IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙකුට විනය පියවර

(දයාසීලි ලියනගේ)
 
කැබිනට් නොවන ඇමැතිවරුන් දෙදෙනකු එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් මාධ්‍යවලට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ලිඛිතව දන්වා ඇතැයි  පක්ෂයේ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායකත්වය, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ වැඩපිළිවෙළ හා ක්‍රියාමාර්ග විවේචනය කළැයි අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ යන ඇමැතිවරුන්ට විනය පියවර ගන්නා බවට මෙලෙස ලිඛිතව දැනුම් දී ඇත.

ඇමැතිවරුන් දෙදෙනාට අද (27) එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් මෙම ලිපිය යොමු කර තිබේ.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් සැප්තැම්බර් 9 වැනිදා හෝ ඊට පෙර ලිඛිත කරුණු දක්වන ලෙසටත්, එම කරුණු දැක්වීම පක්ෂයේ විනය කමිටුවට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ලබන බවත් පක්ෂ ලේකම්වරයා එය ලිඛිතව දන්වා තිබේ.



අදහස් (16)

කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙකුට විනය පියවර

මලගල Tuesday, 27 August 2019 09:53 AM

සජිත්ට මොවුන් වෙනුවෙන් පෙනී ඉන්න තරම් කොන්දක් තියෙයිද? කලින් වතාවල වල වගේ මඟ අරීවිද?

:       0       0

aruna Tuesday, 27 August 2019 09:55 AM

අත්‍යවශ්‍ය පියවරක්.

:       0       0

රවින් Tuesday, 27 August 2019 10:20 AM

විනය කියන කාරනාව පක්ෂ, විපක්ෂ , උසස් ,පහත්, ජාති ,කුල ,ආගම්, පිරිමි, ගැහැණු, යන ආදී වශයෙන් වෙන් නොකළ යුතුය. විනයක් නැති තැන කිසිම වැඩක් හරියට කෙරෙන්නේ නැත. රටේ මිනිසුන් හැමදාම තියන්න ඕනේ ගැලරියේ කියලා හිතාගෙන කට වාචාල දෙඩුවහම හරියන්නේ නැහැ. මොකද පොදු ජනයා බැල්කනියට ගිය දවසට (වැඩි ඈතක් නොවේ ) කට වාචලයින්ට ගැලරියෙවත් ඉන්න බැරි වේවි.

:       0       0

Channa Tuesday, 27 August 2019 10:23 AM

ඇත්ත කියන්න බය වෙන්න ඕන නැහැ

:       0       0

mp Tuesday, 27 August 2019 10:23 AM

මේ ආණ්ඩුවේ අය කථා කරන විදියට හිතෙන්නේ මේ ඔක්කොම පක්ෂයේ නායකයා විදියටයි. ඒ තරම් ගැම්මෙන් තමයි ඒ අය කථා කරන්නේ. දේශපාලකයන්ට දැන් චාරයක් ඇත්තේම නැහැ.

:       0       0

sirimal Tuesday, 27 August 2019 10:51 AM

එතකොට පක්ෂයේ අනුමැතියක් නැතුව තනියම රේස් එකක් දුවන්න හදන එක්කෙනාට විනය ක්‍රියාත්මක කරන්න බයයිද? හේෂා විතානගේ කියල තියෙනවා "පසුගිය 22 වනදාට පෙර කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරවා ගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සජිත් පාර්ශ්වයේ කැරලි නායක මලික් සමරවික්‍රමට දැනුම් දී තියෙනවා කියල. එහෙම උනානම් ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ අගෝස්තු 23 සිකුරාදා දිනයේ සජිත් ප්‍රේමදාස මහතාව අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීමයි කියලත් කියනවා."අගෝස්තු 30 වනදා වනවිට සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් සජිත් පාර්ශ්වය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවත් " කියනවා. මේ සේරමදේ සිකුරාදාට වෙන්නේ මොකද කියලත් සමහරු අහනවා. ඒ අතර මාරාන්තික උපවාස සහ සිරිකොත වැටලීම් වගේ දේත් වෙනවාලු. මණ්ඩලේ කචල් වගෙයි.

:       0       112

විනිවිද Tuesday, 27 August 2019 10:56 AM

අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ දෙදෙනාටම විනය පරීක්ෂණ තබා ඔව්න් සිටින්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුවද නොඑසේනම් වෙනත් අරමුණු අරබයද කියා සොයාබැලීම කල යුතුය. නමුත් මොවුන් කියන කරන දේ කිසිවක් වැදගත් නොවන නිසා එක්සත් ජාතික පක්ෂයා කලබල වන්නේනැත.

:       0       0

Senarath Tuesday, 27 August 2019 11:00 AM

අ මේ කෙසෙල් සුජීව නේ. මෙයා නේද ගංවතුරෙන් විපතට පතුවන්ට නම ගහල කෙසෙල් ගෙඩිය ගානේ දුන්නේ.

:       0       0

Buddika Tuesday, 27 August 2019 11:03 AM

පුලුවන්නම් කාපල්ලා යුඑන්පි එක. ඔය ඇමතිවරු දෙන්නම යුඑන්පි ඡන්දදායකයෝ අතර ප්‍රසාදය දිනපු අය.

:       0       0

nuwan Tuesday, 27 August 2019 11:13 AM

ඔය දෙන්නා එලවලා දාන්න ඕනි පක්ෂය ආරක්ෂා කර ගන්න නම්...

:       0       0

චමින්ද Tuesday, 27 August 2019 11:19 AM

මේ දෙන්නා කලේ විවේචනය කරමින් පක්ෂයට හානි කිරීම වුවත් නියෝජ්‍ය නායකයා පක්ෂය හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය නැතිවම මම ඉදිරිපත් වෙනවා කියමින් පක්ෂයට හානි කිරීම මෙයට වඩා භයානක තත්වයක් ඔහුට මෙතරම්වත් විනයක් නැති බව පේනවා. ඇයි ඔහුට විනය පියවරක් නොගන්නේ.

:       0       0

SAMPATH Tuesday, 27 August 2019 11:38 AM

ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න..

:       0       1

de silva Tuesday, 27 August 2019 11:59 AM

මේ දෙන්නට විරුධව විතරද විනය පරීක්ෂණ තියන්නේ ?

:       0       0

සමන්ත Tuesday, 27 August 2019 02:00 PM

පක්‍ෂ විනය අනුව කටයුතු කල නොහැකි නම්, ඉවත් කළ යුතුය​.

:       0       0

එරා Tuesday, 27 August 2019 06:53 PM

අකිල මිලියන ගනං විනාශ කරලා පොත් අච්චු ගැහුවට මොකදකරන්නෙ?

:       1       0

thilakasiri Wednesday, 28 August 2019 05:09 AM

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් හදන්නේ කණ්ඩායමක් ලෙස වැඩ කර පක්ෂ සාමාජිකයින්ගේ දුර්වලකම් පාලනය කර ඔවුන්ගේ වටිනාකම් මතුකර උපරිම උසසස් සමාජ සේවයක් කිරීමටය.සාමාජිකයින් ක්‍රියා කලයුතු නීති පද්දතියක් ඇත්තේ එනිසය.පක්ෂයක කිසිවෙකු හෝ පිරිසක් ඒ නීති උල්ලංගනය කර අත්තනෝමතිකව ක්‍රියා කලහොත් තරාතිරම නොබලා ඒ නීති පද්දතිට අනුකුලව ඔවුන්ට එරෙහිව විනය පිවර ගත යුතුමය. එසේ නොකලොත් පක්ෂයක් පවත්වාගත නොහැක. මේ දෙදෙනා පමණක් නොව සජිත් ඇතුළු කල්ලියම පක්ෂය අනුමැතියකින් තොරව ජනපති අපේක්ෂකයා ලෙස සජිත් පත්කරගැනීමට අත්තනෝමතිකව ක්‍රියාකරමින් පක්ෂයේ නායකත්වය හා පක්ෂයේ මතය නොසලකා හැරීම බරපතල වරදක් මෙන්ම පක්ෂය හැල්ලුවට පත්කරන බරපතල මන්ද බුද්ධික හා හානිපුරක පුර්වාදර්ශයක් බැවින් මොවුන්ට එරෙහිව වහාම වින්යනුකුල පියවර ගෙන මුළු රටම බලාසිටින පක්ෂය ඉදිරිපත්කරන්නට යන සුදුසුම ප්‍රජාතන්ත්‍රවාදී ජනපති අපේක්ෂකයා නම් කිරීමට කාලය එළඹ ඇත. විධායකය හීන කර ස්වාධින් කොමිෂන් ඇතිකර රාජ්‍ය යන්ත්රණයෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඇති වත්මන් එජාප රජයට බුධිමත් ජනප්‍රසාදය නොඅඩුව ඇත. සජිත් ඇතුළු කල්ලිය නැති උනත් ජනපතිවරණය දිනාගත හැකිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 349 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 725 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 893 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 489 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 538 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 191 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site