IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක් නෑ’

(නිමල කොඩිතුවක්කු)

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල්වල උග‍්‍ර ඖෂධ හිඟයක් ඇති බවට පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් දිවයිනේ කිසිදු රෝහලක එවැනි ඖෂධ හිඟයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ටී සුදර්ශන මහතා කොළඹදී අද (5) පැවැසීය.

යම් ඖෂධ වර්ගයක  හිඟයක් ඇති වුවහොත් ඉතා කෙටි කාලයක් තුළ එම ඖෂධ සැපයීම සඳහා විධිමත් පටිපාටියක්  මේ වනවිට සකස් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා මේ බව පැවැසීය.

මෙරට තුළ ඖෂධ වර්ග විසිදහසක් පමණ පවතින බැවින් ඇතැම් විට ඉන් ඖෂධ වර්ග  100 ක පමණ හිඟයක් පවතින පවතින විට  එම හිඟය උග‍්‍ර ඖෂධ හිඟයක් බවට මවා පෑමට ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

රෝහල්වල ඖෂධ ප‍්‍රමාණය 5% දක්වා අඩුවනවිට මධ්‍යම ගබඩාව මගින් එම ඖෂධ සැපයීමේ ක‍්‍රමවේදයක් සකස් කර ඇති බවත් පැවසූ ඒ මහතා මධ්‍යම ගබඩාවේත් ඖෂධ නොමැති නම් ක්ෂණික මිලදී ගැනීම් සඳහා දිනකට රුපියල් 50,000/- සිට රුපියල් ලක්ෂ දෙකක් දක්වා ලබා දීමට කටයුතු කර ඇතැයිද සඳහන් කළේය.

වසංගත තත්වයක් හෝ එක්වරම භාවිතයේ වැඩිවීමක් සිදුවුවහොත් හැරෙන්නට කිසිදු ආකාරයකින් ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිටත් සකස් කර ඇතැයිද වෛද්‍ය ඒ. ටී සුදර්ශන මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය රූම් මොහොමඩ්, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. ආර්. කේ හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (2)

‘අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක් නෑ’

rim Thursday, 05 September 2019 11:55 AM

එතකොට මේ JMOA කට්ටිය මොනවද කියන්නේ? බොරුවට රඟපානවද? අපිට නම් මොකුත් තේරෙන්නේ නැහැ.

:       0       0

Nuwan Thursday, 05 September 2019 01:26 PM

අනේ බොරු කියන්න එපා. අපේ අම්මට මාස ගාණකින් බේත් දුන්නේ නෑ. දෙන්න නියම කරපු බේත් ටික දීලා ඉවරයි කියලා කිව්වේ. අපි අහපුවම තමා කිව්වේ දෙන්න බෙහෙත් ගබඩාවේ නෑ කියලා. බේත් දෙන තැනුත් වහලා තියෙන්නේ... එළියෙන් ගන්න ලියලා දෙන්නෙත් නෑ. පරීක්ෂණ විතරයි කරන්නේ. ඒ නිසා දැන් අපි සිංහල බේත් කරන්නේ. අහිංසක මිනිස්සු හුඟක් අමාරුවේ වැටිලා ඉන්නේ බෙහෙත් නැති නිසා. තවත් බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 202 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 442 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 536 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 337 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 423 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 152 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site