IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අගමැතිට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි

(තිළිණි ද සිල්වා)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ  12 වැනිදා  පෙරවරු 9.30ට පෙනී සිටින්නැයි  දන්වමින්  එම කොමිසම විසින් සිතාසි නිකුත් කරනු ලැබ ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළ සාක්ෂි ලබා ගැනීම සඳහා අග‍්‍රමාත්‍යවරයාට මෙලෙස සිතාසි නිකුත් කළ බව එම කොමිසම සඳහන් කර සිටී.

මෙම සිතාසිය අද (09) දින ෆැක්ස් පණිවිඩ මාර්ගයෙන් අග‍්‍රාමාත්‍ය කාර්යාලයට සහ අරලියගහ මන්දිරයට යැවූ බවත් හෙට (10) දින එය කොමිසමේ පර්යේෂණ නිලධාරියා අතින් රැගෙන ගොස් අරලියගහ මන්දිරයට බාර දීමටද නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට රාජගිරිය පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කල පැමිණිලි විභාගයේ දී එම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අදාළව කැබිනට් පත‍්‍රිකාවක් නිකුත් කළ බවට කරුණු හෙළි විණි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට  අග‍්‍රාමාත්‍යවරයා 2015 සැප්තැම්බර් 21 වැනි දින ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව සම්බන්ධයෙන් හා රාජගිරිය පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට එම අමාත්‍යාංශය ස්ථාපිත කිරීමට අදාළ සිද්ධි සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා ගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිත බවද ජනාධිපති පරීක්ෂණ කොමිසම කියා සිටී.

මේ අතර මෙම පැමිණිල්ලට අදාළව  වැඩිදුර සාක්කි ලබා දීමට හිටපු කෘෂිකර්ම අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතාද හෙට (10) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.



අදහස් (0)

අගමැතිට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 139 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 309 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 362 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 267 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 374 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 132 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site