( ගයාන් අමරසේකර )
පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේදී අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.
මාර්තු මස 11 වැනි දා උදෑසන 8.00 මෙම බෝට්ටු සේවාව ආරම්භ කිරිමට නියමිතය.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථා සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම් ඩබ්ලිව් ඩී සොයිසා මහතා ඒ පිළිබඳව කරුණු දැක්වීමෙන් පසු පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇතුළු පිරිස එම ඇළ මාර්ග ඔස්සේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.
බත්තරමුල්ල දියත උද්‍යානය අසලින් ගමන් ආරම්භ කර වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව අසළ බෝට්ටු නැවතුම් අංගනයට විනාඩි 20 ක කාලයකින් ගමන් කිරිමට හැකිය.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොද කාලෝචිත ක්‍රියාවක්, ඇරබීම වගේම පවත්වාගෙන යාමත් වැදගත්.
හරියට ක්‍රියාත්මක වෙනවනම් හොඳ වැඩක්
නහය වහගෙනද යන්න වෙන්නේ?
එච්චරයි අඩුවකට තිබුනේ.
වැල්ලවත්ත හරියේදී වතුරට වැටුනොත් මැරෙන්නේ වතුර ගිලිලා නෙමෙයි, අසූචි කැවිලා
ආණ්ඩු කීයක් ඇමතිවරු කීයක් ඕක පටන් ගත්තද? ක්‍රියාත්මක කළා ද? කෝ ඒවා. අඩු ගානේ අර තායිලන්තයේ ක්‍රියාත්මකවන විධිහවත් බලලා උපදෙසක්වත් ගන්නවා නම් ඉවරනේ. මේ අඟුළු හරි පාරු වලින්හරි ඕක කරන්න බෑ. අන්තිමට ප්‍රචාරය විතරයි. වැඩ නෑ.
වැඩේ නියමයි. තායි වල චාඕ පායා ගඟ යොදා ගන්නා විදිය අනුගමනය කරන්න.
මෙතනදී මුහුණපාන්න සිද්ද වෙන පරිසර දූෂණය වෙනුවෙන් සැලැස්මක් තියනවද?
කොළඹට උමං දුම්රිය මාර්ගයක් ඉතා අවශ්‍යයි. දෙහිවල, නුගේගොඩ, කැලණිය, බත්තරමුල්ල ප්‍රදේශ යා කරන ක්‍රමයක් ඉතා වැදගත්...
ගන්න උදාහරණය මාලදිවයිනෙන්... මෙහි ප්‍රධානතම මගී ප්‍රවාහන මාධ්‍යය වන්නේ බෝට්ටු සේවයයි. ඔය ඉහත සමහර අය කියන විදියට තවම කවුරුවත් වතුරට වැටිලා නම් නෑ (අපි දන්නා තරමින්) අපේ රටේත් ක්‍රියාත්මක කරනවා නම් ඉතාමත් කාලෝචිතයි.
මේක ක්‍රියාත්මක කරනවානම් තමයි හොඳ.... පරිසරයට හානියක් වෙන්නේ නැහැ. මොකෝ 100% පිරිසිදුව තියන පරිසරයක්ද ඔය අවට තියෙන්නේ ? ඇල දිගේ බෝට්ටු යනකොට තමයි දකින්න වෙන්නේ කොහොමද පරිසරය හානි වෙන්නේ කියලා... බෝට්ටු ගිහින් හැමෝගෙම අවදානයට ලක් වෙද්දී වත් මිනිස්සු ඇල ජරා කරන එක අඩු කරොත් හොඳයි.
ඕක පරණ අමුඩයක් අයත් අපි කොළ විදියට එළියට, සෙනඟ නැති නිසා වස දැමූ දෙයක්නේ... අැයි ඇයි මෝඩකමේ සීමාවක්ම නැද්ද?
මේකට කුඩා බෝට්ටු හරියන්නේ නැහැ. මිනිස්සු එන්න බයයි. තරමක් ලොකු විදිහට හදපු යාත්‍රා පාවිච්චි කළ යුතුයි.
දාලා තියෙන අදහස් වලින්නම්, එකක් නම් පැහැදිලියි. අපේ රටේ ඉන්න කුහක - වෙනසක් දකින්න අකමැති මිනිසුන් ඉන්නා තාක්, රට නම් ගොඩගන්න බැහැ. බලන් ගියාම දියවන්නාවේ ඉන්න 225 නොවෙයි, මේ කුහකයන් තමයි රටේ අවාසනාව.
අපි නම් කුහකයින් නෙමෙයි.. එ්ත් අපි ටිකක් මේ ගැන කල්පනා කෙරුවා.. හොඳ සැලැස්මකින් යුක්ත සහ හොඳින් ක්‍රියාත්මක වන "ජල සහ පරිසර ආරක්ෂක" පොලීසියකින් පරිපූර්ණ වියයුතුයි. මේ විදිහට තමයි දියුණු රටවල්වලත් ගංගාවල් සහ අනෙකුත් ජලමාර්ග ප්‍රවාහනයට යොදාගෙන තියෙන්නේ. ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය.. හොඳ උදාහරණ.. !
ඡන්දයක් ළංවෙනකොට දේශපාලකයින් එක එක දේවල් කියලා මිනිස්සුන්ගේ හිත දිනාගන්න රවට්ටන්න උත්සාහ කරනවා. එ්ත් අහන අපි ටිකක් කල්පනාකාරී විය යුතුයි. ඡන්දෙට ඉස්සෙල්ලා කියපු දේවල් අද මතකත් නැහැ. වැඩිහිටියන්ට, කම්කරුවන්ට, පාසල් ළමයින්ට දෙනවයි කිව්ව කිසිදෙයක් අද වෙනකන් ලැබිලා නැහැ. දුප්පත් මිනිස්සුන්ට දෙනවයි කීව සහනමල්ල...
චම්පිකත් පටන් ගත්තා නේද එතකොට... කොළඹ දැන් හැමතැනම බෝට්ටු තියෙනවද?