
(දයාසීලි ලියනගේ)
චීන රජයේ ප්‍රදානයක් ලෙසට ලබාදීමට ගිය කොවිඩ් එන්නත් මිලියන හයක් ලබා ගැනීම අවහිර කළ විශේෂඥ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන ලෙස වෛද්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
චීන එන්නත පිළිබඳව බොරු ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍ය බලවතා චීනය ලබාදීමට ගිය එන්නත් සඳහා උදාසීනත්වයකින් කටයුතු කළ බවද එම සංගමය පෙන්වා දී ඇත.
මෙම වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු මත එදා චීන එන්නත ලබා ගැනීම මෙරට ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණු බවද සඳහන් වේ.
එම එන්නත් මිලියන 6 ලබා ගත්තා නම් දැන් පවතින කොවිඩ් රැල්ල යම් ප්‍රමාණයකට මර්දනය කර ගැනීමට හැකියාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත.
මේ තත්ත්වය නිසා චීනයෙන් ප්‍රදානයක් ලෙස ලබා දීමට තිබූ එන්නත පසුව ලබාදුන්නේ ලක්ෂ 5ක ප්‍රමාණයක් බවද ඔවුන් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd