IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


සුවපත්වී ඇතැයි කීමට එක ළඟ දින දෙකක පරීක්‍ෂණ ඕනෑ

විනීතා එම් ගමගේ

පී සී ආර් පරික්ෂණයෙන් කොවිඞ් 19 වයිරසය ආසාදිතයකු බවට හදුනාගන්නා අයෙක් ඊළඟ දිනයේ දී එම පරික්ෂණය කිරීමේ දී ආසදිතයෙකු නොවන බවටත් පසුදින යළි ආසාදිතයෙකු බවටත් පෙන්විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය පවසයි.

එම වයිරසය ලෝකයටම අලූත් එකක් බැවින් තවමත් බොහෝ රටවල පර්යේෂණ සිදු කරන බව කී යසවර්ධන මහත්මිය රෝගියකු සුවපත්වී ඇතැයි පැවැසීමට නම් ඔහුගේ පීසීආර් පරික්ෂණය එක ළඟ දින දෙකක දී ආසාදිතයෙකු නොවන බව පෙන්විය යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියා ඇත්තේ ඒ නිසා යැයි ද පැවැසුවාය.

කොවිඞ් වයිරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයාගේ පී සී ආර් පරික්ෂණය පවා සිදුකරන ලද්දේ මෙකී සිද්ධාන්තය මත පිහිටා බවත් තම වෛද්‍ය පීඨයේ රසායනාගාරයෙන් කිසිදු අවස්ථාවක වැරදි වාර්තා පිට නොවූ බවත් මහාචාර්යවරිය කීවාය.

ඩෙංගු වයිරසය සදහා වසර 10කට ආසන්න කාලයක් තිස්සේ පී සී ආර් පරික්ෂණය සිදුකරන ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයීය රසායනාගාරය කොවිඞ් 19 වයිරසය ආසාදිතයින් හදුනාගැනීම සදහා පරික්ෂණ ආරම්භ කරන ලද්දේ පෙබරවාරි 28 වැනිදා යැයි ද මහාචාර්යවරිය කීවාය.

වෛද්‍යපීඨයේ පීඨාධිපතිනිය මෙම අදහස් පළ කළේ එම විශ්ව විද්‍යාලයේ සිදුකරන පීසීආර් පරික්ෂණ වාර්තා වැරදි බවට පළවන මතය සත්‍යයක් දැයි ලංකාදීප කළ විමසුමක දීය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ යසවර්ධන මහත්මිය තම වෛද්‍යපීඨ රසායනාගාරයේ පීසීආර් පරික්ෂණ යන්ත‍්‍ර දෙක ස`දහා නිසි පීසීආර් මෙවලම යෙදිය යුතුව ඇති බවත් එම යන්ත‍්‍ර දෙකෙන් ඉතාම නිවැරදි වාර්තා ලබාගත හැකි බවත් පීඨාධිපතිනිය පැවැසුවාය.


වෛද්‍ය පර්යේෂණ සිදුකරන ස්ථානයක් බැවින් මෙතෙක් පීසීආර් පරික්ෂණ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලපත‍්‍රයක් ලබා නොගත් නමුත් කොවිඞ් ආසාදිතයන් ගේ පීසීආර් පරික්ෂණ සිදුකරන බැවින් මේ වනවිට එම අවසරය ද ඉල්ලා අයදුම්පතක් ඉදිරිපත් කළ බව ද ඇය කීවාය.


ආසාදිත රෝග පිළිබද ජාත්‍යන්තර සංවිධානයේ විධායක කමිටු සාමාජිකයන් දස දෙනාගෙන් එක් අයෙක් වන ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය වෛද්‍යපීඨයේ රසායනාගාරයේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන බවත් යසවර්ධන මහත්මිය තවදුරටත් පැවැසුවාය. 



අදහස් (2)

සුවපත්වී ඇතැයි කීමට එක ළඟ දින දෙකක පරීක්‍ෂණ ඕනෑ

jaya Sunday, 17 May 2020 07:48 AM

වාර්තා නිරවද්‍ය බව පිළිගනිමු. නමුත් ඉතාම නිවැරදි වාර්තා කියලා විද්‍යාත්මක වචනයක් නැත. දන්නා තරමින් 90% පමණ නිරවද්‍යතාවයක් තමා PCR පරීක්ෂණ වලට තියෙන්නේ. මේ අවස්ථාවේ ලෝකයේ භාවිතා වෙන සෑම PCR පරීක්ෂණයකම මේ ප්‍රතිශත අගය මෙයට ආසන්නයි.

:       25       12

Samitha Senaka Aluthgamage. Sunday, 17 May 2020 07:57 AM

මේ රෝගය මර්දනයේදී මෙවන් විශිෂ්ට හා පරිණත උගතුන්ගේ සේවය ලබාගත්තේ නම්,මොනතරම් අගනේද ? ස්ට්‍රයික් කරන වෘත්තීය සමිති දොස්තරලා ඉන්න ලෝකයේ එකම රට මෙයයි. ඉතින් එවැනි අය කියන්නේ වෛද්‍ය විද්‍යාව අතැඹුලක් සේ දන්නා අදාළ වෛද්‍ය පීඨයේ උගතුන්ගේ පර්යේෂණ වැරදියිලු. වෘත්තීය සමිති දොස්තරලාගේ කෙරුවාව ගැන මේ රටේ ජනතාව හොඳින්ම දන්නවා.

:       40       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 406 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 447 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site