IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චෝදනාලාභී පොලිසියේ 10 ක් මාතරට එපාවෙයි

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුලුස්සා විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ ඉතිරිව සිටින පොලිස් නිලධාරීන් දසදෙනා මාතර දිස්ත්‍රික්කයෙන් පිටතට ස්ථාන මාරු කර යවන ලෙස මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා අද  (24) පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යැවීය.

විශේෂයෙන්ම මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පොලිස් විමර්ශන ඒකකයක නිලධාරීන් තව දුරටත්  තම කොට්ඨාසයේ තබා ගැනීමට අකමැති බවද එම ලිපියේ සඳහන් බව දැනගන්නට ඇත.

ඒ අනුව ඉතිරි පොලිස් නිලධාරීන් සියලු දෙනාද ස්ථානමාරු කර යැවීමෙන් පසු දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකය නීත්‍යානූකූලව විසුරුවා හැරෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඒකකයට අනුයුක්තව පොලිස් නිලධාරීන් 25 දෙනෙකු රාජකාරියේ යොදවා සිටි අතර ඔවුන්ගෙන් 15 දෙනෙකුට පසුගියදා පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාතවෙත ස්ථානමාරුවීම් ලබා දුන්නේය.

එම ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා හා උප පොලිස් පරීක්ෂක විරාජ් මධුෂංක යන අයවලුන් රත්ගම ද්විත්ව ඝාතනයට අදාලව සැක පිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

බොහෝ විට මෙම ස්ථාන මාරුවීම් නියෝගය ඉදිරිදින කිහිපය තුළදී ලැබෙනු ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (4)

චෝදනාලාභී පොලිසියේ 10 ක් මාතරට එපාවෙයි

de silva Sunday, 24 February 2019 12:42 PM

සාමාන්‍ය සිවිල් අපි පුද්ගලයෙක් පැහැර ගන්න ගියානම් අපිටත් පොලිසිය මෙහෙම සලකාවිද? ස්ථාන මාරු නොවේ වහාම මොවුන් රිමාන්ඩ් කරන්න. පස්සේ කියන්න එපා මේ ගොල්ලත් අර අර්ජුන මහේන්ද්‍රන්, මදූෂ්, අංගොඩ ලොක්කා වගේ එමිරේට් රටට හෝ සිංගප්පූරුවට පැනලා ගියා කියලා..

:       9       125

Rohan gunarathna Sunday, 24 February 2019 06:14 PM

මාරපන බබා මෙය දන්නෙම නැහැ. මාරපන හා සියලුම නිලධාරීන් මාතරින් එළවන්න ඕනෑ..

:       0       25

gamayaMonday, 25 February 2019 03:51 AM

මෙවන් නිලදාරීන් මාතරට පමණක් නොව සමස්ත රටටම ඔනී නැත .

:       0       3

sg Monday, 25 February 2019 02:14 AM

පොලිසියට උගත් මිනිසුන් බදවගන්න තෙක් මෙවැනි දේවල් බලාපොරුත්තු විය යුතුය

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 93 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 503 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 138 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 204 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 571 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 440 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site