IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අගසස් දානයට සහල් ජනපතිගේ කුඹුරෙන්

(ක.ග. කරුණාරත්න)

පොළොන්නරු ගොවි ජනතාව මෙවර මාස් කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ අග්‍රඵලයෙන් සකස් කරගත් අලුත් සහල් බුදුන් වහන්සේ වෙත පූජාකිරීමේ චාරිත්‍රය වන  අගසස් දානය හෙවත් අලුත් සහල් මංගල්‍යය  පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය අබියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ජනාධිපතිවරයාට අයත් පොළොන්නරුව ලක්ෂ උයනේ පිහිටි කුඹුරෙන් නෙළාගත් වී අස්වැන්නේ සහල්ද මෙම අගසස් දානයට එක්කරගෙන තිබිණ. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යෙය් අලුත් සහලින් තඹ පාත්‍රය පිරවීය. අස්ගිරි පාර්ශවයේ අනුනායක මහනුවර ගෙඩිගේ රජ මහා විහාරාධිපති, පොළොන්නරු සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සංවිධානය කර තිබුණි. 

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති පුංචිබණ්ඩා රත්නායක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්පත් ශ්‍රී නිලන්ත, එන්.වී. සමන්ත, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්ද, ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතවරුන් සහ ගොවීහු පිරිසක්ද සහභාගී වූහ. 

 

 



අදහස් (2)

අගසස් දානයට සහල් ජනපතිගේ කුඹුරෙන්

vidya Monday, 10 April 2017 05:26 PM

මෙය ඉතාම අගනා පුජාවක් . මගේ රටට කිරි ඉතිරේවා. වැසි ලැබේවා. බුදුන් වැඩිය රටෙහි කරුණාවන්ත මිනිසුන් තවත් බිහි වේවා

:       0       18

A m thamara damayanthi Monday, 10 April 2017 08:18 PM

මොන තරම් වාසනාවක්ද මොන තරම් පිනක්ද. ඔබ තුමාගේ දෙමව්පියෝ දෙන්නා මොනතරම් පින්වන්තද මෙවැනි පුතකු වදලා හදලා රටට දෙන්න. සාධු.. සාධු..

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site