රංජිත් රාජපක්ෂ
මවගෙන් වෙන් වී තේ වත්තේ ගසක උමගක් තුළ සිටි සති දෙකක් වයසැති හදුන් දිවි පැටවුන් දෙදෙනාට සිය මව සොයා දිමට නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ සහකාර අඩවි වන නිලධාරි ප්‍රභාෂ් කරුණාතිලක මහතා ඇතුළු වනජිවි නිලධාරින් සමත් වී ඇත.
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙම හදුන් දිවි පැටවුන් දෙදෙනා හමුවි තිබේ.
තේ වත්ත මැද පිහිටි විශාල මැයි මාර ගසක උමගක් තුළ සිටියදී මෙම හදුන් දිවි පැටවුන් හමුවී තිබුණි.
මේ බව බගවන්තලාව පොලසිය විසින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දී තිබේ.
වනජිවි නිලධාරින් එම වතුයායට පැමිණ හදුන් දිවි පැටවුන් දෙදෙනා ඔවුන් බාරයට ගෙන එම පැටවුන් සිටි මැයි මාර ගසේ බෙනය තුළටම මුදා හැරිමට කටයුතු කර ඇත.
බෙනය තුළ මුදා හැරි හඳුන් දිවි පැටවුන් දෙදෙනා පිළිබඳව අද (5) අලුයම පරික්ෂා කිරිමට ගිය අවස්ථාවේ එම බෙනය තුළ මුදා හැරි හදුන් දිවි පැටවුන් දෙදෙනා නොසිටි බවත්, සිය මව විසින් පැටවුන් දෙදෙනා සුදුසු ආරක්ෂිත පරිසරයකට රැගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ සහකාර අඩවි වන නිලධාරි ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
හඳුන් දිවි පැටවුන් දෙදෙනාගේ මව කම්කරුවන් තේ දළු නෙලන අවස්ථාවේ එම ස්ථානය මඟ හැර හෝ ගොදුරු සොයා යන්නට ඇති බව සැකකරුන බව ඔහු කීවේය.




COMMENTS
ඉංගිරිසියෙන් wishful thinking කියන්නේ මෙහෙම දේවලටයි. පැටව් දෙන්නා කවුරු හරි මිනිසෙක් අරගෙන ගියාද , බල්ලෙක් ,කබරයෙක් , හෝතඹුවෙක් කාලා දැම්මාද එහෙම නැත්නම් පෙර වාසනාවක් තිබිලා ඔය ඉහත පුවතේ වනජීවී නිලධාරීන් කියන දේම සිදු උනාද කියලා දන්නේ සමන් දෙවියොම තමයි.
මේ පැටව් දෙන්නා ඉතාම කුඩා. ඒ නිසා තව ටිකක් බලන්නයි තිබුනේ.
මේ පැටව් දෙදෙනා අතින් අල්ලන එක නොකල යුතු වැඩක්. වෙන්නේ මව් සතාට පැටව් දෙන්නගේ ඉව නැති වෙන එක. එතකොට මව් සතා පැටවුන්ව අතාරිනවා.
පොඩි එවුන් තාම ඇස් ඇරලවත් නෑ. අනේ මේ වගේ බුද්ධිමත් ක්‍රියාකාරී කල්පනාශීලි උපක්‍රමශීලි වනජීවී ආයතනයක් ලබන්නට අප කොතරම් වාසන්නා වන්තද?
අනිවාර්යයෙන්ම වෙන සතෙකුගේ ගොදුරක් වෙන්න පුළුවන්...
මේක බලන කොට හිනායනවා... මේවට අදහස් දක්වන එව්වෝ මහා හෙන පණ්ඩිත අය.... ලැජ්ජත් හිතෙනවා පණ්ඩිත කියුම්වලට...