IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඕනෑ යයි උතුරේ දේශපාලන පක්ෂ 6 ක් කියයි


(එෆ්.අස්ලම්)


යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මෙරට ස්ථාපිත කළ යුතු බවට හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒ වෙනුවෙන් නිත්‍ය නියෝජිතයෙකු පත් කළ යුතු බවට ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂය ප්‍රමුඛ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් පවසයි.


ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වීම මත එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබා නොදෙන ලෙසට මෙම පක්ෂ පොදුවේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට බලකර සිටින බවද දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ උප සභාපති එම්. කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරය ඇරඹීමත් සමග එහිදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉලංගයි තමිල් අරසු කච්චි, ප්ලොට් ,ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, දෙමළ විමුක්ති පෙරමුණ, තමිල් මක්කල් කූට්ටනි යන පක්ෂවල නියෝජිතයින් යාපනයේ පෞද්ගලික හෝටලයකදී රැස්වී මෙම තීරණ ගෙන තිබේ.


මේ සම්බන්ධයෙන් මෙකී පොදු ස්ථාවරයේම කටයුතු කිරීමටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීමටත් මෙම දේශපාලන පක්ෂ හයෙහි ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇත.


දෙමළ දේශපාලන පක්ෂ රැස්ව ගනු ලැබූ මෙම තීරණ සහ ඉල්ලීම් ඇතුළත් වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාටත් ජගත් සංවිධානයේ මහ ලේකම්වරයාටත් බාර දෙන බවත් එම්. කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.



අදහස් (16)

ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඕනෑ යයි උතුරේ දේශපාලන පක්ෂ 6 ක් කියයි

menna Sunday, 03 March 2019 08:40 AM

ලංකාව විනාශ කරන පක්ෂ. කොහෙන් අරමුදල් එනවද දන්නේ නැහැ.

:       0       112

BamunuarachchiSunday, 03 March 2019 03:10 PM

දෙමළුන්ට ඇඟිල්ල දික්කරන්න එපා... අපේ ගොබ්බයින්ගේ වැරදි වලට.

:       1       144

Chanak Los angelesMonday, 04 March 2019 06:11 AM

මේ කියනවා ඇත්තේ කේ පීව සගවාගෙන ආරක්ෂා කරපු නිසා වෙන්න ඕනේ ?

:       0       0

BamunuarachchiMonday, 04 March 2019 01:36 PM

ඉතින් දැන් මේ ගොල්ලන්ට පුලුවන්නේ කේ.පී. ව හිර බාරයට ගන්න. ඇයි නොකරන්නේ?

:       0       0

Amila Sunday, 03 March 2019 09:43 AM

ප්‍රශ්න තියෙන්නේ රටේ පවතින උසාවියට ගිහින් ප්‍රශ්න විසඳ ගන්නවා. ඉන්න බැරිනම් රටින් යන්න. අරුසුකච්චි පක්ෂයට ඡන්ද තියෙන්නේත් උපරිම ලක්ෂ පහයි. 5%ක් වත් නෑ රටේ ඡන්ද... එහෙව් අය එනවා පිටරට උසාවි මෙහෙ ගේන්න.

:       1       159

RaveendraSunday, 03 March 2019 10:48 AM

Amila මයා වෙත, ඇත්තෙන්ම මේ ඩොලර්වලින් යැපෙන එකඑකාගේ අතකොලු... මේ ප්‍රශ්න අප රටේ තියෙන තාක්කල් අනිකුත් රටවල්වලට පැනලා සරණාගතයන් ලෙස ඉන්න දේශද්‍රෝහීන්ට කිසිඳු කරදරයකින් තොරව එම රටවල ජීවත්වෙන්න පුළුවන්.. එය තමයි මෙහි ප්‍රධානම අරමුණ... මෙවන් තමන් උපන් මෙන්ම සියලුම පහසුකම් ලබාගෙන එම රටටම විනකරන දේශද්‍රෝහීන්ට මරණය හැර වෙන කිසිවක් නැත. අපගේ අදහස් ජාතිවාදී අදහස් ලෙස නොසලකන්න. තමන් උපන් රටට ද්‍රෝහීවීමට අප කිසිවෙකුට කිසිම අයිතියක් නොමැත...

:       0       78

ගල්කටස් Sunday, 03 March 2019 09:49 AM

සංහිඳියාව දොරේ ගලනවා. කොටියා කොටියම තමා. වැහි නැති හෙනම වැදෙනවා රටට කරන සහ කරන ලද විනාශයට...

:       0       55

BamunuarachchiSunday, 03 March 2019 04:45 PM

ඇත්තටම හෙන වදින්න ඕනේ සිංහල ගොබ්බයන්ට...

:       0       0

Bamunuarachchi Sunday, 03 March 2019 10:10 AM

ඉල්ලීම කොහොම වෙතත් මුහුණ දැක්කාම හිතෙනවා උඩ පැනලා මුහුණට පයින් ගහන්න.

:       1       135

jagath Sunday, 03 March 2019 10:13 AM

මීළඟ ජනපති ගෝඨා විය යුතුයි. කොන්ද පණනැති කුඹුරු ගොවියෙක් රට කනවා.

:       2       185

Chandima Sunday, 03 March 2019 12:17 PM

ඔබ අප බොහෝ දෙනෙක් තවමත් හරියට තේරුම් අරගෙන නැහැ ඇයි මේ කපටි තක්කඩි ටික මේ රටේ යුද්ධය දිනවපු රණවිරුවන් යුද අපරාධකාරයන් බවට පත් කරන්න මේ තරම් දතකාගෙන නහින්නේ කියලා. අපේ සමහර මෝඩ මිනිස්සුත් තැන් තැන්වල ගිහින් කියනවා හමුදාව යුද්ධ අපරාධ කරලා තියෙනවා තමයි කියලා. මොවුන් හදන්නේ අපේ රණවිරුවන් යුද අපරාධ කලා කියලා මොන බොරුවකින් හරි, කපටිකමකින් හරි ලෝකෙට ඔප්පු කරලා ඔවුන්ගේ ඊළඟ තුරුම්පුව තල්ලු කරන්න. ඒ තමයි ලංකාවේ දෙමල ජනතාවට එරෙහිව බිහිසුණු යුද අපරාද වෙලා තියෙන නිසා වෙනම රාජ්‍යයක් ස්වයං පාලනයක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුය කියන තැනට ක්‍රමානුකුලව ළඟාවීමයි. ඒ නිසා කවදාවත් මේ කපටිකමට ඉඩ නොදිය යුතුයි. ලෝකේ බොහෝ රටවල් දෙකඩ කරගත්තේ ඔන්න ඔය ක්‍රමවේදයටයි.

:       1       134

BamunuarachchiSunday, 03 March 2019 03:08 PM

ඒ මිනිසුන් කරන්නේ අපේ එවුන් උඩ දාලා දුන්න පන්දුවට ඩෑෂ් කිරීමයි. ජිනීවා ගිහින් අපේ ගොබ්බයෝ අපේ හමුදාව යුද්ධ අපරාද කළා කියලා පිළිගත්තා. තව ගොබ්බයෙක් අපේ හමුදාව සුදු කොඩි කාරයින්ට වෙඩි තිබ්බා කියලා කීවා. දැන් අපේ ගොබ්බයෝ ගලේ පහරපු බළල්ලු වගේ කරපුවා වහගන්න බැරුව ඉන්නවා. ගෝඨා හිටිය කාලේ ඔය එකෙක්වත් කට ඇරියේ නැහැ.

:       1       129

fasmy Sunday, 03 March 2019 01:24 PM

උතුරේ ජනතාවගේ මූලික ප්‍රශ්න පැත්තකට දාලා පරණ කසිකබල් දේවල් අරගෙන ජාතිවාදය වපුරලා හැමදාම බලයේ ඉන්න බලන්න එපා ශිවාජිලිංගම් මහත්තයෝ. පළාත් සභාවෙන් තමන්ට ලැබුණු ප්‍රතිපාදන යොදවලා පළාතේ මහා ජනතාවට යමක් කරන්න බලන්න.

:       0       42

Bandara Monday, 04 March 2019 12:23 AM

6ක් ඇතිද දන්නැහැ

:       0       1

sunanda Monday, 04 March 2019 03:12 AM

කොටි බෝම්බ වලින් කොළඹ මැරුන අහිංසක මිනිස්සු ? නිරායුද පොලිස් 600...කවුද මේවට වග කියන්නේ

:       0       3

Bandula. Monday, 04 March 2019 06:14 AM

ඕක ඕනෙම නම් එහෙට ජාත්‍යන්තරේට ගිහින් පදිංචි වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 275 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 599 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 717 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 409 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 477 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 169 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site