(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාල සීමාව තව සති 2කින් කල්දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, එම කාල සීමාව අප්‍රේල් 9 දක්වා කල් දමා තිබේ.
සිසුන්ට මාර්තු 26 දක්වා ලියාපදිංචිවීමේ කාල සීමාව බලපවත්වා බව මින් පෙර දැනුම් දී තිබුණද, රට තුළ පවත්නා තත්වය මත මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කළේය.
ඉදිරියේදී මතුවන තත්වය සලකා බලා, 2020 විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියාපදිංචි වීමට අපේක්ෂිත කිසිදු සිසුවකු අපහසුතාවට පත් නොවන පරිදි, එම කාලසීමාව තවදුරටත් කල්දැමීමට වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිසම සූදානම් බව සභාපතිවරයා මෙහිදී පැවසීය.
මේ හා සම්බන්ධ ඉදිරි සැලසුම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හා ජනමාධ්‍ය ඔස්සේ මහජනතාව වෙත දැනුම්දීමට පියවර ගන්නා බවද අමරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd