IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අධිවේගී මගේ ආරක්ෂිත වැට සොරෙන් කපා විකිණූ 5ක් දැලේ‍

(කේ. බුද්ධික කුමාරසිරි )
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුමේ සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙන් කිලෝ මීටර් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් සොරෙන් කපා විකිණූ පුද්ගලයින් පස්දෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
 
දක්ෂිණ අධිවේ මාර්ගයේ මෙහෙයුම් නිලධාරීන්ගෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම සැකකරුවන් පස්දෙනා විසින් දක්ෂිණ අධිවේගී මාර්ග ආරක්ෂිත වැටෙහි මීටර් 1800 ක ප‍්‍රමාණයක තිබූ දැල හා ජී.අයි බට සොරාගෙන ගොස්, යකඩ භාණ්ඩ මිලදී ගන්නා මාලබේ හා කඩුවෙල වෙළඳසැල් දෙකකට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඩුවෙල හේවාගම ප්‍රදේශ පදිංචි වයස අවුරුදු 30 -- 37 ත් අතර පුද්ගලයින් පස්දෙනෙකි.
 
සැකකරුවන් කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (15)

අධිවේගී මගේ ආරක්ෂිත වැට සොරෙන් කපා විකිණූ 5ක් දැලේ‍

Nandalal DE SILVA - France Monday, 26 August 2019 01:03 PM

පින්තූරයේ හැටියට නම් මෙය අපේ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් යයි කියා සිතීමට අමාරුයි. මා අවසන් වරට අපේ රටේ අධිවේගී මාර්ගයක ගමන් කරේ 2016 ජූලි මාසයේදී. මට මතක හැටියට නම් එදා ඒ මාර්ගවල තිබුනේ මංතීරු 2ක් සහ හදිසි අවස්ථාවකදී නැවතීම සඳහා මංතීරුවක් පමණයි ! කොහොම වුණත් එදායින් පසුව අලුත් මංතීරු එකතු කළාද දන්නේ නැහැ. මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගන්නා වැඩසටහන් කඩාකප්පල් කර බඩ ගෝස්තරය සපයා ගන්නා මෙවැනි හොරුන්ටත්, එම හොරබඩු මිලදී ගන්නා කුඨ වෙළඳුන්ටත් දැනට තිබෙන නීති සිල්ලර වැඩිය !!! එම නීතිතවත් දැඩි කළ යුතුයි...!!!

:       72       156

kolam bossMonday, 26 August 2019 02:31 PM

අදටත් දැනට තියෙන අධිවේගී මාර්ග සියල්ලේම වාහන ගමනාගමනයට තියෙන්නේ මංතීරු 2 යි. අධිවේගය අවසන් කර පිටවෙන මුදල් ගෙවන ස්ථානවල පමණක් තීරු ගොඩක් තියෙනවා. නමුත් පෑලියගොඩ පමණක් කිලෝ මීටර් 3- 4 ක් පමණ මංතීරු 4ක් තියෙනවා. නමුත් මේ පින්තූරයේ තියෙන්නේ එම ස්ථානය නෙමෙයි. ඒ නිසා මේ පින්තුරය විදේශ රටක ස්ථානයක් හෝ පරිගණක ආකෘතියක් බව පැහැදිලියි.

:       65       44

sharm warnTuesday, 27 August 2019 03:32 AM

අයියෝ ..පින්තුරේ විග්‍රහ කරන්න නෙමේ. ප්‍රවෘතියෙන් කියන දේ ගැන හිතන්න . මංතීරු ගණන් නෙමේ ප්‍රශ්නේ .. ආරක්‍ෂිත වැටෙන් කොටසක් හොරෙන් කපාගෙන.

:       0       90

yahooMonday, 26 August 2019 08:19 PM

පින්තුරේ වැඩක් නැහැ. සිද්දිය බලන්න.

:       0       16

anura Monday, 26 August 2019 01:22 PM

මෙම පුද්ගලයින්ට හා බාහිරව මෙයට සම්බන්ධ පුද්ගලයින් වේ නම් ඔවුන් සියල්ල අල්ලා උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       119

පුරවැසියා Monday, 26 August 2019 01:44 PM

අධිවේගී මගේ ආරක්ෂිත වැට සොරෙන් කපා විකුණූ 5ක් සහ දැනදැනම සොරබඩු, යකඩ භාණ්ඩ මිලදී ගත් හා කඩුවෙල වෙළඳසැල් 2කටත් වසර කිහිපයක අමතක නොවන දඬුවමක් නොදුන හොත් අනාගතයේ මෙවැනි ක්‍රියාවන් නැවත්වීමට හැකිය.

:       0       142

Prabha Monday, 26 August 2019 02:15 PM

ඉතින් රටක් දියුණු වෙයිද?

:       0       116

Amila Monday, 26 August 2019 04:28 PM

රටක් ඉතින් දියුණු වෙයිද? මේවා රාජ්‍ය දේපොළ... ඒ යටතේ දඬුවම් කරා නම් ඇපත් නෑ. කොහොමත් ගොඩ එන්න බැරිවෙන්න ලොකු දඩයක් ගහන්න ඕනෑ. හැබැයි ඉතින් ලොක්කෝ බැංකු කොල්ලකද්දී, ආණ්ඩුවේ සල්ලිවලින් සොහොන් හදද්දී මේවා මොනවද නේද?

:       0       0

kumar Monday, 26 August 2019 04:43 PM

ලංකාවේ විතරක් නොවේ ඇමෙරිකාවෙත් රාත්‍රී කාලයේ ලෝහ සොරකම කරනවා. වැඩි පුරම සොරකම් කරන්නේ තඹ කම්බි, යකඩ නාම පුවරු වගේ දේ. හොරට නම් යකඩ රාත්තලකට සුලු මුදලක් ලැබෙනවා. නමුත් අලුත් වැටක් සවිකරන්න ලක්ෂ ගණනක් වියදම් වෙනවා. ඇමෙරිකාවේ අධිවේග මාර්ගවල ආරක්ෂක වැට කපන්න ගිය කෙනෙක් ආපසු පණපිටින් ආවොත් පුදුමයක්. ඒ කියන්න වාහන නැති වෙලාවක් නැහැ. සැමදෙනාම ගමන් කරන්නෙ පැයකට කි. මි. 140 විතර වේගයෙන්. ලංකාවේ මේ තරම් ජංගම දුරකථන තිබෙන නිසා මේ වැනි සොරකම් ගැන නිර්නාමිකව ඔත්තු දෙන්න හැකි ක්‍රමයක් ඇති කරන්නෙ නැත්තේ මොකද? එවැනි ඔත්තුවලට රහසිගතව තෑගී දෙන්න වටිනවා. මෙරටේ නම් එම ඔත්තු දෙන අය "password " දෙන්න ඕනෙ. මුදල් ලබාගන්න එම වචනයම පාවිචිකරන්න ඕනෙ.

:       8       70

Prabha Monday, 26 August 2019 11:15 PM

කියන්න හදන්නේ ඇමෙරිකාවෙත් වෙන හින්දා ලංකාවේත් කමක් නෑ කියලද?

:       11       1

de silva Monday, 26 August 2019 04:51 PM

ඕක ඇතුලේ කොපමණ පොලිස් වාහන සහ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු සදහා වාහන එහෙ මෙහෙ යනවද ? කිලෝමීටර 2 දුරට වැටවල් වල කණුත් කපන යනකම් මෙම නිලධාරීන් නිදා ගත්තද ?අනිවාර්යයෙන්ම මේකේ වැඩ කරන කවුරුහරි මේකට සම්බන්ධ ඇති

:       0       213

wije Monday, 26 August 2019 05:06 PM

සුපිරි වැඩ කාරයෝනේ ලංකාවේ ඉන්නේ.

:       9       3

isurandi Tuesday, 27 August 2019 05:03 AM

ඒක තමයි මටත් පුදුමේ. කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් හොරෙන් කපනකම් කාටවත් මේ ගැන හෝඩුවාවක් ලැබුනේ නැද්ද?

:       0       15

vipula Tuesday, 27 August 2019 09:27 AM

දේශපාලකයන් මහජන චන්දෙන් පත්වෙලා කරන්නෙත් මේවගේ දේවල්මේ නේ . මේ දෙගොල්ලෝ අතර වෙනසක් නැහැ . රටේ තිබෙන දේවල් විකුණා කොමිස් ගැනීම .

:       0       0

Rohana Tuesday, 27 August 2019 05:14 PM

මෙන්න ලක්දෙරණේ පහල වූ දක්ෂ ලක් පුතුන්. මේවගේ පොදු දේපල වනසන කාලකන්නි එවුන්ට දැඩි දඬුවම් දිය යුතුය්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 48 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 363 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 279 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 224 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 576 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1165 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1556 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site