන වුණේ පැහැදිලිවම බලලෝභී දේශපාලන වංචාවක්... අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවන්න අවශ්‍ය දේවල් දැන් තියාම ක්‍රියා කරන්න තිබුණා. එතකොට හැමෝම දන්නවා සහ ජනතාවගේ පූර්ණ ආශිර්වාදය ගන්න තිබුණා.

:       1       2

charith Sunday, 28 October 2018 08:21 AM

2015 බලෙන් වගේ අත්සන ගහගෙන අගමැතිකම උදුරා ගනිද්දී ඔය කියන ව්‍යවස්ථාව මතක් උනේ නැද්ද, එක්කෝ එක කියවල තිබ්බේ නැද්ද දන්නේ නෑ මෙයාලා. ඔක්කොමල තමන්ගේ ඇමතිකම් නැති වෙයි කියල බයවෙලා මාරු විකලෙන් දඟලනවා. පුදුම උනන්දුවක් තියෙන්නේ අපිට සේවය කරන්න.

:       1085       1069

Darshana Sunday, 28 October 2018 08:46 AM

විකාරයෙන් දොඩවනවා.....

:       12       98

රජින්ද Sunday, 28 October 2018 09:13 AM

මුළු ලේක්හවුස් එකම දන්නවා මංගලගේ ගෝලබාලයෝ ඒකට රින්ගෙව්වේ කොහොමද කියන එක... පහුගිය කාලේ රජයේ ආයතනවලට තම තමන්ගේ හෙන්චයියන්ව රිංගවීම කලේ අසාමාන්‍ය වේගයකින්, එතැනදී අනික් මිනිස්සුන්ට සිදු වෙච්චි අසාධාරණකම් ගැන මේ ගොල්ලන්ට මතක නැහැ.

:       0       113

Bamunuarachchi Sunday, 28 October 2018 09:20 AM

නිකාන් සවුත්තු වෙන්න හදනවා වගේ... අතපය කඩා ගන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න....

:       156       341

Gamage Sunday, 28 October 2018 09:41 AM

බත් පැකටි එකට අරක්කු බෝතලේට රැ 1000/= සෙටි වෙන අයනමි ඕවාට එයි....

:       128       47

sanday Sunday, 28 October 2018 09:54 AM

අපේ ගානේ නරක් නොවූ කිරි පැකට්...

:       0       60

Ramani Perera Sunday, 28 October 2018 10:01 AM

අපි කවුරුත් මේවාට ගහ මරාගෙන මොකටද? විලිලැජ්ජාවක් නැති කෙනෙක් ඉන්න කොට...

:       0       1

dhanush Sunday, 28 October 2018 10:38 AM

2015දී රනිල්ට බහුතරයක් නොතිබුණා නම් අගමැතිකම කරගෙන යන්න ඉඩදෙයිද? රනිල්ට එදා බහුතරය ලැබුණේ ජනාධිපති මෛත්‍රි මහතාට කැමති කොටසක් ශ්‍රී.ලං.නි.පක්ෂයේ සිටි නිසා එදා රනිල්ට ජනාධිපතිතුමත් කැමතියි.. එතුමාට කැමති අනික් අයත් සහය දුන්නා. රනිල්ට බැරිවුණා එය දිගටම පවත්වාගෙන යන්න.

:       92       43

සනත් Sunday, 28 October 2018 10:52 AM

මේ වෙනස රටටම ඕනෑ වෙලා තිබුනේ.. ඔහේලට තියෙන්නේ නව නායකයෙක් පත්කර ගන්න එකතු වෙලා සාකච්ඡා කිරීමයි. මිනිස්සුන්ව පාරෙ රස්තියාදුවේ යවලා ඔයාලගේ පට්ටම් රැකදෙන්න කියලා කාටද කියන්නේ? ජනතාවගේ කාලය කන්න එපා.

:       0       35

chinthaka Dubai Sunday, 28 October 2018 11:17 AM

පාරට බහින්නකෝ.., ඔයා දුන්න විස කිරි පැකට් ටිකත් අරන් එන්න

:       10       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 390 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 805 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 973 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 551 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 571 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 199 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site