IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෙවල් දෙකේම රාජිත නෑ

( +++ නිමන්ති රණසිංහ)

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ නිල නිවසේ හෝ ඔහුට අයත් වෙනත් කිසිදු නිවෙසක හෝ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (25) පැවසීය.

මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තුව අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායමක් ඊයේ (25) දවස තුළ හිටපු අමාත්‍යවරයා සිටින බවට විශ්වාස කරනු ලැබූ ස්ථාන කිහිපයකටම ගොස් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි කර ඇති බවත්, ඒ කිසිදු ස්ථානයක ඔහු නොසිටි බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට ලිඛිතව දැනුම්දී ඇති බවද ඔහු පැවසීය.

හිටපු අමාත්‍යවරයා පදිංචිව සිටින නො. 22/බී, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ස්ථානයටත් නො. 66, කන්දේවත්ත පාර, බේරුවල යන ස්ථානයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායම ගොස් ඇති බව ද වාර්තා වේ. හිටපු අමාත්‍යවරයා බේරුවල ප්‍රදේශයේ නිවසට අවසන් වරට පැමිණ ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ බවත්, එම නිවස ඔහු කුලී පදනම මත ලබාගෙන තිබූ එකක් බවත් සඳහන් වෙයි.

හිටපු අමාත්‍යාවරයා සිටින බවට ලද තොරතුරුවලට විශේෂ නිලධාරී කණ්ඩායම තවත් ස්ථාන කීපයක්ම සෝදිසියට ලක් කළත් ඒ කිසිදු ස්ථානයකදී  සොයා ගැනීමට නොහැකිවී ඇතැයි වාර්තාවේ.

මෙම විශේෂ නිලධාරි කණ්ඩායම ඊයේ (25) පෙරවරුවේ සිට රාත්‍රිය වන තුරුම හිටපු අමාත්‍යවරයා සෙවීමේ මෙහෙයුමේ නිරත වී සිටි බව සඳහන් වෙයි.

හිටපු අමාත්‍යවරයා රැඳී සිටින බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව අධිකරණ වරෙන්තු ප්‍රකාරව වහාම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා විවෘත වරෙන්තුවක් නිකුත් කළේ පෙරේදාය.

මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ලිඛිත උපදෙස් ලැබුණු බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත් ඇප පනතේ 21 වැනි වගන්තිය ප්‍රකාරව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇපයක් ඉල්ලා ඇති අවස්ථාවක, සැකකරු අත්අඩංගුවට ගත නොහැකි බැවින් ඇප පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113 (අ), 169 (උ), 190 වගන්ති ප්‍රකාරව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 80 (1) (ඇ) වගන්ති යටතට ගැනෙන වරදක් මෙම සැකකරු විසින් සිදුකර ඇති බැවින් ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබිණ.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළැයි කියන සැකකරුවන් දෙදෙනා හෙට (27) වනතුරු රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබුණේ ඉකුත් 16 වැනිදය. මෙලෙස රක්ෂිත බාරයේ පසුවන්නේ ඩබ්ලිව්.ජී. අතුල සංජීව මදනායක සහ එස්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර යන දෙදෙනාය.

ඉකුත් නොවැම්බර් මස 10 වැනි දින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තවත් පුද්ගලයින් දෙදෙනකු විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මිනිමැරීම, පැහැරගෙන යාම, වදහිංසා පැමිණවීම, සොරකම් කිරීම, තොරතුරු වසන් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් හෙළි කරන ලද සිද්ධියට අදාළව පරීක්ෂණයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක කුමුදු ප්‍රදීප් සංජීව නමැත්තා විසිනි.

 



අදහස් (12)

ගෙවල් දෙකේම රාජිත නෑ

Nuwan Thursday, 26 December 2019 05:37 AM

මහලොකු චණ්ඩියා හැංගෙනවා.. නීතිය ක්‍රියාත්මක කරන්න එනකොට. ගහන්න ඕනෑ මේ වගේ මිනිසුන්ව උඩදාගෙන හිටි අපතයින්ටයි.

:       211       353

sugath halloluvaThursday, 26 December 2019 12:58 PM

පෙරළුණු පිට හොඳයි කියනවා නේද...? ඔබගේ සමහර කමෙන්ට්ස් වල ඔය රාජිතගේ හොඳ කියලා තිබුණා පසුගිය වසරේ අමතකද...?

:       20       1

NuwanThursday, 26 December 2019 03:47 PM

කවද්ද කොහෙද.?

:       0       1

eresh S kumara Thursday, 26 December 2019 05:46 AM

බැරිද මෙයා වෙනුවට පුතාව ගන්න? එතකොට නිකන්ම රාජිත එයි හොයාගෙන. කොහොමද ටිකිරි මොලේ?

:       62       82

Uditha - London Thursday, 26 December 2019 06:22 AM

ඉතින් මෙතුමාගේ පුතාගෙන් හෝ බිරිඳගෙන් විමසීමක් කරලා නැද්ද කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා..? අනේ අප්පේ කොහේ ඉන්නවා ඇත්ද...? ගල් ගුහාවක් අස්සේ ලෙනක් අස්සේවත් ඉන්නවද දන්නේ නැහැනේ.. අනේ හරියකට කනවද බොනවද දන්නේ නැහැ නේද? හිනාවීමක් නෙමේ.. මේ තමා දිට්ඨධම්මවේද නියාය..

:       0       58

සෙන්දේ Thursday, 26 December 2019 06:45 AM

පුදුම බුද්ධි අංශයෙන් තියෙන්නේ.. කතාව සිංගප්පූරුවේ ඉන්න අයව අල්ලන් එන්න.. දවස් 2කට කලින් ලංකාවේ හිටිය ප්‍රසිද්ධ ඇමතිව හොයාගන්න බෑ.. නාට්ටිවල හොඳම එක මේ දවස්වල යන්නේ..

:       18       208

Mahesh Thursday, 26 December 2019 06:56 AM

සුදු වෑන් එකකම නැගලා ගිහින් එයා කිව්ව කිඹුල්ලු ඉන්න තැනට ගියාද දන්නේ නෑ! එක්කෝ එළිසබත් ගියා වෙන්නත් පුළුවන්.. ට්‍රෝලර් එහෙමත් තියෙනවනේ...

:       0       12

upali Thursday, 26 December 2019 07:03 AM

මෙයට වග කියන්න ඕන කතානායක. ඔහුට චූදිතයාව අත්අඩංගුවට ගන්න අවශ්‍ය බව කියන්න ඕනෑ නිසා එමගින් හොරුන්ට හැංගෙන්න තියෙන අවස්ථාව වැඩියි. රාත්‍රී කාලයේත් ගන්න එපානම්.. කරුණාකරලා කතානායක චූදිතයාව හොයලා දීමේ වගකීම බාරගන්න.

:       76       113

Kamal Thursday, 26 December 2019 07:21 AM

අපිට වුණා නම් අපේ බිරිදව හරි, ළමයෙක් හරි උස්සන් ගිහින් රිමාන්ඩ් කරයි ඒ වෙනුවට...!!!

:       0       25

MaheshThursday, 26 December 2019 01:04 PM

අනිවාර්යයෙන්ම. මේ ඔක්කොම එකම කණ්ඩායමක්. රාජිත මීට ඉස්සෙල්ලා පැවතුණු රාජපක්ෂ රජයේත් හිටපු ඇමති කෙනෙක්. ඡන්දේට විතරයි මේ ඔක්කොම.

:       3       1

buddhisena Thursday, 26 December 2019 11:43 AM

පොඩි පුතාගෙන් ඇහුවා නම් අනිවාර්යයෙන් කියනවා තාත්තා ඉන්න තැන. එයා අයියා වගේ බොරු කියන්නේ නෑ අම්මපා....

:       0       28

Bamunuarachchi Friday, 27 December 2019 03:24 PM

හාමුදුරුකෙනෙක් කියනවා දේශපාලන නෝනා කෙනෙකුගේ අැඳයට ඉඳලා අහුවෙලා කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 171 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 375 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 442 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 295 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 395 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 140 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site