IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘කොළඹ ආරක්ෂක සමුළුව 2019’ ඇරැඹේ

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා යුද හමුදාව අඛණ්ඩව නවවැනි වරටත් සංවිධානය කළ ‘කොළඹ ආරක්ෂක සමුළුව’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ආරම්භ විය.

‘සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය’ යන තේමාව යටතේ මෙවර ‘කොළඹ ආරක්ෂක සමුළුව 2019’ පැවැත්වේ.

සමුළුවේ ආරම්භක සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සැසියේ පිළිගැනීමේ කතාව කළේය.

ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතා ඉන් පසුව අදහස් දැක්වීය. හවායිහි ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ ආදී විද්‍යාර්ථියකු, මාධ්‍යවේදියකු, ව්‍යවසායකයකු, හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ රචකයකු සහ උපායමාර්ගික කටයුතු පිළිබඳ විශ්ලේෂකයකු වන නිතින් ඒ ගෝකලේ මහතා ආරම්භක සැසියේ මුඛ්‍ය දේශනය පැවැත්වීය. 

දෙදිනක් මුළුල්ලේ පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව’ සැසිවාර හතකින් සමන්විතය. දෙවැනි දිනයේ තෙවැනි සැසිවාරයේදී සමුළුවට සහභාගී වන්නන්ගේ ඉදිරිපත් කිරීම් කෙරෙන අතර එදින අවසන් සැසියේදී විශේෂඥ මඬුල්ලක් ඔවුන්ගේ අදහස් දැක්වීම් කිරීමට නියමිතය.

සමකාලීන ආරක්ෂක වටපිටාව: ගැටුම් හෝ සහයෝගීතාව, ත්‍රස්තවාදය මැඬලීම, හමුදා නවීකරණය, සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ හමුදාව සූදානම් කිරීම යන උප මාතෘකා යටතේ සැසිවාර පැවැත්වේ. 
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අමල් ජයවර්ධන , විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්.එම්.ජි.එස්. පලිහක්කාර , බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය හරින්ද්‍ර විදානගේ , හිටපු තානාපති, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු ,  පාත් ෆයින්ඩර් පදනමේ ඉන්දු- ලංකා සබඳතා පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ උපදේශක සභාවේ සාමාජික සහ චීනයේ සිචුවාන් විශ්වවිද්‍යාලයේ සහ ලෙෂාන් විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයකු මෙන්ම චීනයේ හයිකුහි දකුණු චීන මුහුදු අධ්‍යයන පිළිබඳ ජාතික ආයතනයේ අතිරේක මහාචාර්යවරයෙකු වන අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික) යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් දේශකයන් 25කට වැඩි පිරිසක් මෙහිදි අදහස් දැක්වීමට නියමිතය. 

රටවල් 40කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් හමුදා හා හමුදා නොවන 800කට ආසන්න පිරිසක් මෙම සමුළුවට සහභාගී වී සිටිති. 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්, තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් ආරම්භක සැසියට එක්ව සිටියහ. සමුළුව හෙටින් (30) අවසන් වේ. 
 
 (ඡායාරූප - ළහිරු හර්ෂණ )



අදහස් (5)

‘කොළඹ ආරක්ෂක සමුළුව 2019’ ඇරැඹේ

sirimal Thursday, 29 August 2019 08:12 AM

රටේ ආරක්ෂාවක් නැහැ කියලයි ඡන්දෙ ඉල්ලන සමහරු බෙරිහන් දෙන්නේ...

:       1       31

isuru Thursday, 29 August 2019 08:46 AM

මේවා මෙයා ඡන්ද ප්‍රචාරණ කටයුතු විදියට බාවිතා කිරීම සාදාචාරාත්මකද ? මොකද මෙයා කිච්වේ යහ පාලනේ ගෙනාවා කියල නේ. එකයි මට කණගාටු.

:       0       0

kamil Thursday, 29 August 2019 08:47 AM

මේවා දකින කොට මහින්ද 2ත් නොවේ.... 3...

:       0       0

jagath Thursday, 29 August 2019 08:49 AM

මෙයා සෝබන වැඩ වලින් මහින්දව පරදවලා ඉවරයි ....

:       0       0

upali Thursday, 29 August 2019 09:50 AM

ඔය ව්‍යාපෘතිය පටන්ගත්තේ ගෝඨා නොවේද?

:       2       6

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 120 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 275 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 321 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 247 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 353 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 126 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site