



අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ඇති වූ ගංවතුර තත්වය වැළැක්වීම සඳහා 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 4 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් වැලි කොට්ට යොදා ගනිමින් අද (07) පාර්ලිමේන්තු මාර්ගයේ ආරක්ෂක වැටක් ඉදි කළහ.
ආරක්ෂක සේනා මුලස්ථානය බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ උපදෙස් මත ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසෙන මාර්ගය දෙපස වැලි පිරවූ බෑග් තබමින් එම පරිශ්‍රයට පිවිසෙන මාර්ගයට ජලය ගලා යාම වැලැක්වීමට කටයුතු කරනු ලැබු අයුරු .
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ...!!! මේ රටම කාදමන අම්බලම හේදිලා යන්න අරිනවා නම් තමයි හොඳ...
කෝටියක් දෙනවා කියලා 225ම පාර්ලිමේන්තුවට ගෙන්නලා වැලිකොට්ට වැට අයින් කරන්න. හේදිලාම යන්න. සල්ලි දෙනවා කිව්වම අපායට වුණත් මේ අම්බරුවන් පැනලා යයි.
කරුණාකරලා අහිංසක ජනතාව ඉන්න පළාත ආරක්ෂා කරන්න... හොරු ඉන්න ඔය ස්ථානය රකින්න එපා.. ඔහේ ගිලෙද්දෙන් අපිට යහපතක්...
අනේ මේ දේශපාලකයන්ගේ මොලේ කොහෙද තියෙන්නේ..? කැළණි ගඟ හරවන ප්‍රොජෙක්ට් එක කළා නම් ඉවරයිනේ...
අම්බරුවන්ට මොන වැලි කොට්ටද? උන් වතුරට කැමතියි.
ආණ්ඩුව වැටෙන එක වැලි කොට්ට ගහලා නවත්තන්න බැරි වෙයි.
දේශපාලකයෙනි, වැඩිමනත් සාමාන්‍ය ජනතාව ඔබලා ගැන සිතන විදිය නොපෙනේද?
වැලි කොට්ටේ මාරු කරලාවත් මේ දේශපාලන හිසරදේ ඉවරවෙන්නේ නැහැ. ඔක්කොම එකයි.
Deshamamaka, අපේ දේශපාලකයින් ජනතා සිතුම් පැතුම් තුට්ටුවකට ගණන් ගන්නේ නැති බව ඔබ නොදන්නවා වගෙයි.
ජනතා සාපය, ඒ නිසා යටවෙන එක වලක්වන්න මොනා කලත් බැහැ.
ඔහේ ගිලෙද්දෙන් අපිට යහපතක්...
දේශමාමක - මසුරන් වටිනා කියමනක්. සත්‍යය එයයි. 225 ම විනාශවෙලා ගියත් සාමාන්‍ය ජනතාවට කමක් නැහැ.
ඔය 225 දෙනා විනාශවෙලා වෙලා යන තරමටම තමා හොද.
බැරිද සාමාන්‍ය ජනතවගේ කැකෑරෙන අදහසක් පත්තරේක හෙඩ් ලයින් කරන්න මේ කට්ටියගේ පුද්ගලික ලේකම්ලට බලන්න.
හමුදාවේ අපේ කුල්ලෝ නැත්තන් රටම ඉවරයි. ....... දුකයි මේ වගේ හොරු ඉන්න රටක , හොරුන්ව ආරක්ෂා කරන්න මේ වගේ වැලිකොට්ට දාන්න ගියාට..!
මෙතන ගොඩක් දෙනා යටවෙන්න කියල ප්‍රාර්ථනා කලාට මම නම් කියන්නේ එහෙම වෙන්න එපා කියල. ඊළගට කොමිසුත් එක්ක ඕක පිළිසකර කරන්න කෝටි ගානක මිලක් දායි. අන්තිමේට එදා වෙලා අමාරුවෙන් හොයාගන්න මිනිහට තමා එකෙනුත් බඩේ පහර.
අනේ මන්ද මේ කමෙන්ට් බැලුවම පුදුමත් හිතෙනවා. සියලු සත්වයෝ නිදුක් වේවා කියලා බන අහන රටක මිනිස්සු හිතන විදිය. ඒගොල්ලන්ට ඇයි ඡන්දෙ දුන්නේ? ඡන්දය දීලා දැන් මරනය ප්‍රාර්ථනා කරනවා.