පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කෑනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් (01) සිට සේවා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කදීජා පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ සියලු මාධ්‍ය ආයතනවල මැදිහත්වීම මත මෙම මුදල මහජන ආධාර වශයෙන් එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් අතර අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා පෙට් ස්කැනර් යන්ත්‍රය ගුවන් මගින් ශ්‍රි ලංකාවට ගෙන්වීය.
ඉන් පසු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ජර්මනියේ සීමන්ස් ආයතනයෙන් යන්ත්‍රය ගෙන්වීමට පියවර ගෙන තිබිණි.
රුපියල් මිලියන 202 ක් වැය කරමින් මෙම යන්ත්‍රය මිල දී ගෙන ඇති අතර මෙම යන්ත්‍ර යෙන්a පිළිකා රෝගය සියුම්ව හදුනා ගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අප්‍රේල් මස 01 දායින් පසු සේවා කටයුතු ආරම්භ කිරීමත් සමග පිළිකා රෝගීන්ගේ සත්කාරක සේවා තවත් වැඩි කළ හැකි බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ප්‍රඩ් කුමාරසිරි මහතා සඳහන් කළේය.
මේ දිනවල ජර්මනියේ සීමන්ස් ආයතනයේ ඉංජිනේරුවන් පැමිණ යන්ත්‍රය සවිකර ඇති අතර, එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සම්පුර්ණයෙන්ම මොහොමඩ් මහතාගේ කැපවීමෙන් මහජනතාවගේ, මාධ්‍ය ආයතන හරහා ලබාගත්තු උපකරණයක්. එ්ක නිසා කරුණාකරලා මේකේ සේවා කටයුතු පටන් ගන්න... උත්සවයට ආරාධනා කරන්න එපා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලට පාවිච්චි කරන්නෙත් නැතිව මාසෙට කුලිය මිලියන 20ක් ගෙවන ආණ්ඩුවට මේවගේ මැෂිමක් අරන් දෙන එක කජ්ජක් නෙමෙයි.
මේක මහජනතාවගේ සේවාවක්.. දේශපාලනය වැඩක් නැහැ. අපි තවත් එකක් අරන් දෙමු... අපේ දෙමාපියන් සිහිවෙන්න. අපි මේකට දායකත්වය දෙන්න එමිරේට්ස්වලදී මුදල් පරිත්‍යාග කරා. අපි එනවිට ඉලක්ක ගත මුදල අවසන් වී තිබුණත් බොහෝ දෙනෙක් අමතර මුදල් වශයෙන් දුන්නා.
සචිත්, හරියට ඇත්ත දැනගෙන අදහස් දක්වන්න. මේ මොහමඩ් මහතාගේ පුතා පිළිකා රෝගය නිසා අවුරුද්දකට පෙර මිය ගියා. එදා ඔහුගේ ලක්ෂ දහයෙන් ආරම්භ කල මේ අරමුදල කොටි 2.5 දක්වා වර්ධනය වෙලා අද අපට මේ යන්ත්‍රය ලබා ගැනීමට හැකිවුනා. ජාතිය කුමක් වුනත් ලොකු පිනක් මේ මොහොමඩ් මහතාට ලැබෙනවා. බොහොම ස්තුතියි .
මෙහි ප්‍රධාන දායකයා තමයි තම පුතු පිළිකා රෝගයෙන් මිය ගිය මොහොමඩ් මහත්තයා... එතුමාගේ අගනා කාර්යය ඉතා ගරුත්වයෙන් සිහිකරමු... ඔය අතරේ සෞඛ්‍යය ඇමතිතුමාට තියෙන්නේ මේවාට ඇඟිලි ගහන්නේ නැතිව රටේ ජනතාවගේ ජීවන රටාව පිළිකා සහ අනෙකුත් රෝග නොහැදෙන ආකාරයට ක්‍රමයෙන් වෙනස් කිරීමය... වකුගඩු රෝගය වැළඳෙන මුල සොයා නොගෙන කොපමණ වකුගඩු රෝහල් රටේ ඇතිකළත් බිහිවන්නේ රෝගී ජනතාවක් නම් පහර වදින්නේ රටේ ආර්ථිකයට පමණක් නොවන බව දැන ගත යුතුයි ..
රාජිත මේකෙන් ලකුණු දාගන්න හදයි. මැෂිම ගෙන්නුවේ දෙසැම්බර්වල ජනතා ඡන්දෙන් පත් වුණු ගසා කන ඇමති මණ්ඩලේ අනුමැතිය ගන්නත් මස ගාණක් බලාගෙන ඉන්න ඕනෑ. පිස්සු රටක්.... මෝඩ ඇමතිලා...