විශ්ව විද්‍යාලවල බෞද්ධ දර්ශනය විෂයට සිසුන් බඳවා ගැනීම වැඩි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය අද කොළඹ දී විරෝධතාවක් පැවැත්විණි.
උසස් අධ්‍යාපනයෙන් බෞද්ධ දර්ශනය විෂය පිටමං කිරීමට රජය සැරසෙන බව ද අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මල මණ්ඩලය කියයි.
කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසල සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමෂන් සභාව දක්වා ඔවුහු පා ගමනින් ගියහ.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි






COMMENTS
මගේ තාත්තා කතෝලික. අම්මා බෞද්ධ. මම උසස්පෙළට බෞද්ධ දර්ශනය ඉගෙන ගත්තා. ඉසෙඩ් ස්කො(ර්) මදිවුණා. හැබැයි ක්‍රිස්තියානි ධර්මයට ඉසෙඩ් ස්කො(ර්) එක වැඩියි. බෞද්ධ දර්ශනයට ඉසෙඩ් ස්කො(ර්) අඩුයි. ඒක කළේ මේ ආණ්ඩුවෙන්. අසාධාරණයි නේද?
බෞද්ධ දර්ශනය පන්සල් වල උගන්වන්න.
බෞද්ධ දර්ශනය කප්පාදු නොකරන්නැයි විරෝධතා කරන තැනම බෞද්ධ දර්ශනය කප්පාදු වෙලා.
මොකද මේ සුද්දන් ඇතිකරපු විශ්වවිද්‍යාල ඇතුලටම යන්න දඟලන්නේ?
බෞද්ධ දර්ශනය කප්පාදු කලොත් ශ්‍රී ලංකාව අගාදයටම යයි.
පාලකයෝ සල්ලි වලට ඕනිම දෙයක් කරයි
ප්‍රශ්නය බෞද්ධ දර්ශනය පිළිබඳවයි. දෙවෙනි ප්‍රශ්නය බෞද්ධ දර්ශනනුකුලව කල කෝලාහල කිරීම හරිද? සාමකාමී ලෙස තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. ප්‍රශ්නය පිලිබඳ අවසාන වශයෙන් ගත හැකි පියවර මුලින් ගත්තම අවසන් වන්නේ කොහෙන්ද කියන එක බෞද්ධ දර්ශනානුකුලවම හිතන්නකෝ?
ආණ්ඩුව මේ මොකක්ද කරන්න හදන්නේ..
පාසැල් වල සහ විශ්වවිද්‍යාලවල මොනවා ඉගැන්වූවත් මිනිසුන් ඒවා පිළිනොපදීනම් වැඩක් තියනවද ? බෞද්ධ දර්ශනය හරියට පිළිපදින්න කියලා උද්ඝෝෂණය කළානම් ඒක කාලීනයි.
රටේ ඒකීය භාවය රැකුණේ බොදු සංස්කෘතිය පදනම්ව. පසුගිය වසර 2500 සිදුවුයේ මෙයයි. මහා සංඝයා මෙහි පෙරමුණේ සිටියේ. මේ කොඳු නාරටිය කැඩුවොත් බටහිර බලාපොරොත්තු ඉටුවෙනවා. ආර්ථිකය ගැනම හිතල අධ්‍යාපනය සකසල හරියන්නේ නැහැ. බොදු දර්ශනය ඉවත් කරනවා කියන්නේ මේ නාරටිය කඩන්න ගහන එක පහරක්
කිසිම රටක දැකලා තියෙනවද සිවුරු ඇඳපු කට්ටිය පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. මේ පිරිසට ගරුකිරීම් ලැබෙයිද? වෙනත් කිසිම ආගමක පූජකවරු පාරට බහිනවද? මේක තමයි පරිහානියට හේතුව...
සමහරු බුද්ධ ධර්මය ගෙන කතාකරන්න පටන් අරන් .. මේ ගොල්ලෝ තමයි අපේ බුද්ධ ධර්මය නැතිකළේ... දැන් ඉතින් පාරට බැහැල බොරුවට කෑ ගහනවා ...
කාට කියන්නද? විදෙස් රටවල් වල බෞද්ධ දර්ශන දෙපාර්තමේන්තු බිහි වෙනවා, දියුණු වෙනවා. අපේ මෙහෙ පිරිහෙනවා. නැති කරන්න හදනවා. මම දන්නා තරමට ලංකාවේ විශ්ව විද්‍යාලවල වල විදේශිය සිසුන් ඉන්නවා නම් ඉන්නේ බෞද්ධ දර්ශන විෂය සඳහා. එහි විශේෂ හේතුව තාමත් ලෝකයෙන් පිළිගන්න දෙයක් තමා බෞද්ධ දර්ශනයට විශිෂ්ඨ ස්ථානය ලංකාවේ විශ්වවිද්‍යාල කියලා. ඒ පිළිගැනීම් හෙමින් හෙමින් නැති වී ගෙනයි යන්නේ. කලයුත්තේ බුද්ධ දර්ශනය තව තවත් දියුණු කිරීමයි. එවිට ලංකාවට ඉගෙනගන්න විදෙස් රටවල් වලින් එනවා. එ්ක හොඳ අාදායමක් වේ. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. පශ්චාත් උපාධි සඳහා ඉන්න විදේශිය සිසුන් හැමෝම බෞද්ධ දර්ශනයයි කරන්නේ. මම දන්නා තරමට වෙනත් විෂයයන් කරන සිසුන් නෑ. වෙනත් විෂයන් කොච්චර දියුණු කළත් පිටරටවල්වල විශ්ව විද්‍යාලවල් එක්ක තරග කරන්න කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. මෙරට විදෙස් රටවල් වලින් ඉගෙනගන්න එනවා නම් එන්නේ බෞද්ධ දර්ශනය කරන්න විතරයි. අවාසනාවට මේ විෂය සිඝ්‍රයෙන් නැති වී ගෙනයනවා.