IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


එජාප නායකයන් අවසන් තීරණයකට


 
(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

 
එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිවෙකුත් නම් නොකිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අද (3) දහවල් අවසන් තීරණයකට එළැබිණි.


එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඉහත තීරණයකට එළැබියේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ විශේෂ සාකච්ඡාවකදීය.


එක්සත් ජාතික පෙරමුණ විසින් එළැබි ඉහත තීරණය අද සවස පැවති සාකච්ධාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන් දැනුම් දීමට ද පියවර ගැණිනි.


එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ හයේම නායකයෝ ඉහත තීරණය ගත් සාකච්ඡාවට සහභාගී වු බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.


එක්සත් ජාතික පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ නායකයා තීරණය කිරිමේ බලය කිසි ලෙසකින්වත් ජනාධිපතිට නොදෙන බව අවධාරණය කළ මනෝ ගනේෂන් මහතා ජනාධිපති කැමති වුණත් නැතත් පාර්ලිමේන්තුවේ බහුතර සහය හිමි මන්ත්‍රීවරයා රටේ අගමැතිවරයා ලෙස නම් කළ බවද කීවේය.



අදහස් (20)

එජාප නායකයන් අවසන් තීරණයකට

sirimal Monday, 03 December 2018 10:11 AM

උසාවියෙන් "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට" අතුරු නියෝගයක් නිකුත්කරලා. දැන් ඉතින් හැමදෙයක් ගැනම මෙච්චර කාලයක් කිව්වා වගේ "රනිල් අගමැති වුනොත් එක විනාඩියක්වත් ජනාධිපතිකමේ ඉන්නේ නැහැ" කියලා කිව්වේ විහිළුවට කියලා තමයි කියන්න වෙන්නේ...

:       543       1013

wedage Monday, 03 December 2018 10:23 AM

රට විනාශ වුනත් කමක් නෑ ඔබලාගේ නායකයා තමයි ඕනේ

:       2       5

දිල්මු Monday, 03 December 2018 10:25 AM

පාර්ලිමේන්තුවේ බහුතරය නෙමෙයි, දෙමළ සහ මුස්ලිම් බහුතරය කියල දාන්න ඒ අයට ඕනදේ කරගන්න පුළුවන් කෙනාව එපැයි අගමැති කරන්න. ඊට පස්සේ ඒ අයට රජ මගුල්. අපි යන්නම් වෙන රටවලට. ඕකේ ඉන්න කාලකන්නි 225 අහන්නේ රටේ ජනතාවගෙන් අහපල්ලකෝ ඡන්දයක් තියලා. ඕකේ ඉන්න අය රට ගැන හිතල තීරණයක් ගත්තේ කවද්ද? මේ රටේ ජීවත් වෙන මිලියන 21ක ජනතාවගේ අනාගතේ මේ නූගත් කසිප්පු කාරයන් කනවා කියල විතරයි මට හිතෙන්නේ. හොඳක් නම් වෙන්නේ නෑ. අපේ ළමයින්ගේ අනාගතේ කනවට...

:       3216       3324

wikiMonday, 03 December 2018 10:54 AM

දෙමළ, මුස්ලිම් කියන්නේ මේ රටේ ජනතාව නොවේද?

:       241       386

januMonday, 03 December 2018 11:53 AM

ඒ අය රටේ ජනතාව තමයි... ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය අනිත් ජාතින් රටේ ජනතාව විදිහට හිතන්නේ නැති එකයි.

:       446       509

සමන්තMonday, 03 December 2018 12:03 PM

ජාතිවාදී රස්තියාදු කාරයින්ට වඩා දෙමළ මුස්ලිම් වැඩකරන, බදු ගෙවන ජනතාව රටට වටිනවා. ඒ මිනිස්සු බදු ගෙවන නිසා ඔබලා වගේ මිනිස්සු බෙහෙත් පෙත්තක් වත් ගන්න...

:       452       487

nisarMonday, 03 December 2018 12:43 PM

මට ඇමරිකන් සිටිසන්ෂිප් දෙනවානම් දැන් වුණත් කමක් නැහැ පන්නන්න..

:       1       19

BamunuarachchiMonday, 03 December 2018 04:48 PM

ට්‍රම්ප් මහතා කැමති නැහැ ඕගොල්ලන්ට පුරවැසිභාවය දෙන්න. අපිත් කැමති නැහැ මෙහෙ පුරවැසිභාවය දෙන්න. ඉන්දියාවම තමයි ඕගොල්ලන්ගේ එකම පිහිට.

:       1       0

අනුර පැස්කුවල් Monday, 03 December 2018 01:33 PM

මේ රටේ ජීවත්වන දමිළ මුස්ලිම් ජනතාව නොරටුන් විදියට සලකන මේ උදවියම අහනවා දමිළ මුස්ලිම් වීම නිසාම ඔවුන්ට තිබෙන ප්‍රශ්න මොනවද කියලා. ඊළඟ විහිලුව තමයි පිටරටවල ජීවත්වෙන මේ කතා කියන කට්ටියම, අරාබියගෙන් හරි සුද්දාගෙන් පොඩි කෙනෙහිලි කමක් වූ ගමන් අන්ත කුණුහරපෙන් ඔවුන්ට බැනවැදීම...

:       2       8

BamunuarachchiMonday, 03 December 2018 04:26 PM

ඔබත් පැස්කුවලනේ එහෙම කීවාට ප්‍රශ්නයක් නැහැ නමුත් ආරච්චි කෙනෙක් කීවානම් තමයි අපිට තරහා යන්නේ.

:       1       0

Hafeel Monday, 03 December 2018 04:05 PM

දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාවගෙන් නොවේ ප්‍රශ්න. දේශපාලකයෝ තමයි ප්‍රශ්න ඇති කරමින් රට විනාශ කරන්නේ. ජනතාව අතර කිසි ගැටළු නැත. අපි දැකල තියනවා ආපදාවලදී කිසිම භේදයකින් තොරව උදව් උපකාර කරනවා. ඒ නිසා ජනතාවට දොස් කියල හරි යන්න නැහැ. මේ වගේ දේශපාලන සංස්කෘතිය නැති කරන්න ඕනේ.

:       0       4

Bamunuarachchi Monday, 03 December 2018 10:50 AM

ජනාධිපතිගේ කතා දෙකෙන්ම කියැවුනා ඇයි රනිල් අගමැතිකමින් ඉවත්විය යුත්තේ කියලා... මේ රටේ ජීවත් වුණු පුරවැසියන් හැටියට මේ අවුරුදු 4 තුළ මෙරටට කිසිම සෙතක් රනිල්ගෙන් සිදු නොවුණු බව අපි දනිමු. මීට අවුරුදු 6 කට පමණ පෙර මේ බව තේරුම් ගත් එජාප පාක්ෂිකයෝ රනිල්ට ගල්ගසා එලවා දැමීමට ගිය බව අපිට හොඳට මතකයි...

:       219       458

AP kumara Monday, 03 December 2018 11:05 AM

ජාතිවාදී වෙන්න එපා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම ශ්‍රී ලන්කන්....

:       114       330

Sudda Monday, 03 December 2018 11:49 AM

60 නෙවෙයි, 70 පැන්නත් 2030 වනතුරු මමයි යූඑන්පී ලොක්කා. සජිත් සහ නවීන් අකුලගනු...

:       3       54

sandy123 Monday, 03 December 2018 12:36 PM

නිල් පාට හෝ කුරහන් පාට පොහොට්ටු ලාංඡනය සහිත කණ්නාඩි විකිණීමට හෝ කුලියට දීමට ඇත. වැඩිම ලංසුවට.

:       116       8

Ruwan Monday, 03 December 2018 01:41 PM

රනිල් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 46 දෙනෙක්ම සිංහලයන් නොවන බව ඔබ දන්නවද? එනම් සිංහල රාජධානියේ රජයේ මැති ඇමති මණ්ඩලයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් සිංහලයන් නොවන බවයි.

:       27       3

gihan Monday, 03 December 2018 01:55 PM

ෆාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්ගේ මේ පිටිපස ඇති භූමිකාව වහා සොයා බැලිය යුතුයි. ඔහු හා කෝට්ටේ එකම පාසලේ සිටි ඔහුගේ පවුලේ මිතුරාගේ තීරණ පිටුපස ෆාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්...

:       2       25

silva Monday, 03 December 2018 02:00 PM

විජේවර්ධන කෙනෙක් ඉස්සරහට එනකම් ඔය මනුස්සයා ඕක කීයටවත් අත අරින්නේ නැහැ.

:       2       1

Bandula. Tuesday, 04 December 2018 03:51 AM

අනේ මෙහෙමත් නාටක? ඔය කට්ටියගේ වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද නායකයෙක් වෙන්න? බැරිද නැත්නම් හැටිද?

:       0       0

A Tuesday, 04 December 2018 04:55 AM

ඔය එක ඇමතියෙක් වත් ඔන් නැහැ රාජ්‍ය පරිපාලනය වහාම නිලධාරීන්ට බාරදෙන්න්න පාර්ලිමේන්තුවේ 225 ගෙදර යවන්න ඔ්ය කට්ටිය නැතිව රට පාලනය කර ගත හැකිය

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 640 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1189 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1398 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 772 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 735 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 239 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site