රොමේෂ් මධුෂංඛ
මාස 6 ක පමණ කාලයක් පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ දැඩි නියං කාලගුණය නිමා කරමින් මේ දිනවල උතුරු ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීමත් සමඟ විපතට පත් වැසියන් අස්වැසිල්ලකට පත්ව ඇත.
පසුගිය දින කිහිපය පුරාවට වවුනියාව, මන්නාරම්, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කයන්ට වර්ෂාපතනය ලැබූ අතර ඇතැම් දිස්ත්‍රික්කයන්ට ධාරානිපාත වර්ෂාව සමඟ සැඩ සුළං ද ඇති විය.
පැවති සුළං හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ නිවාස කිහිපයකට හානි වී පවුල් 9 කට අයත් පුද්ගලයින් 26 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.