IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උණ රෝගීන්ට ඇස්ප්‍රීන් නොදෙන්නැයි කියයි

(රංජන් කස්තුරි)

උණ රෝගීන්ට ඇස්ප්‍රීන් ඇතුළු වේදනානාශක ලබාදීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍යවරුන්ට සිහිකැඳවීමක් කර තිබේ.

මේ අතර උණ රෝගීන් ද ඇස්ප්‍රීන් හෝ වේදනානාශක හෝ ලබා නොගත යුතු බවත් වෛද්‍යවරුන් තමාට ලබාදෙන ඖෂධ පිළිබඳව සැළකිලිමත් විය යුතු  බවටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අනතුරු ඇඟවීමක් කර තිබේ.

උණ රෝගීන් ඇස්ප්‍රීන් ඇතුළු වේදනා නාශක ලබාගත හොත් එම රෝගී තත්වය උත්සන්න විය හැකි  අතර ඩෙංගු රෝගීයකු එම ඖෂධ ලබාගත හොත් මරණයට පවා පත්වීමේ අවදානමක් පවතින බවද සෞඛ්‍ය සේනා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනතුරු ඇඟවීමේ සඳහන් කර ඇත.



අදහස් (4)

උණ රෝගීන්ට ඇස්ප්‍රීන් නොදෙන්නැයි කියයි

ධම්ම Thursday, 08 August 2019 12:31 PM

අද හොඳයි කියනවා,හෙට නරකයි කියනවා. මේ වෛද්‍ය ක්‍රමයත් අපව විනාස කරන්නම හදපු එකක්.

:       0       2

ගල්කටස් Thursday, 08 August 2019 01:07 PM

අධ්‍යක්ෂවරයා උපදෙස් ලබා දෙන්නෙ වෛද්‍යවරුන්ටයි. මෙය මහා විහිළුවක් ආරක්ෂක අංශ කෙරෙහි ජනනතාවට අවිස්වාසයක් ඇති වූවා සේම සෙෘඛ්‍ය අංශය කෙරෙහිත් ජනතාවගේ විශ්වාසය බිද වට්ටන්න එපා. වෛද්‍යවරුන් දන්නවා දිය යුතු බෙහෙත් ගැන. ඇයි මෙහෙම අනවශ්‍ය දේ ප්‍රකාශ කොට නැති බියවල් ඇති කරන්නෙ

:       0       0

vidya Thursday, 08 August 2019 06:33 PM

විශේෂයෙන්ම වෛද්‍යවරු ඉතාම කුඩා දරුවන් හට ඇස්ප්‍රීන් දීමේදී පරිස්සම් විය කරුණ නම් සමහර දරුවන් ඇස්ප්‍රීන් වලට අසාත්මිකතාවය (Allergic ) හඳුනාගෙන නැතිනම් අනුමත නොකළ යුතුය. ඇස්ප්‍රීන් අසාත්මිකතාවය මරණයට පවා හේතුවිය හැකිය. මගේ දරුවට මාස දහයේ පමණ කාලයේදී තමයි ඇස්ප්‍රීන් වලට ඇලජික් කියලා දැනගත්තේ. තවමත් ඔහු ඇස්ප්‍රීන් වලට ඇලජික්. අනෙත් කරුණ තමයි කිසිම වෛද්‍යවරයෙක් ප්‍රතිකාර ගැනීමට පෙර රෝගියකු පැමිණිවිට බෙහෙත් වලට ඇලජික් තියන බව ප්‍රශ්න කරන්නේ නැති බව. මම මෙම අදහස ලියන්නේ කිසිම වෛද්‍යවරයකුට දොස් පැවරීමට නොවය. මගේ අත්දැකීම අනෙත් අයට වටහා දීමටය. ස්තුතියි

:       0       0

jayath Friday, 09 August 2019 05:56 AM

මෙතන කමෙන්ට් දමලා තියන මහත්තුරු මේ ප්‍රශ්නයේ කොනක් අල්ලාගෙන තියෙන්නේ... පළමුවෙන්ම කියන්න තියෙන්නේ සමහර බෙහෙත් වර්ග දිගු කාලයක් පාවිච්චි කරාම තමයි ඒවායේ එන අතුරු ආබාධ, ආසාත්මිකතා එළියට එන්නේ. (මෙහෙම එළියට දාන බටහිර බෙහෙතුත් ආවට ගියාට එළියට දමන්නේත් නැහැ. දීර්ඝ කාලීන විවිධ මට්ටම්වල පරීක්ෂණ වලින් පසුව තමයි නිකුත් කරන්නේ..) පස්සේ යම් ප්‍රශ්නයක් දැක්කම බෙහෙත අයින් කරගන්නවා. දෙවෙනි එක මේක ජනතාව බිය වද්දන අනවශ්‍ය ප්‍රකාශයක් නෙමෙයි. ඕනෑම "සුදුසුකම් ලත් " වෛද්‍යවරයෙක් දන්නවා මේ දවස්වල උණට ස්ටිරොයිඩ් කාණ්ඩයේ බෙහෙත් නොදෙන බව (ඩෙංගු රක්තපාතයේදී ඇතිවන ලේ ගැලීම් මේ බෙහෙත් නිසා වැඩිවෙනවා... වැරදි රෝග විනිශ්චයවලට එන්න පුළුවන්) මේක සාමාන්‍ය ජනතාව දැනගත යුතුම දෙයක්.. මොකද අපේ රටේ" ගොඩ වෙද්දුන්ගේ " උපදෙස් මත ඕනෑම බෙහෙතක් ෆාමසියෙන් ඉල්ලාගන්න පුළුවන් තුණ්ඩු ඕනෑ නැහැ. ඉතින් ඩෙංගු තියන ලෙඩෙකුට ස්ටෝරොයිඩ් ගණයේ බෙහෙත් ලේ ගැලීම් වැඩි කරනවා. තෙවැනි එක කුඩා දරුවන්ට ඇස්ප්‍රින් නොදීම.. මේක "රේ" සින්ඩ්‍රෝමය කියන තත්වය.. ඕනෑම වයස 12ට අඩු දරුවන්ට ඇස්ප්‍රීන් දෙන්නේ නැහැ. මේක අසාත්මිකතාවය සමග පටලවා ගන්න එපා...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 19 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 45 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 200 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 445 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 121 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 125 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site