(ඩයනා උදයංගනී)
කොළඹ නගරයේ වායුගෝලීය දුවිලි අංශු ප‍්‍රමාණය ඉදිරි දිනවල යළිත් ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
විශේෂයෙන්ම හෙට (27) සිට ලබන 2 වැනිදා දක්වා දින 5 තුළ උදෑසන කාලයේ දී මෙම තත්ත්වය පැවතිය හැකි බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය.
වායුගෝලයට එක්වන දුම් ආදිය හේතුවෙන් වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යන අතර සුළඟ සමඟ ඒවා පාව යාම හේතුවෙන් වායුගෝලය සාමාන්‍ය වන බවත්, මෙම දිනවල පවතින සුළං රටාවේ වෙනස්වීමක් හේතුවෙන් එසේ වායුගෝලීය අංශු ප‍්‍රමාණය පාලනයවීම නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම දිනවල පහළ වායුගෝලයේ සුළං එක් දිශාවකටත්, ඉහළ වායුගෝලයේ සුළං තවත් දිශාවකටත් හැමීම හේතුවෙන් වායුගෝලීය අංශු ඉහළ වායුගෝලය කරා නොයා පහළ වායුගෝලයේම රැඳී තිබීමෙන් මෙසේ වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යන බව ද ප්‍රේමසිරි මහතා පැවසීය.
විශේෂයෙන්ම උදෑසන කාලයේ දී වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යාමට හේතුව විශාල රථ වාහන ප‍්‍රමාණයක් කොළඹ නගරයට ඇතුළුවීම බව ද ඒ මහතා ප‍්‍රකාශ කළේය.
පසුව උණුසුම ඉහළ යාම හෝ වැසි ඇතිවීම ආදිය දහවල් කාලය වන විට එම අංශු ප‍්‍රමාණය තරමක් අඩුවන බව ද හෙතෙම කීවේය.
සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 - 70 අතර අගයක් ගන්නා අතර එම අගය 100 ඉක්ම වුවහොත් වායුගෝලීය දූෂිත තත්ත්වයක් ලෙස හඳුන්වන බව ප්‍රේමසිරි මහතා ප‍්‍රකාශ කළේය.
මෙම තත්ත්වය දිනය පුරාම හෝ පැය කිහිපයක කාලයක් පැවතිය හැකි බව ද හෙතෙම කීවේය.
මෙවන් තත්ත්වයක් පවතින අවස්ථාවකදී ශ්වසන රෝග ඇති අය, කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් ආරක්‍ෂාකාරී විය යුතු බවද සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.
එවැනි අය වැඩි වශයෙන් එළිමහනේ ගැවසීමෙන් වැළකීම, මුව ආවරණ භාවිතය, ශරීරය වෙහෙසට පත්නොකිරීම ආදී ආරක්‍ෂිත පියවර ගැනීම සුදුසු බව ද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා කීවේය.
ඉකුත් මාසයක පමණ කාලයේ දී කිහිප වරක්ම මෙලෙස කොළඹ නගරයේ වායුගෝලීය දූෂණය ඉහළ අගයක් ගත් අතර පසුගිය වසරේ ද දෙසැම්බර් මාසයේ දින තුනක පමණ කාලයක් මෙවැනි තත්ත්වයක් වාර්තා වූ බව ප්‍රේමසිරි මහත සඳහන් කළේය.
මෙවැනි කාලවලදී රථ වාහන භාවිතය අවම කිරීමට ක‍්‍රියාමාර්ග ගැනීම ආදිය මගින් වායුගෝලය ආරක්‍ෂා කරගැනීමට පියවර ගත හැකි නම් එය ඉතා වැදගත් බව ද හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොළඹ වායු දූෂණය යළිත් ඉහළට
Athula Tuesday, 26 November 2019 03:23 PM
ඔන්න අපේ ජනාධිපතිතුමාට කරනවානම් මෙහි බරපතලකම වැටහෙනවානම් මේක නතරකරන්න දැඩි පියවර ගන්න කියල අපි ඉල්ලා සිටිනවා
sharm warn Wednesday, 27 November 2019 04:12 AM
අලුත් ජනාධිපති ට නගර සැලසුම ගැන අවබෝධයක් තියෙන නිසා මෙන්න හොද අවස්ථාවක්. අනේ කරුණාකරලා කොළඹ නගරයට එන කාර් ගණන අඩු කරන්න. නගරයේ ඉදලා අඩු ගානේ කිලෝමීටර් 10ක් දුරින් කාර් නවත්තලා කොළඹට (SHUTTLE බස් ) කෙටි දුර ධාවන බස් රථ යොදන්න. අනිත් එක මේ ඉවක් බවක් නැතිව හැදෙන සුපිරි මහල් නිවාස ගොඩ නැගීම නවත්වන්න. (මේක කාලීන අවශ්‍යතාවයක් නොවේ. ලොකු සමාජ හානියකට පාර කැපීමක් විතරයි. සුපිරි නිවාස වලට ආයෝජනය කරන්න ඉන්නේ 20% ක් විතරයි ) මේ සිමෙන්ති කඳු වලිනුත් පරිසරයට ලොකු ධුවිලි කන්දක් එකතු වෙනවා වගේම මෙතෙක් කල් ආපු මුහුදු සුළඟ දවසින් දවස අවහිර වෙනවා. කොළඹ බේසමක් වෙලා නිසා තමයි මේ කවදාවත් නොවුණු විදියට වායු දුෂණය ඉහල ගිහින් තියෙන්නේ. වහාම ක්‍රියා කරන්න.