වියදම කෝටි 11ක්

(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා රුපියල් කෝටි 11ක වියදමින් ආරක්ෂක කැමරා 230 ක් සවි කිරීමට යයි.
මහල් හතරේම සෑම ස්ථානයක්ම ආවරණය වෙන ආකාරයට මෙම ආරක්ෂක කැමරා සවි කිරීම සඳහා පෞද්ගලික ආයතනයකට පවරා තිබෙන බව වාර්තා වේ.
වර්ෂ 2008 දී රුපියල් මිලියන 13ක වියදමින් පාර්ලිමේන්තුවට කැමරා පද්ධතියක් සවිකර තිබූ අතර එම කැමරා පද්ධතිය සවිකර මාස කීපයක් තුළ දී ඉන් කැමරා කීපයක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ආරක්ෂක අංශ පැමිණිලි කර තිබුණි.
මීට අමතරව එම කැමරා පද්ධතිය පිළිබඳව විගණන පරික්ෂණයක් පැවැත්වෙන බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd