(සිතුම් චතුරංග)
අතුරුදන්වූන් සොයාදෙන ලෙස ඉල්ලමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහය කරන අතුරුදන්වූවන්ගේ ඥාතීන් හමුවීමට විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා අද (12) ගියේය.
වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/latest_news1111512




(සිතුම් චතුරංග)
අතුරුදන්වූන් සොයාදෙන ලෙස ඉල්ලමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහය කරන අතුරුදන්වූවන්ගේ ඥාතීන් හමුවීමට විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා අද (12) ගියේය.
වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/latest_news1111512




COMMENTS
සිංහලයන් වශයෙන් අපි මොන කෝණයකින් බැලුවත්, තමුන්ගේ කෙනෙක් අතුරුදහන් වීම දරා ගැනීමට අපහසු දෙයක්. මනුෂ්‍ය අපි හෙමෝම එක වගේ.
පුංචි ලංකාවට භාෂා දෙකක් වැඩියිද මන්දා නේද?
හොඳයි සම්පන්දන් මහත්තයා නෑදෑයින්ගෙන් දුක සැප අහන්න ගිය එකනම්...
අපරාදේ, ප්‍රභාකරන් හිටියා නම් මෙයාලට අහගන්න තිබුණා අපේ ළමයා බලෙන් අරගෙන ගිහින් යුද්ධයකට යවලා අතුදහන් කළේ මොකද කියලා...
88,89 වසරවල භීෂණයේදී අතුරුදන් වුණු සිංහලයන් ගැන හඬක් නැගූ එක දේශ ප්‍රේමියෙක්, දේශපාලකයෙක්, එන්.ජී.ඕ. සංවිධානයක් තිබුණද?
ලුසේන, ඇයි මහින්ද මහත්තය සහ මංගල අටවා ගත්ත මව්පිය සංවිධානය . 94 චන්දය දිනන්නන පාවිච්චි කලේ මැරිච්ච මිනුස්සුන්ව. දින්නට පස්සේ ඔක්කොම අමතක කලා. සීදුවේ තවම ස්මාරකයක් නම් තියෙනවා.
අසාධාරණ ලෙස අපරාධ කරපු උන් කවුරුන් හෝ වේවා... නීතියෙන් දඬුවම් ලැබුනේ නැතිවුනත්, ඒවායේ ආනිසංස විඳලයි මැරෙන්න වෙන්නේ. ඉතාමත් දුක්බර සහ සෝචනීය මරණයන් වේවි. ඒවා වලක්වන්න කාටවත් නැහැ. මොකද තමන්ගේ කෙනෙක් නැතිවීමේ ( අසාධාරණ ලෙස නැති කිරීමේ ) වේදනාව කොයිතරම් වේදනාකාරීද කියලා දන්නේ තමන්මයි.
දරුවෝ නොමග යනකොට දඬුවම් නොකර රටට ලොකු විනාස කරන්න ඉඩදීලා දැන් බෙරිහන්දෙනවා අපේ දරුවා මරලා දැම්මා කියල. නුඹලාගේ දරුවෝ විසින් මරල දාපු, බෝම්බ වලින් විනාස කරපු ජීවිත හා දේපොළ ගැන මොනවද කියන්නේ????? අරන්තලාව , පිටකොටුව බෝගහ ළඟ , මරදාන දුම්රියපල ළඟ, තව එකී නොකී බොහෝ තැන්වල කරපු විනාශ????? මේවාට කවුද වගකියන්නේ?