ශ්රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ අනුස්මරණ උත්සවය අලුත්කඩේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළදී අද පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ගුණසමරු උත්සවයේදී ප්‍රේමදාස පිළිරුවට මල් මාලයක් පළදවා ගෞරව පුද කළේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියයි.
ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද අන්‍ය ආගමික පුජකතුමන්ලාද ගුණසමරුවට සහභාගී වූහ.
කතාවලින් තොරව ගුණ සමරුව කෙටි උත්සවයකින් නිම කෙරුණ අතර ප්‍රේමදාස පිළිරුවට මල් කළඹ තබා ගෞරව කිරීම සඳහා ජනාධිපති අගමැති ප්‍රමුඛ ගුණසමරු කමිටු සභාපති කථානායක කරු ජයසුරිය,නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස, දුලංජලි ප්‍රේමදාස,ජලනි ප්‍රේමදාස ප්‍රේමදාස යන මහත්ම මහත්මීහුද සහභාගී වුහ.
(අංජුල මහික වීරරත්න - ඡායාරූප ලහිරු හර්ෂණ)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ප්‍රේමදාස පිළිරුවට ගෞරව දක්වති