IMG-LOGO

මැති සබය විසුරුවයි

බාරකාර රජයක්: ඡන්දය ජනවාරි 5 වැනිදා

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (09) මධ්‍යම රාත්‍රියේදී විසුරුවා හැරීම පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම පියවර ගත් බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත සිකුරාදා රාත්‍රියේම යවා තිබූ බව සැලයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර අමාත්‍ය මණ්ඩලයද සම්පූර්ණ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර ඒ අනුව පෙරේදා රාත්‍රියේදී කැබිනට් ඇමැතිවරු හත් දෙනෙක් පමණ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.


ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ ඇමැතිවරයා වශයෙන්ද, උදය ගම්මන්පිල මහතා බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැතිවරයා වශයෙන්ද එස්. එම්. චන්ද්‍රසේන මහතා වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වශයෙන්ද ඒ එල්. එම්. හිස්බුල්ලා මහතා නගර සැලසුම් හා ජල සැලසුම් ඇමැති වශයෙන්ද පෙරේදා (09) දිවුරුම් දුන්හ.


මේ අතර මහින්ද යාපා අබේවර්ධන සහ ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ද පෙරේදා රාත්‍රියේ කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දුන් බව වාර්තා විය. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් ගණන 29 පමණ දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා විය.


බාරකාර රජයක් යටතේ මහ මැතිවරණය ජනවාරි 5 වැනි දින පැවැත්වීමට නියමිත බවද වාර්තා විය.


මැති සබේ විසිරවූ ගැසට්ටුව පෙන්වමින්...

පාර්ලිමේන්තුව විසුරුවමින් ජනපති නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ මුල් පිටපත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා එය මාධ්‍යයට පෙන්වූ අයුරු.  (ඡායාරූපය-ඩික්සන් වසන්ත)

 

 



අදහස් (0)

මැති සබය විසුරුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site