IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අර්ජුනට ඇප

නිමන්ති රණසිංහ

පස්වරු 6.00

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට  ගත් හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය.

ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව දෙසැම්බර් 4 වැනි දා යළි කැඳවීමට නියමිතය.

 


පස්වරු  - 5.45

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අත්අඩංගුවට ගත් හිටපු  ඇමැති අර්ජුන රණතුංග මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට මීට සුළු වේලාවකට පෙර ඉදිරිපත් කෙරිණි. 


 

(තරිඳු ජයවර්ධන)
 
ඛනිජ තෙල් සංවර්ධන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
 
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.

ඊයේ (29) ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ඇති වු  උණුසුම් අවස්ථාවේ දී ඇමැති ආරක්ෂක නිලධාරියකු විසින් කළ වෙඩි තැබීමකින් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ අතර එම සිද්ධියට සැකපිට රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හිටපු අමාත්‍යවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා

 

 



අදහස් (21)

අර්ජුනට ඇප

ලුම්බිණි Monday, 29 October 2018 11:07 AM

රනිල් අගමැති වූ අවස්ථාවෙන් මහින්ද අගමැති වූ අවස්ථාවේත් වෙනස කොපමණද?

:       2415       3210

d.upul Monday, 29 October 2018 11:10 AM

ආරක්ෂකයා වෙඩි තිබ්බ. දුමින්දට මරණ දඬුවම හිමිවුණා.

:       1297       1417

Nissanka Monday, 29 October 2018 11:12 AM

අනුහයේ ලෝක කුසලානය දිනා දුන්නා වගේම මගේ රටට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීම සඳහාත් ඔබට ශක්තිය ලැබේවා. 2015 පොදු අපේක්ෂකයා වෙන්න තිබුණේ ඔබ.

:       1446       2311

d.upul Monday, 29 October 2018 11:17 AM

තැවි තැවී ඉන්නේ නැතිව එදා රනිලුත් මේවගේ ක්ෂණිකව තීරණ ගත්තනම්......

:       178       474

සරත් Monday, 29 October 2018 11:39 AM

මම මේ තීරණයට විරුද්දයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටපු ඇමතිවරයෙක් එක රැයින් තමන්ගේ අමාත්‍යාංශය නැතිවුනහම ඔහුට අයිතියක් තියෙනවා ඔහුගේ පුද්ගලික දේවල් කාර්යාලයෙන් ඉවත්කරගන්න. ඒකට අමාත්‍යංශයේ වැඩ කරන සේවකයින්ගේ අවසරයක් උවමනා නැහැ. අර්ජුනට හිරිහැර කරපු අයව වහාම අත්අඩංගුවට ගතයුතුයි.

:       21       311

ඉසුරුන්දී Monday, 29 October 2018 11:54 AM

මෙයා කරලා තියෙන දේවල් වලට එල්ලලත් මදි...

:       1117       253

sandyMonday, 29 October 2018 12:52 PM

කරුණාකරලා පොඩ්ඩක් පැහැදිලා කරන්න බලන්න අපිටත් දැනගන්න.

:       31       136

isurandiMonday, 29 October 2018 02:00 PM

මෙයාගේ පැටිකිරිය කියන්න ගියොත් පත්තරයත් මදි... මෙයා රාජ්‍ය බලය යොදවලා පුද්ගලික විදුලි බලාගාරයක් රටේ ජෛව විවිධත්වය ඉහළින්ම තියෙන සිංහරාජයේ පිහිටුවලා තියෙනවා. වරායේ ඉන්නකම් සහෝදරයත් එක්ක ගසා කෑවා. දැන් තෙල් සංස්ථාව... ඒවා තියෙන ෆයිල් ටික ගේන්න ගිහින් තමයි ඊයේ ප්‍රශ්නය ඇතිවුනේ...

:       434       478

ශෂිකලා Monday, 29 October 2018 12:46 PM

දැන් තමයි ඉසුරන්දිගේ මොලේ නෑ කියලා තේරුනේ

:       174       108

චාන්දනී Monday, 29 October 2018 06:24 PM

ඔයා හිතනවාද ඔයාට මොලේ තියෙනවා කියලා. අනුන්ගේ සීනි කිරන්නේ නැතිව මාතෘකාවට අදාලව අදහස් දමන්න.

:       11       126

සතයපාල Monday, 29 October 2018 12:52 PM

යහපාලනය වෙනුවට සිරිසේන මැර පාලනය ස්ථාපිත කර ඇත. අමාත්‍යාංශයකට දෙපාර්තමේන්තුවකට හෝ සංස්ථාවක ඇතුල් වෙන්නේ කවුද? කොහොමද? පොලිසිය මගින් අත්අඩංගුවට ගත යුත්තේ කවුද? නොගත යුත්තේ කවුද? කියලා තීරණය කිරීමේ අයිතිය නූගත් මැර කල්ලි විසින් තමන්ට පවරාගෙන ඇති අතර රටේ නීතිය හා සාමය යනු මැරයන්ගේ කැමැත්ත හා අභිප්‍රාය වී ඇත.

:       475       1136

ස්ටැන්ලි Monday, 29 October 2018 12:59 PM

අපේ මිනිස්සු හැමදාමත් කරන්නේ කාගේ හරි පැත්තක් අරන් ඒ මිනිහා බේරන්න, සුද්ද කරන්න හදන එක. මේවල අදහස් දාන කිසි කෙනෙක් මේ අයගෙ මේ වැඩ හන්ද රටට වෙන විනාසේ ගැන කතා කරන්නේ නෑ. අපේ දරුවොන්ට වෙන විනාසේ ගැන කතා කරන්නේ නෑ. දැන්වත් මේ දේසපාලුවෝ වෙනුවෙන් කතා නොකර තමන්ගේ රට ගැන කතා කරන්න. අපේ මතු පරපුරට උරුම වෙන විනාසේ ගැන කතා කරන්න. දැන් අපිට ඉතිරිවෙලා තියෙන්නේ පිල් දෙකයි. එකක් දෙසපාලුවන්ගේ පිල. අනික අසරණ ජනතාවගේ පිල. පාරට බහින්න කාලේ හරි. තවත් හිටියොත් අපිට ඉතිරි වෙන දෙයක් නෑ. මමත් මගේ මුළු පවුලත් ඉන්නේ යුරෝපේ. ඒත් අපිට කැක්කුමයි ලංකාවේ ඉන්න බොහෝ දෙනාට වඩා.

:       0       219

ගල්කටස් Monday, 29 October 2018 01:10 PM

එක්ස්ප්‍රස් ඇප අහෝ සාමාන්‍ය මිනිසෙකු වුනානම් කොහොමද පළමුව පරීක්ෂණ අවසන් නැත 14 දවසක් හිරෙ.

:       0       186

Thushara Monday, 29 October 2018 02:07 PM

ඕනෑම තැනක යම්කිසි ආයතනයක පාලනය මාරුවීමේදී නව බලධාරින්ට බාරදෙන ක්‍රමයවේදයක් තියෙනවා. තාමත් හරි හමන් නිසි බලධාරියෙක් හෝ අැමැතිවරයෙක් නොමැති අවස්ථාවකදී අමාත්‍යවරයා ලෙස අර්ජුන මහත්මයා රටේම වැදගත් අමාත්‍යාංශයක් වන ඛණිජතෙල් අමාත්‍යාංශයට යාම වරදක් නොමැති බවයි පෙනෙන්නේ. ඕක ඇතුලේ ඉන්න තෙල් මාෆියාවට සම්බන්ධ මැරයෝ යොදා ගැනීම අනුමත කළ නොමැති ක්‍රියාවක්...

:       10       138

sandy Monday, 29 October 2018 02:38 PM

ඉසුරුන්දී, ඔයා පේන කියන්න දන්නවා. ඕනේ කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. සත්‍ය ජයගන්න බව දැන ගන්න.

:       107       49

රොෂාන් Monday, 29 October 2018 03:01 PM

ජනතාවට හිරිහැරයක් වන දඩාවතේ යන අයව යැවිය යුතුයි.

:       0       25

Sara Monday, 29 October 2018 03:13 PM

ලංකාවේ දේශපාලනය යනු දේශපාලකයන්ගේ සූරාකෑම පමණකි. මිනිසුන්ගේ සිත්වලට කාවද්දලා ඇත්තේද එම පණිවිඩයයි ....

:       0       33

kani Monday, 29 October 2018 03:26 PM

ලුම්බිණි, මේක මහින්ද කරපු වැඩක් නෙමෙයි... ඔබේ ආදරණීය රනිල්ගේ ඇමති අණදුන් මිනීමැරුමක්, තමන් කැමති විදියට බලන්න පුලුවන් නමුත්...

:       186       257

de silva Monday, 29 October 2018 03:33 PM

ආණ්ඩුව එක දවසින් වෙනස් වුණාම පාර්ලිමේන්තුව කිසිම සාධාරණ හේතුවක් නැතිව කල්දමල තිබෙන කොට හිටපු ඇමතිවරයෙකුට තම පරණ කාර්යාලයට යන්න මැරයෝ බාධා කරනවා නම් මේකද මෛත්‍රී පාලනය? තත්වය පාලනය කරගන්න බැරි වුණාම, අර්ජුනගේ ජීවිතය බේරාගන්න ආරක්ෂක නිලධාරියා වෙඩි තබන්න ඇති... දුමින්ද සිල්වාගේ ප්‍රශ්නෙත් මෙතනත් ලොකු වෙනසක් තිබෙනවා

:       218       165

suddaTuesday, 30 October 2018 12:07 AM

අර්ජුන ආවේ තමන්ගේ ලිපි ගොනු ගෙනියන්න කියනවා වෙලාවකට. ඔහු වරායේ ඉඳිද්දී වැඩිමල් සහෝදරයාව සභාපති කරලා ලොකු ප්‍රශ්න ආවා. දැනුත් පෙට්‍රෝලියම් සභාපති ඒ අයියයි. ඉතින් ඔය ලිපි ගොනු වල මොනවා තියෙනවද කවුද දන්නේ.

:       0       60

සතයපාල Monday, 29 October 2018 03:59 PM

උපුල්ගේ ටිකිරි මොළයට මේවගේ කරුණු තේරුම් ගන්න අමාරුයි වගේ.

:       121       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 267 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 587 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 692 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 402 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 471 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 167 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site