(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ වෙනසක් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තමාට මාසයක් කල් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් අඟහරුවාදා පැවැති ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
එතෙක් කණ්ඩායමක් ලෙස ඉවසීමෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා එම මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ආණ්ඩුව අවසන් කළ හැක්කේ කෙසේද සහ අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා තනි තීන්දු නොගෙන කණ්ඩායමක් ලෙස එකට කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇත.
ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් අතර මෙම විශේෂ සාකච්ඡාව ඉකුත් අඟහරුවාදා දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එම සාකච්ඡාවේ තොරතුරු පිටතට නොදීමටද එහිදී තීන්දුවක් ගෙන ඇතැයි වාර්තාවේ.
මැති ඇමැතිවරුන්ට සිය අදහස විවෘතව ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී අවස්ථාව ලබාදී ඇති අතර ජාතික ආණ්ඩුව මේ ආකාරයෙන් ගෙන යා නොහැකි බව ඇමැතිවරුන් වැඩි දෙනකු එහිදී ප්‍රකාශ කර ඇතැයි ද දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආණ්ඩු වෙනසකට තීන්දු ගන්න ජනපති මාසයක් කල් ඉල්ලයි