IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අනුරපුර යුගයේ කාසි මුට්ටියක් මුරුන්කන්වලින් මතුවෙයි

(*** මඩුකන්ද  සිතුම් චතුරංග)

මන්නාරම, මුරුන්කන්, නානට්ටන්හි නිවෙසක අත්තිවාරමක් කපමින් සිටියදී අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැකකෙරන හස්සබු කාසි ලෙස හැඳින්වෙන ඉපැරැණි කාසි  සහිත මුට්ටියක් ඉරිදා (20) හමුවී ඇති බව මන්නාරම පුරාවිද්‍යා නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මන්නාරම කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා පැවසුවේ නිවසක් සඳහා අත්තිවාරම කපමින් සිටි සේවක පිරිසකට මැටි මුට්ටියක තිබී මෙම ඉපැරැණි කාසිතොගය හමුවී ඇති  බවයි.

හමුවූ මුටිටියේ තිබූ කාසි අනුරාධපුර මුල් යුගයට අයත් බවට අනුමාන කරන අතර එහි තිබී හස්සබු කාසි 1850 ක ප්‍රමාණයක් හමුවූ බවද ඔහු සඳහන් කළේය.

අතීතයේ ප්‍රධානතම වෙළඳ වරායවූ මන්නාරම මාතොට වෙළෙඳ වරාය හරහා පෙර අපර දෙදිග වෙළඳ කටයුතු සිදුවී තිබූ අතර එහි සාක්ෂි ලෙස මෙම ඉපැරැණි කාසි විවිධ ස්ථානවලින් හමුවන බවද ඔහු පැවසීය.

 අනුරාධපුර මුල් යුගයේ භාවිතවූ බවට සැකකළ හැකි මෙම කාසි මෙරට නිෂ්පාදිත ප්‍රථම කාසි හෝ විදේශ කාසි වියහැකි බවට පුරාවිද්‍යා නිලධාරීහු සැකපළකරති.

කාසි තිබූ මැටි මුට්ටිය අත්තිවාරම කැපීමේදී විනාශවීගොස් ඇති අතර එහි කොටස් කිහිපයක් පමණක් හමුවූ බව පුරාවිද්‍යා  නිලධාරීහු පැවසූහ.

හමුවූ කාසිවල එක් පැත්තක මත්ස්‍ය සලකුණ හා අනෙක් පස කඟවේනකුගේ යැයි සැකකළ හැකි රූපයක් තිබෙන අතර එහි එක් එක් හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුත් කාසි විශාල සංඛ්‍යාවක් තිබූ බවද ඔහු කීය.

  හමුවූ කාසි සියල්ලෙහි නිශ්චිත කාලවකවානුවක් ගණනය කිරීම සඳහා පුරාවිද්‍යා විශේෂඥයින් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම කාසි දැනට ආරක්ෂාව සඳහා මුරුන්කන් පොලිසියේ තබා ඇති බවද ඔහු සඳහන් කළේය.

උතුරු පළාතෙන් එකවර පැරැණි කාසි තොගයක් හමුවූ පළමු අවස්ථාව මෙය වන අතර හමුවූ කාසි සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මන්නාරම කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

අනුරපුර යුගයේ කාසි මුට්ටියක් මුරුන්කන්වලින් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 340 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 708 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 873 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 478 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 530 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 189 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site