(දයාසීලි ලියනගේ)
දූෂණ විමර්ශන ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු ගිය මාසයේ සිට අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ. එයට සමාන්තරව එෆ්සීඅයිඩී ආයතනය ද අකර්මණ්‍ය වෙමින් ඇතැයි දැනගන්නට ඇත.
මේ තත්ත්වයට හේතු වී ඇත්තේ මෙම ලේකම් කාර්යාලයට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කපාහැරීම බව දැන ගන්නට ඇත.
යහපාලන රජයේ දින 100 වැඩපිළිවෙළට අයත් මැතිවරණ පොරොන්දුවක් වශයෙන් දූෂණ විමර්ශන ලේකම් කාර්යාලය පිහිටුවනු ලැබූ අතර එමගින් ලැබෙන පැමිණිලි සම්බන්ධව මූලික තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට සැපයීම සිදු කෙරේ. ඒ අනුව පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණ තොරතුරු ලබාගැනීම බුද්ධි නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදුවන අතර විමර්ශන කටයුතු එෆ්සීඅයිඩීය මගින් සිදුකරනු ලැබේ.
දූෂණ විමර්ශන ලේකම් කාර්යාලයේ බුද්ධි අංශ නිලධාරින් සඳහා ප්‍රතිපාදන කපා හැරීමෙන් එෆ්සීඅයිඩී ආයතනයේ කටයුතුද පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවන බව දැනගන්නට ඇත. මේ පිළිබඳව දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ පසුගිය මාසයේ සිට දූෂණ විමර්ශන ලේකම් කාර්යාලයේ බුද්ධි අංශ නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා වන ප්‍රතිපාදන කපා දමා ඇති බවයි.
පවතින රජයට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ දූෂණ වංචා විමර්ශන කටයුතු මේ තත්ත්වය නිසා අකර්මණ්‍ය වන බවද ඔහු කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දූෂණ මර්දන-එෆ්.සී.අයි.ඩී. දෙකම අඩපණයි