
ඛනිජ තෙල් සංස්ථා සේවකයින් හෙට සිට වැඩ වර්ජනයක නිරත වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ඇත.
මේ හේතුවෙන් මාර්ග තදබදයන්ද ඇතිවී තිබේ.
ඡායාරූප - ශාන්ත රත්නායක




ඛනිජ තෙල් සංස්ථා සේවකයින් හෙට සිට වැඩ වර්ජනයක නිරත වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ඇත.
මේ හේතුවෙන් මාර්ග තදබදයන්ද ඇතිවී තිබේ.
ඡායාරූප - ශාන්ත රත්නායක



COMMENTS
මොකක් හෝ බම්බුවක් අල්ලාගෙන වැඩවර්ජනයක් නැති දවසක් දැන් ශ්‍රී ලංකාවේ තිබෙනවාද ? වැඩ වර්ජන අයිතිය ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ ලියවී තිබුනත්, දැන් වර්ජන කරන්නේ එක එකාගේ උසි ගැන්වීමට මිස වෙන අවශ්‍ය දෙයකට නොවන බව පසුගිය කාලයේ සිදු වුන දේවල්වලින් පැහැදිලිවම පේනවා. වෘත්තීය සමිති වැඩ සීමා නොකර, රජය මීට වඩා තදින් නොහිටියොත්, යහපාලන රජයේ සංවර්ධන වැඩ කටයුතු වැඩි කල් යාමට පෙර කොට උඩ හිටින්නත් පුළුවන් !!!
හැමදාම තෙල් ගන්න ගියේ ලංකා ශෙඩ් වලට, ඒත් මේ ස්ට්‍රයික් එකේදී තමයි තේරුනේ අයි.ඕ.සී ත් ඉන්න එකේ වටිනාකම. අයි.ඕ.සී නැත්තං මුලු රටම කොට උඩ.....
කරුණාකර ප්‍රධාන ප්‍රශ්ණය දෙස බලන්න. වැඩ වර්ජන වලට සේවක සහභාගීත්වය පවතින්නේ පවතින ආන්ඩුවේ හෝ කලමණාකරණයේ අත්තනනෝමතික තීරණ නිසාවෙනි. රටේ සම්පතක් වන තෙල් ටැංකි සංකීර්ණය බන්දේසියේ තබා ඉන්දියාවට දීමට යන්නේ කුමන හේතුවක් නිසාද යන්න මෙම වැඩ වර්ජනයට ප්‍රධාන හේතුවයි. පසුගිය මුලු කාල වකවානුවේම කිසිම මුදලක් අය කර නොගෙන මේ තෙල් ටැංකි අයි ඕ සී එකට දී තිබුන බව පසුගිය දිනක පුවත් පතක තිබෙනවා දුටිමි. ඒ කතාව ඇත්ත නම් මෙච්චර මහජන මුදල් වලින් නඩත්තු කරන ඇමති වරු මන්ත්‍රීවරු සහ නිලධාරීන් කුමක් කරන්නේද යන්න මට නම් පැහැදිලි නැත.
මේ ඒකාධිකාරය කඩන්න තවත් ලෝකයේ සමාගම්වලට පිරිපහදු පිහිටවන්නත් පිරවුම්හල් අරින්නත් ඉඩ දෙන්න ඕන. නියම සැලසුමකට කලොත් සංස්ථාවටත් වඩා තෙල් ලාබයටත් ගන්න පුලුවන් වෙයි. රජයේ තැන්වල වැඩ කරන්නෙත් නෑ, ඒගොල්ලන්ගෙ අයිතිවාසිකම් ගැන විතරයි බලන්නෙ.
මම දන්නවා මගේ අදහස දැක්කම බොහෝ දෙනෙකු කෝපයට පත්වෙන බව නමුත් සත්‍ය තත්වය IOC නැති වුණා නම් සංස්ථාවේ වෘත්තිය සමිති තව තවත් ඉල්ලීම් ඉල්ලමින් වර්ජන කරනවා , IOC විතරක් නොවේ තව තව දේශීය විදේශීය සමාගම් වලට තෙල් බෙදාහැරීමට අවස්ථාව දෙන්න ඕනේ එතකොට අඩු මිලට තෙල් දෙන්න පුළුවන් වන අතර පාරිභෝගිකයන්ට හොඳ සේවයක් සලසන්න පුළුවන් , යුරෝපයේ සිදුවෙලා තිබෙන්නේ එක , ලංකාව කියන්නේ සමාජවාදී ආර්ථිකයක් තිබෙන රටක් නොවේ , විවෘත ආර්ථිකය අනුව තෙල් වෙළදාමට දෙගොල්ලෙකුට පමණක් ඉඩ දීම වැරදි , රජය සහ දේශපාලකයන් සෑම අංශයකටම ඇගිලි ගැසීමට යාම නිසා මෙහි දියුණුව අඩාල වී ඇත .