(විනීතා එම් ගමගේ)
ආණ්ඩුවේ සහනාධාර සදහා වන පෝරමය පොහොට්ටුවේ ලාංඡනය සහිත මුද්‍රාවක් තබා ලබාදීමේ සිද්ධියක් පිළිබදව පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි.
මැතිවරණයට තරඟ කරන සමහර අපේක්ෂකයින් හා ප‍්‍රාදේශිය දේශපාලඥයින් ආණ්ඩුවේ සහනාධාර බෙදාදීමේ වැඩ පිළිවෙලින් අතිරෝක වාසි ලබාගන්නා බවක් පෙනී යන්නේ යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
එම සහනාධාර වැඩ පිළිවෙල දේශපාලනයෙන් තොරව හොදින් ක‍්‍රියාත්මක වුවහොත් එහි වාසිය ආණ්ඩුවට යාම ගැන සැකයක් නොමැති බවත් ප‍්‍රාදේශීය දේශපාලඥයන් සහන බෙදාදීමේ කමිටුවලට යොදා තිබීමෙන් මෙවැනි අවුල් සහගත තත්ත්වයන් ඇති වන බව පෙනී යන බවත් හෙතෙම ස`දහන් කළේය.
සහනාධාරවලින් මෙසේ දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන්නන් ගැන සොයා බලන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පැවසූ හෙට්ටිආරච්චි මහතා මේ පිළිබදව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැන්වීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
COMMENTS
එහෙම දේවල් ගන්න. ප්‍රතික්ෂේප කරන්න එපා. ඒවා දේශපාලු පොහොට්ටුවන්ගේ සල්ලි නොවෙයි. ඒවා රටේ ජනතාවගේ මුදල්. හැබැයි උන්ට චන්දෙ දෙන්න එපා.
රටෙ සල්ලිවලින් සහනාධාර දෙන්නේ පොහොට්ටුවෙ ලකුණ ගහලා... මෙක චන්ද නීති උල්ලංඝනය කිරීමක් වගේම මහජන මුදල් අවභාවිතාවකුත් නේද? කොහොමත් පොහොට්ටුවෙ මිනිස්සු හැමදාමත් කළේ අනුන්ගේ පහණින් එළිය බලපු එක...
ලැජ්ජා නැති පුදුම බංකොලොත් පක්ෂයක්
තරු ගහල ආධාර බෙදන්න පුළුවන් නම්.... ඇයි පොහොට්ටුව ගහල ආධාර බෙදන්න බැරි?
පොඩි වැරදීමක් උනේ... දන්නේ නැතුව අපේ පොහොට්ටු සීල් එක කුඩා දරුවෙකුගේ අතට ගිහිල්ලා..., පොඩි එකා ගහගෙන ගිහිල්ලානේ සමාවෙන්ඩ හොදේ....
විපුල, ප‍්‍රතිචාර දමන්න කලින් හොදින් කියවන්න.
මේ වගේ දේවල් නිසා චන්දය තිබුණත් සාධාරණ නෑ. සමහරවිට පත්වෙන රජයන් වුනත් ලෝකයේ පිලිනොගන්න පුලුවන්. ඒක නිසා මිනිස්සුන්ගේ ආරක්ෂාවට සහ මෙවෙනි නීතිවිරෝධී කටයුතු අවම කරගන්න චන්දය මාස තුන හතරකින් විතර කල් දැමිය යුතුයි.
ටොම් පචයා....