(ටී.කේ.ජී.කපිල )
ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සදහා අද දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් මෙල්බර්න් බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන එම විශේෂ ගුවන් යානය අද 09 දින උදෑසන 7.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .
මෙම ගුවන් යානය මගින් යළි මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් පිරිස පිළිබඳව නිවැරදි සංඛ්‍යා දත්ත මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොමැත .
මෙම ගුවන් යානය හෙට 10 දින අලුයම 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .
COMMENTS
මාලදිවයිනේ, සෞදියේ, කටාර්වල හරියට කන්න බොන්න ඉන්නවත් නැතුව මේ වෙලාවේ දුක්විඳින මිනිස්සුන්ගේ ජීවිතවලට වැඩිය ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙලවෙනකොට රට මතක් වෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත වටිනා බව තවත් වතාවක් ඔප්පු කර පෙන්වූ පාලකයින්ට සහ බලධාරීන්ට අපගේ උපහාරය...
ඔස්ට්‍රේලියාව හොදටම කොරෝනා පාලනය කරපු රටක්. මොකටද එහේ ඉදන් ලංකාවට මේ අය ගෙන්න ගන්නේ.
ආණ්ඩුව ලැබුනු ආධාර වියදම් කරලා චන්ද ඉම්පෝට් කරනවා වගේ...
ඒ රටේ අතරමං උන සාමාන්‍ය ලාංකිකයෝ ඉන්න විදිහක් නැහැ. VIP ටික තමයි අතරමංවෙලා වගේ එන්න ඉන්නේ.
ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයින්ගේ බොහෝ අය කැමැත්තක් නෑ ලංකාවට එන්න මේ වෙලාවේ... ඒ අයට මේ ආණ්ඩුවෙන් සල්ලි දෙන්නත් ලෑස්තියි. රැකියාවනුත් කොහොම හරි ලබා ගන්නවා. ඒ අය ඔන්ලයින් ඉගෙන ගන්නවා.
පළමුව ගෙන්න ගන්න ඕනෙ මැදපෙරදිග රටවල දුක්විඳින අපේ අය... දියුණු රටවල ඉන්න අයට අවදානම ගොඩක් අඩුයි...
මේ ගෙන්න ගන්නේ ලංකාවට යන්න ඕන කියලා ඉල්ලීම් කොට ඇති ශ්‍රී ලාංකිකයන්. එසේ නොමැතිව ශ්‍රී ලංකා රජයෙන් බලෙන් ගෙනේවා නොවේ.
මේ බොහෝ දෙනා රැකියා නොමැති වූ අය වේ.