(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට වැසි නොලැබීම නිසා උහන කුමාරිගම ප්‍රදේශයේ කිසිම කුඹුරක් වගා කිරිමට ජලය නොමැතිවිම හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත.
එහෙත් ජලය නොමැතිවිම නිසා කුඹුරු වගා කිරිමේ උත්සාහය අත්නොහළ මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව මෙම ගම්මානය අසලින් ගලායන ආදල්ඔය හරස් කර කුඹුරු වලට ජලය ගැනීමේ වැඩ සටහනක් ආරම්භ කරතිබේ.
ඒ අනුව කුමාරිගම 12 ඇල බෙදුම් ඇල ගොවි සංවිධානය මෙහයවිමෙන්, වාරිමාර්ග දෙපාර්මේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය සහයෝගයෙන් අමුණ ඉදිකිරීම ආරම්භ කළ අතර දින 16 කදී මෙම අමුණ ඉදිකිරීමට හැකිව තිබේ.
මේ වෙන විට ආදල්ඔය අමුණ හරස් කිරිමට වැලි කොට්ට 14000 ක් යොදා ගෙන තිබේ.







COMMENTS
ඉතාම වටිනා වැඩකි..
හැමදේම රජයෙන් කරදෙන තෙක් වහල් මානසිකත්වයෙන් නොසිට සියලු දෙනා එකතුවී වැඩ කරන එක කොතරම් වටිනවාද?
පාරවල් වල උද්ඝෝෂණ නොකර මේ මිනිස්සු දින 16ක් මහන්සි වී වතුර ටික ලබාගන්න වෙන වෙහෙස දැක්කම දුකයි. නමුත් ආකල්පය උසස්. (එක දේශපාලකයකුගේ වාහනයක් වෙනුවෙන් කෝටි 50ක් වුනත් දෙන රටක මේවට දෙන්න කවුරුත් නැහැ.)