(අජන්ත කුමාර අගලකඩ)
දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කල්බදු ගෙවීම, ගුවන් යානා එන්ජින් නඩත්තු කරන්නන්ට ගෙවීම, කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් ලබන වසරේ මාර්තු වනතෙක් පියවා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 2770ක පමණ මුදලක් ලබා දෙන්නැයි සංචාරක අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.
එම මුදල මහා භාණ්ඩාගාරයෙන් ලබාදිය නොහැකි නම් මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1385 ක් සහ ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 1385 ලෙස ණය මුදලක් වශයෙන් ලබා දෙන්නැයිද අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අත්‍යවශ්‍ය වියදම් ඉකුත් ඔක්තෝබර් මාසය දක්වා පියවා ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 1385 ක් ඉකුත් අප්‍රේල් මාසයේද ලබාදී තිබිණි.
එම මුදල්ද මේ වනවිට අවසන්වී ඇති අතර මේ තත්ත්වය තුළ සමාගම පවත්වාගෙන යාමේ දැඩි මූල්‍ය අර්බුදයක් මේ වනවිට මතුව ඇත.
ගුවන් තොටුපොළ දීර්ඝ කාලයක් තිස්සේ වසා තැබීම හේතුවෙන් ශ්‍රී ලංකන් සමාගමේ ආදායම් සියල්ලම මේ වනවිට ඇහිරී ඇති අතර අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට පවා මුදල් නොමැතිව සමාගම දැඩි අර්බුදයකට මුහුණදී ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්රී ලංකන් නඩත්තුවට කෝටි 2770ක් ඉල්ලයි