IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආනවිළුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධිය සෙවීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

 

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අද(09) පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය සී. බී රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

එම භූමිය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් ඉකුත් 26 දින විමර්ෂණ කටයුතු ඇරඹූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ ප්‍රදේශයේ ඩෝසර කිරීම සඳහා යොදා ගත් බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 



අදහස් (4)

ආනවිළුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධිය සෙවීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

Champa Wednesday, 09 September 2020 10:43 AM

කුරුණෑගල දෙවෙනි බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය පිහිටි පුරාවිද්‍යා භූමියේ ගොඩනැගිල්ලක් ඩෝසර් කිරීම ගැන ජූලි 23 වෙනිදා වෙනකොට දෙන්න කියලා අගමැතිතුමා ඉල්ලපු වාර්තාව තවමත් නැහැ. රටම බලා ඉන්න ඒ වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. රෑ කාලයේ කුරුණෑගල සහ ආනවිළුන්දාව කරපු විනාශයන් දෙකම නැවතිලා තියෙන්නේ ඒ ඩෝසර් දෙකම ක්‍රියාවිරහිත වීම නිසා. එහෙම නොවෙන්න විනාශය මීට වඩා බොහෝ වැඩිවෙන්න තිබුණා. එතකොට වනාතවිල්ලුවේ අක්කර සිය ගණනක් ගිනි තැබීම ගැන වාර්තාවක් ඉල්ලන්නේ නැත්ද? අඩු ගානේ ගිනි තියපු ගිනි පන්දමවත් හොයා ගන්න බලන්න නේද? ඊට පස්සේ පන්දමට පාංකඩ ඔතපු මිනිහව හරි අත්අඩංගුවට ගන්න පුළුවන්නේ.

:       0       387

sharm warn Wednesday, 09 September 2020 12:45 PM

පහුගිය අවුරුදු 10-15දී පැවැති රජයන්ගේ අනුග්‍රහයෙන් වෙච්ච පරිසර හානිය කියලා නිමක් නැහැ. ඒ වගේම ඒක සාධාරණීකරණය කරන්න සෙට් වෙච්ච බයියන්ගේ කතා ඇහුවාම අපිට මැරෙන්නත් හිතුණා.

:       61       369

Hafeel Wednesday, 09 September 2020 02:45 PM

පහුගිය අවුරුදු 30ක් ඇතුළත පත්කළ කමිටුවල් අනුව රටේ අපරාධ නැත්තටම නැතිවිය යුතුයි. සිරිකොත පාර කාපට් කළ ඒවා පිළිබඳවත් වර්තමාන අගමැති කමිටුවක් පත්කළා. වාර්තාව හමස් පෙට්ටියේ...

:       350       418

Seradinghe Wednesday, 09 September 2020 03:36 PM

දැන් අපේ රටේ පොලිසි, උසාවි ඕනෑ නැහැ. සේරම පාර්ලිමේන්තුවෙන්ම කරගන්න. ඉදිරි පරම්පරාවෙන් ඉල්ලන හෙණවලට මෙයාලගේ සොහොන්ගෙවල් වලටත් අකුණු ගහනවා. ඒක ස්ථිරයි.

:       329       445

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 81 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 217 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 80 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 548 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 695 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 371 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site