(චමිල් රූපසිංහ)
ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (04) මහනුවරදී පැවති විශේෂ මහා සංඝ සමුළුව
වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/top_story/01256





(චමිල් රූපසිංහ)
ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (04) මහනුවරදී පැවති විශේෂ මහා සංඝ සමුළුව
වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/top_story/01256





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට නිවන් මග පහදා දීම වෙනුවට බික්සුන් වහන්සේලා මේ කරන්නේ මොනවද යන්න වටහා ගන්නට නොහෙකි කාලයක් උදාවී ඇත සාසනය පරිහානිය ඉක්මන් වන බව නම් වටහා ගැනීම අසීරු නොවේ භික්ෂුවගේ කාර්යභාරය වටහා දීමට දැන් ගිහියන්ට සිදුවී ඇති බවනම් පෙනේ
ඕනෑ ම රටක පූජ්‍ය පක්ෂය වූකලී දේශපාලන ප්‍රජාවකි. ඔවුන්ගේ එකම පරමාර්ථය සත්‍යය නොව තමන්ගේ ම පැවැත්මයි. අපේ බෞද්ධ සංඝ ප්‍රජාවට සිදු වී ඇත්තේද මෙයයි. වෙනත් රටවල මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු ආදී පූජකවරු හැසිරෙන්නේ ද මෙ ලෙසමයි. මෙය පෘථග්ජන ස්වභාවයයි. අප විසින් කළ යුත්තේ මොවුන්ගෙන් ඈත් වී ධර්මය ස්වයං අධ්‍යයනය කිරීමයි. සත්‍යයට ආගමක් නැත.
අවසාන මොහොතේ හෝ අද සිදුවෙන සිංහල බෞද්ධ අයිතීන් විනාසයට එරෙහිව නැගී සිටීම ගැන ඔබ වහන්සේලාට නමස්කාර වේවා. එදත් මේ රටේ සිංහල බෞද්ධ අයිතිය රැක ගත්තේ මහා සංඝරත්නයයි. දේශපාලන බලයෙන් අදත් එය රැකීමට පෙරමුණ ගත යුත්තේ මහා සංඝරත්නයයි.
පුරාතන අතීතයේ පටන්ම ශ්‍රී ලංකා රාජ්‍යය මෙන්ම සිංහල ජනතාව මුහුණ දුන් කටුක, කර්කශ අවස්ථාවලදී භික්ෂූන් වහන්සේ ඉටුකළ කාර්යභාරය අපේ රටේ ඉතිහාසය පිළිබඳ හැදෑරීමේදී මනාව පැහැදිලි වේ.
මෙය වෙනම නමකින් නම් කළා නම් වඩාත් උචිතයි.
1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා වත්මන් ආණ්ඩුක්‍රම පනත සම්මත කරගත්තා.. එදා සිටම වාමාංෂික පක්ෂ ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විධායක ජනාධිපති ක්‍රමය තමන් බලයට ආපසු වෙනස් කරනවා කියා පොරොන්දු වුණා... සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ,චන්ද්‍රිකා මහත්මිය, මහින්ද මහතා, මෛත්‍රිපාල සිරිසේන මහතා, ඇතුළු පක්ෂ නායකයින් සියලු දෙනාම... චන්ද්‍රිකා මහත්මිය පනතකුත් ගෙනාවා ව්‍යවස්ථාව වෙනස් කරන්න. නමුත් එදා රනිල් මහත්තයා එ්කට විරුද්ධ වුණා. දැන් රනිල් මහතාත් කැමතියි. 1978 සිට 2017 ට අවුරුදු 39 ක් ගතවුණා. මේ අවුරුදු 39 ඇතුලත අපේ හාමුදුරුවරු ව්‍යවස්ථා වෙනස් කිරීමක් අනවශ්‍ය යැයි කියා නිවේදන නිකුත් කළාද?
අප අද මෙලෙස හිඳිනුයේ ඔබ වහන්සේලා වැන්නවුන් අතීතයේදීද පෙරටවිත් මාගේ මවිබිම රැක සිටි බැවිනි. සම්මා සම්බුදු සරණවේවා..!
පුරාතන අතීතයේ පටන්ම ශ්‍රී ලංකා රාජ්‍යය මෙන්ම සිංහල ජනතාව මුහුණ දුන් කටුක ,කර්කශ අවසථාවලදී භික්ෂුවහන්සේ ඉටුකළ කාර්යභාරය අපේ රටේ ඉතිහාස පිළිබද හැදෑරීමේදී මනාව පැහැදිලිවේ. එබැවින් "ලක්ෂ්මන් පෙරේරා මහතා " කරුණාකර එවැනි පොත් පත් පරිශීලනයකර සාසනය පරිහානිය ගැන කතා කරන්නේනම් වඩාත් කාලෝචිතය. මේ ඔබගේ ඉහත ප්‍රකාශට වඩාත්ම ගැලපෙන නිවැරදිම පිළිතුරයි.