IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපතිගෙන් තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක්

 

තායිලන්තයේ 10 වැනි රජු ලෙස අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභාශිංසන සමඟ උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක්  අද (19) තිළිණ කෙරිණි.

ජනාධිපතිතුමා වෙනුවෙන් බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් බෝධි අංකුරය  තායිලන්ත රජු වෙත පිළිගන්වනු ලැබීය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව තිබිණි.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් ථෙරවාදි බුදුදහම සුරක්ෂිත කිරීම අරබයා ශ්‍රී ලංකා රජය ගනු ලැබු සුවිශේෂ පියවරක් ලෙස මෙම අවස්ථාව සනිටුහන් කෙරේ.

මෙහි විශේෂත්වය වනුයේ අභිසෙස් ලබන තායිලන්ත රජතුමා වෙත ලැබුණු පළමු රාජ්‍යතාන්ත්‍රික තිළිණය ද මෙය වීමයි. 

පසුව එම බෝධි අංකුරය තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිරධම්මාරම විහාරස්ථානයේ රෝපණය කිරීම තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මහතා සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු එරට විශේෂ නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් තම හෘදයාංගම සුභාශිංසන සමග පිළිගන්වන ලද මෙම උතුම් තිළිණය දෙරට අතර විශ්වාසනීය මිත්‍රත්වයේ සහ සහෝදරත්වයේ නව සළකුණක් බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ සහ තායිලන්ත ප්‍රධාන සංඝනායක හිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(28535)

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

 



අදහස් (0)

ජනපතිගෙන් තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක්

ඔබේ අදහස් එවන්න

දියත

නොමිලේ දුන්න හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 0 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 111 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 352 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 801 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 178 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 226 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1718 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site