IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගංජා නීති ලිහිල් කිරීමට ආගමික නායකයෝ එරෙහි වෙති

 (නිමල කොඩිතුවක්කු)

ගංජා  ප්‍රවර්ධනය කිරීමට, නීතිගත කිරීමට හෝ නීති ලිහිල් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට ආගමික නායකයෝ කොළඹදී අද (22) රජයෙන් ඉල්ලීමක් කළහ.

 ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආගමික නායකයින් මේ බව පැවසූහ.

 විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමට රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක ගංජා වගාව ප්‍රවර්ධනය කිරීමට ඇතැම් පිරිස් දරණ  උත්සාහය ගැන කණගාටුවට පත්වන බවද ආගමික  නායකයෝ එහිදී අවධාරණය කළහ.

 
ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායාක හිමියෝ, තිරිකුණාමලයේ ආනන්ද අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහනායක හිමියෝ සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

 එහිදී අදහස් දැක්වූ ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායාක හිමියෝ :

   “1912 වසරේ සිට ශ්‍රී ලංකා අමධ්‍යප මහාසභාව මත්ද්‍රව්‍යවලට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටිනවා. මත්කුඩු සහ මත්ද්‍රව්‍ය වලට එරෙහිව දැනට ගෙන යන වැඩපිළිවෙළ ගැන ජනාධිපතිවරයාට අමද්‍යප සභාව වෙනුවෙන් අපි ස්තුතිය පුද කරනවා.
 
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් තවදුරටත්  ශක්තිමත් කරලා මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම ගංජා සම්බන්ධ නීති දැඩිව ක්‍රියාත්මක කර  ගංජා රටින් තුරන් කිරීමටත් රජය සෑම උත්සාහයක්ම දැරිය යුතුයි. ගංජා සම්බන්ධව සිදුකරන සියලුම ප්‍රවර්ධන කටයුතු වහාම නවතා දැමීමටත් රජය කටයුතු කළ යුතුයි.
 
ගංජා වගාව ක්‍රියාත්මක වුණොත් සමස්ත ජාතියම විනාශයට පත්වෙනවා. ගංජා ප්‍රවර්ධනය වැළැක්වීමට මාධ්‍ය පියවර ගත යුතුයි. මේ ගංජා වගාව පිළිබඳ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය උවදුරින් රට මුදා ගැනීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට අනිකුත් ඇමතිවරු උදව් කළ යුතුයි.

ගංජා වගාව ප්‍රවර්ධනයට ඇතැම් පිරිස් දරන උත්සාහය මුළුමනින්ම පරාජය කළ යුතුයි. ඒ සඳහා රජයට විශාල වගකීමක් පැවරෙනවා” යැයිද උන්වහන්සේ එහිදී පැවසූහ.

තිරිකුණාමලයේ ආනන්ද අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහනායාක හිමියෝ :

 “මේ මත්ද්‍රව්‍ය ජාවාරම මහා ජාතික ව්‍යසනයක් බවට අද පත්ව තිබෙනවා. කිසිදු මත්ද්‍රව්‍යක් අපට අගය කරන්න බැහැ. ඇතැම් පිරිස් දේශීය ආයුර්වේදය ඉදිරියට දමාගෙන ගංජා ප්‍රවර්ධනය කරන්න කටයුතු කරනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ විජාතික බලවේග වල සූක්ෂම උපක්‍රමයක්.

දේශීය චින්තනය, දේශීය ආර්ථිකය පිළිබඳ මේ රජය විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ චින්තනය මුල්කරගෙන අවස්ථාවාදීන් ගංජා ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගන්න හදනවා.
පෞද්ගලික ආර්ථික වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පිරිස් මේ විදිහට කටයුතු කරනවා. එක එක්කෙනාගෙ නොමග යැවීම් මත ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා ගංජා  ප්‍රවර්ධනය කිරීම ගැන සිදුකරන ප්‍රකාශ පිළිබඳ අපි කණගාටු වෙනවා.

 රටට ආදරය කරන අනාගත පරම්පරාව ගැන හිතෙන කිසිවෙක් මේවට අනුබල දෙන්න එපා. දැනට තියෙන නීති රීති යටතේ ආයුර්වේද සංස්ථාවට අවශ්‍ය වගා කටයුතු සිදු කළ හැකියි. ඒ නිසා මේ ගැන වෙනම ප්‍රවර්ධනයක් නොකරන ලෙසට මහා සංඝරත්නය විදියට අපි ඉල්ලා සිටිනවා.

 විෂ මත්ද්‍රව්‍ය මර්දනයට එරෙහිව සියලු මාධ්‍යයත් එක්ව කටයුතු කළ යුතුයි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැම් පිරිස් මේවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා. ජාතිය ගැන කල්පනා කරල එවැනි ප්‍රචාරයන් ලබා නොදෙන ලෙසට අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා” යැයිද උන්වහන්සේ එහිදී පැවසූහ.

 මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් :

     “පහුගිය දිනවල ගංජා භාවිතය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් යම්කිසි මතයක් සමාජයේ ගොඩනැගිලා තිබුණා. ඒ මතය සමහර ඇමැතිවරුන්ට පවා ප්‍රකාශ කරල තිබුණා. ඇතැම් තානාපති කාර්යාල ජාත්‍යන්තර සංවිධාන පවා මේ පිළිබඳ සාකච්ඡා කරලා කියලා මාධ්‍ය වාර්තා පළ වුණා. මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක ගංජා ප්‍රවර්ධනය කිරීම ගැන අපි කණගාටුවට පත් වෙනවා.
 කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් රාජසූරිය මහතා.
 
 “බිං කොහොඹ, වල්ලපට්ට ප්‍රවර්ධනය කිරීමට නැති උනන්දුවක් ගංජා ප්‍රවර්ධනය කිරීමට අද ඇතිවෙලා තියෙනවා. මම දන්න හැටියට ගංජා ඖෂධයක් නෙමෙයි. ඖෂධ සෑදීමේ අමුද්‍රව්‍යයක් විදිහට ඉතා සුළු ප්‍රමාණයක් යොදා ගන්නවා. බරපතළ මානසික රෝග අනතුරු වලට ගංජා භාවිතය හේතු වෙනවා කියලා සොයාගෙන තියෙනවා.

අපේ රටේ ගංජා නීතිගත කිරීමට විශාල උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ජාත්‍යන්තර බහුජාතික සමාගම් මෙහි පිටුපසු ඉන්නවා. ගංජා ප්‍රවර්ධනය කරලා ආර්ථික අරමුණු ජය ගැනීම ඔවුන්ගේ අරමුණයි.
 
ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ නියෝජ්‍ය සභාපති විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය.
 
    “විෂ මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයට සියලුම ලාංකිකයන්ගේ සහය ලැබී තිබෙනවා. ගංජා ප්‍රවර්ධනය කිරීමට ඇතැම් අය දරන දරණ උත්සාහය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනියි.
 
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය හය ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ගෙන් 6000 ක් පමණ සිරගත කර තිබෙනවා. ගංජා වගාව නීති ගත කලොත් සැපයුම සහ භාවිතය වැඩි වෙනවා. ගංජා නීතිගත කර ඇති රටවල මානසික රෝග, ළමා අපචාර වැඩිවෙලා තියෙනවා කියලා සමීක්ෂණ වලින් හෙළි වෙලා තියනවා. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (17)

ගංජා නීති ලිහිල් කිරීමට ආගමික නායකයෝ එරෙහි වෙති

Dilan Tuesday, 22 September 2020 10:58 AM

අනිකුත් ආයුර්වේද ඖෂධ වලට නැති කැක්කුමක් ගංජා වලට තිබීම නම් විහිළුවක්.

:       7       13

Dilan Tuesday, 22 September 2020 11:01 AM

අනිකුත් ආයුර්වේද ඖෂධ වලට නැති කැක්කුමක් ගංජා වලට තිබීම නම් විහිළුවක්. සමහරුන්ට අනුව ගංජා වලින් රට දියුණු කරන්න පුළුවන්. ගංජා ගහලා උඩ බලාගෙන හිනා වෙවී හිටියම රට දියුණු වෙනවලු. ස්වයං විනයක් නැති රටක ඕවා කරන්න ගියොත් වෙන්නේ මහා විනාශයක්..

:       1       0

some ayiya Tuesday, 22 September 2020 11:18 AM

ගංජා වලට වඩා සිගරට් අහිතකර බව කියන්න ඔබට කටක් නැහැ. සිගරට් සමාගම් එහෙම ලොකු මුදලක් දෙනවා ඇති නේද ඒකට?

:       7       17

LamalTuesday, 22 September 2020 01:20 PM

සිගරට් අලවිය සීග්‍රයෙන් පහල යමින් පවතිනවා. ඒ නැතිවන ආදායම උපයන්න තමයි ඔවුන් ගංජ ප්‍රවර්ධනය කරන්නෙ. හැබයි වැඩේ කරන්නෙ තිරය පිටිපස්සෙ ඉදන්.

:       1       0

LamalTuesday, 22 September 2020 01:20 PM

සිගරට් අලෙවිය සීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. ඒ නැතිවන ආදායම උපයන්න තමයි ඔවුන් ගංජා ප්‍රවර්ධනය කරන්නේ. හැබයි වැඩේ කරන්නේ තිරය පිටිපස්සේ ඉඳන්..

:       6       3

සෑම් Tuesday, 22 September 2020 11:43 AM

රටේ ගංජා පාවිච්චි කරන 69 ලක්ෂය තමයි රාජපක්ෂලා බලයට ගෙනාවේ. ඒ හින්දා ඔවුන්ට කන්න වෙන්නැති වවන්නේ.

:       15       10

jayantha siriwardena Tuesday, 22 September 2020 12:12 PM

ගෝඨා ආණ්ඩුවේ විශ්ම කර්මයින් මෙන්න එළියට ඇවිත්. දැන් තිරගතවන අලුත්ම නාඩගම. මොවුන් තමයි ආණ්ඩුවේ අයිතිකාරයෝ..

:       6       6

manju Tuesday, 22 September 2020 12:30 PM

අප රටේ සිද්දවෙන හැම අපරාධ හා දූෂණවලට හේතුව ගංජා භාවිතයන්... බිඳවැටී ඇති මානසික තත්වය නිසා ගංජා අපේ සමාජයෙන් තුරන් කළ යුතුයි.

:       3       5

manju Tuesday, 22 September 2020 12:41 PM

අපේ රටේ සිද්දවෙන හැම අපරාධ සහ දූෂණ වලට මුල ගංජා භාවිතයන් තමයි. බිඳවැටී ඇති මානසික තත්වය නිසා ගංජා අපේ සමාජයෙන් තුරන් කළ යුතුයි.

:       1       0

kushantha senadhira Tuesday, 22 September 2020 12:53 PM

යම පාලනයේ කස කාරයෝ ගංජා වලට විරුද්ද වී ඇත.

:       0       1

Nuwan Tuesday, 22 September 2020 01:02 PM

ගංජා දුන්කොල වලට වඩා වැදගත් බෙහෙතක් බව මෙතන ඉන්න අය දන්නේ නැද්ද.?

:       0       1

Nuwan Tuesday, 22 September 2020 01:02 PM

ගංජා, දුම්කොළවලට වඩා වැදගත් බෙහෙතක් බව මෙතන ඉන්න අය දන්නේ නැද්ද? සිගරට් කෝටි ගණන් විකුණන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. පහුගිය ටිකේ ඡන්දය තියාගන්න ඕනෑ වෙලා මත්පැන් හල් ඇරියේ හෝ ගාලා.

:       0       0

තුසිත Tuesday, 22 September 2020 01:12 PM

හරි අපූරුයි... අගරඳගුරු හිමිපාණන් දකින්නත් ආසයි. ඉස්සර ලංකාවේ අය පාවිච්චි කලේ ගංජා තමයි.

:       0       1

asanga Tuesday, 22 September 2020 01:31 PM

අපේ හිරගෙවල් සහ මානසික රෝහල් දිහා හොඳට බලන්න.

:       1       1

විජේ Tuesday, 22 September 2020 01:51 PM

ජීවිතේට තමන් පාවිච්චි නොකරපු දෙයකට (විශේෂයෙන් බෙහෙතක් විදිහට ඇත්තටම වැඩ කරන දේකට) විරුද්ධ වීම ගොඩක් කණගාටුවට කාරණයක්... මේකේ හැබෑ වටිනාකම නොදන්න නිසයි මේ විදිහට විරුද්ධ වෙන්නේ... නියම ප්‍රමිතියකට වැවූ කංසා, නියමිත මාත්‍රාවට පාවිච්චියේ අවාසි වලට වඩා වාසි වැඩිබවයි මගේ අදහස...

:       5       27

කල්පනාWednesday, 23 September 2020 01:23 AM

විජේගේ අදහස ඉතාම නිවැරදියි කියන්න පුළුවනි. අතීතයේ සුද්දන්ට එරෙහිව සටන්කල විරුවන්ට ශක්තිය ලැබුනේ මෙම කියන කංසා හෙවත් ගංජා නිසා කියලා අහපු බවක් මතකයේ තියෙනවා. කොහොම වුණත් මෙම ඖෂධය තහනම් කලේ නිදහස ලැබීමට ආසන්න කාලයේ සුද්දන් නේද? එසේ කලේ දේශීය වෙදකම නැතිකරන්න කියලා ජනතාව සිතනවා.

:       0       1

MISHAL -MATARA Wednesday, 23 September 2020 07:04 AM

ඇයි "ගංජා " විතරක්..? සියලුම මත්ද්‍රව්‍ය තහනම් කළ යුතුයි . ඇයි එහෙම මාධ්‍යයට කියන්න බැරි.? නමට විතරක් අමධ්‍යප සංගම්..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 224 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 493 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 589 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 365 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 444 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site