IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අභියාචනාධිකරණය ඥානසාර හිමිගේ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා  කොළඹ , කලුතර , මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  තරග කිරීමට තම නායකත්වයෙන් යුතු  "අපේ ජන බල පක්ෂයේ  "  අපේක්ෂකයන්  ඉදිරිපත් කල නාම යෝජනා පත  ප්‍රතික්ෂේප  කිරීමට  දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා  ගත් තීරණය  බල රහිත  කරන්නැයි ඉල්ලා  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්  පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක්  විසින්  ගොනු කර තිබූ රිට් පෙත්සම්  හතරක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය.

මෙම රිට් පෙත්සම් හතර අභියාචනාධිකරණ සභාපති  විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණ යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ  මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර එහිදී විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සදහන් කරනු ලැබුවේ මැතිවරණ පනත 19 වගන්තියට අනුකූලව අදාළ දිස්ත්‍රික් වල තේරීම් බාර නිලධාරීන් කටයුතු කර ඇති බවත් , නාමයෝජනා බාර දුන් අවස්ථාවේදීම විරෝධතා දැක්වීමට හැකියාව පෙත්සම්කරුවන්ට පැවති බව පෙන්වා දෙමින් මෙම පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරිණී.


ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ  මැතිවරණයට තරග කිරීම සදහා දිස්ත්‍රික් හතරකට දුන් අපේ ජන බල පක්ෂයේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප  කිරීම නීතිවිරෝධී බව  පවසමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක්   මෙම පෙත්සම ගොනු කළහ

මැතිවරණ කොමිසම එහි  සභාපති මහින්ද දේශප්‍රිය ,එහි සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ නලීන්  අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.


මෙම පෙත්සම විභාග කර  තීන්දුවක් දෙන  තෙක්  කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වීම වලක්වන  නියෝගයක්  නිකුත් කරන ලෙස  ද පෙත්සම් මගින්  ඉල්ලා ඇත.


පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  තරග කිරීමට ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් ඇතුළු   අපේ ජන බල පක්ෂයේ  අපේක්ෂකයන්  ගේ නම් ඇතුලත් නාම යෝජනා පත මාර්තු මස 19වැනිදා   දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත ලබා දුන් බව පෙත්සමෙහි  සදහන් වේ.

එහෙත් එම නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා කටයුතු කළ අතර එම නාම යෝජනා පත්‍ර සමග ලබා දුන්  දිව්රුම්  පෙත්සමක දෝෂයක්  නිසා  නාම යෝජනා පත ප්‍රතික්ෂේප කල බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

එහෙත් එවැනි  හේතුවක් මත නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීවරයා ට බලයක් නැති බවට පෙත්සම මගින්  පෙන්වා දී ඇත.

එබැවින් එම නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ද නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස  පෙත්සම මගින් ඉල්ලා ඇත.

එසේම  සිය  නාම යෝජනා බාර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස  පෙත්සම මගින් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ  තීෂ්‍ය වේරගොඩ  සහ ජනාධිපති  නීතීඥ රොමේෂ් ද සිල්වා  මහත්වරු  පෙනී සිටියහ.

නියෝජ්‍ය  සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන  මහත්මිය  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.



අදහස් (2)

අභියාචනාධිකරණය ඥානසාර හිමිගේ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කරයි

nuwan Monday, 22 June 2020 10:08 AM

විනිසුරු නවාස් නම් මොන සාධාරණයද බලාපොරොත්තු වෙන්නේ අපේ හාමුදුරුවනේ..?

:       207       361

ජයන්ත මිලානො Monday, 22 June 2020 10:36 AM

රටේ වාසනාව...

:       261       207

ඔබේ අදහස් එවන්න

දියත

කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 5 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 90 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 297 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 660 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 497 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 508 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site