IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කඩුවෙලට ගෙනා වැසිකිලි අපද්‍රව්‍ය වහාම ඉවත්කරන්න නියෝග

 
(විනීතා එම් ගමගේ)
 
කඩුවෙල වෙලේ හන්දිය ආසන්නයේ පහත් බිමකට මුදාහැර ඇති වැසිකිලි අපද්‍රව්‍ය ගෙනැවිත් දැමූ සමාගම ලවා වහා ඉවත් කරවන්නැයි නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල් ඒ ගීතාල් මහතා විසින් නවගමුව පොලිසියට නියෝග කර ඇත.
 
 මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙම පියවර ගෙන ඇත.
 
 කැලණි ගඟට මීටර් සියයක් දුරින් තැනිතලා බිමක පෞද්ගලික සමාගමක් විසින් ගෙනැවිත් දමන ලද ගලි බවුසර් 30ක් පමණ වූ මෙම වැසිකිලි අපද්‍රව්‍ය හේතුවෙන් කැලණි ගෙඟ් පානීය ජලය අපවිත්‍රවීමේ අවදානමක් ඇති බව නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පෙන්වා දීමෙන් පසු ඔහු මෙම නියෝගය දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා පැවැසීය.
  
මෙම අපද්‍රව්‍ය ගෙනැවිත් දමන ලද ඉඩම අපද්‍රව්‍ය දැමීම තහනම් කරන ලද ඉඩමක් බවත් එය කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් වර්ෂාවත් සමඟ අපද්‍රව්‍ය ගඟට මුසුවන බවත් කී සභාපතිවරයා මේ පිළිබඳව අධිකරණ ක‍්‍රියාමාර්ග ගත් නමුත් ඊට අදාල නීතිමය කටයුතු 9 වැනිදා සිදු නොවන බව අධිකරණය දැනුම් දුන් බැවින් මෙසේ ඉක්මන් පියවර ගත් බවත් කියා සිටියේය.
 
 අද හෙටම අදාල සමාගම විසින් එම අපද්‍රව්‍ය ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එය නවගමුව පොලිසිය මැදිහත් වී කරවනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවැසීය.



අදහස් (7)

කඩුවෙලට ගෙනා වැසිකිලි අපද්‍රව්‍ය වහාම ඉවත්කරන්න නියෝග

Mahee Friday, 10 April 2020 11:25 AM

තහනම් ඉඩමක ජරාව දාල යන එකවත් නවත්වන්න බැරි අධිකාරියක් මොකටද? අපේ බොහොමයක් අධිකාරි ආයතන. අල්ලස් කොමිසමට අල්ලන්න පුළුවන් හපන්න බෑ. ඒ වගේ තමයි. නීතිමය බලතල දෙනවා වගේම, ක්‍රියාත්මක කිරීමේ බලතලත් දෙන්න ආණ්ඩුවට බැරි ඇයි?

:       0       0

රවින් Friday, 10 April 2020 12:14 PM

මොන ඉල්ලීම්ද? කුදලාගෙන ආවා ඔය කියන සමාගමේ අධ්‍යක්ෂවරු, මලපහ දැමු ඉඩමේ දින 28ක් නිරෝධායනයට ලක් කළා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ සැබවින්ම නොරෝධායනයට ලක් කල පොදු ජනයාට ලැබෙන තරු පන්තියේ සැලකිලි කිසිවක් නැහැ. කෑම බිම අසනීප වුවොත් බෙහෙත්හේත් ගමන් වියදම් තම වියදමින් වගේ සුලුසුලු තරු හතේ පන්තියේ සැලකිලි තමා. කැමතිනම් විතරක් " කුම්බලා මාළු කැවානම් දිරවාපන් බළලෝ" කියලා නළලේ පච්ච කොටනෙක.

:       0       0

Keppetipola Friday, 10 April 2020 01:00 PM

කරුණාකර මේ අසික්කිත සමාගමේ නම හෙළි කරන්න...

:       0       0

gihan Friday, 10 April 2020 01:01 PM

මෙක හිතාමතා සිදුකළ දෙයක්...

:       0       0

wasantha Friday, 10 April 2020 01:17 PM

මේ සඳහා රජයේ පරිපාලන වියදම හා රු: ලක්ස 10 - 100 දක්වා දඩයක් එකතුකර දෙසතියකින් ගෙනගියේ නැත්නම් දඩය වැඩි කරන බව කිය යුතුය... මෙය අධිකාරියේ සාමාන්‍ය දඩ ක්‍රමය විය යුතුය. පත්තර වල දමන්න පෙර අධිකාරිය ක්‍රියා මග ගත යුතුය...

:       0       0

karu Friday, 10 April 2020 02:25 PM

ඔය ජරාව ගෙනාපු කට්ටියට කවන්න ඕනා.

:       0       0

අනුර Saturday, 11 April 2020 07:45 PM

කොතලාවල හරියෙ ඉන්න මිනිස්සුන්ගෙ බඩු හොරකන් කරන මිනිස්සුන්ට කරදරයක් උන කුඩුකාරයව අල්ල ගන්න බැරි නවගමුව පොලීසිය ලොකු ලොකු කොම්පැනි වල මිනිස්සු අල්ලයි. පිස්සු තමයි අන්න ලගදිත් අහින්සක මනුස්සයෙක්ගෙ ටයිල් පෙට්ටි වගයක් හොරකන් කරල අහුවෙලාලු. මහත්තයො කරන්න බැරිනම් හමුදාවට බාර දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 265 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 582 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 687 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 399 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 471 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 167 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site