(කේ.ඩි දේවප්‍රිය)
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 08 වැනි පෙරහැර මංගල්‍ය අද (20) වැනි දින විදි සංචාරය කරනු ලැබීය.
දුටුගැමුණු මහා රජතුමා විසින් නියෝග කරන ලද සම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල් තැන ලබා දෙමින් මෙම පෙරහැර මංගල්‍ය පැවැත්විය.
දෙවියන් වැඩම වූ වාසනා හස්තියා පෙරටු කර ගනිමින් අධිකාරම් නිළමේ තුමා, මහාබේත්මේ නිළමේ තුමා, ආලාත්ති අම්මලා ඇතුලු බුත්තල ගම් පහේ නිළ රාජකාරිකරුවන් හා දේවාලයේ රාජකාරිකරුවන් පෙරහැරේ ගමන් කිරීම සිදුවිය.
කතරගම දෙවියන්ට ආවේණික වු කාවාඩි , මොණර නැටුම් , කොහොඹ කළය , වඩිග පටුන හා උඩරට පහතරට නැටුම් රැසක් එක් කරමින් 08 වැනි දින වු අද පෙරහැර විදි සංචාරය සුභ නැකතින් ආරම්භ කරනු ලැබීය.
කතරගම දෙවියන් හා වල්ලි දෙවඟන ගේ විවහා මංගල්‍ය සනිටුවහන් කරමින් සිදු කරන පෙරහැර මංගල්‍ය ස්ථාන 14 ක නවතා විශේෂ නඩත්තු පුජාවන්ට ලක් කරමින් වල්ලි මාතා දේවාලය වෙත ගමන් කර චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව නැවත මහා දේවාලය වෙත ගමන් කර ඇතුල් මාලිගාව වෙත දෙවියන් වැඩම කිරිමෙන් පසුව පෙරහැර නිමාවට පත්වෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd