(දිලීප් ජයසේකර)
පසුගිය 26 වන දින සුරියවැව වීරියගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු හමුවීමත් සමඟ සුරියවැව නගරය වසා දැමීමට සුරියවැව කොරෝනා කමිටුව කටයුතු කර තිබේ.
ඒ අනුව අද (28) දිනයේ ඇදිරි නීතිය ඉවත් කෙරුණත් සුරියවැව නගරයේ කඩ සාප්පු සම්පුර්ණයෙන්ම වසා තැබුණු අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් විය.
සුරියවැව වීරියගමින් හමු වු කොරෝනා රෝගියා සුරියවැව නගරයේ බැංකු කිහිපයකට මෙන්ම තවත් කඩ සාප්පු කිහිපයකටම ගොස් තිබු බවයි වාර්තා වී ඇත.
ඒ අනුව මේ වන විට සුරියවැව කොරෝනා කමිටුව විසින් කොරෝනා රෝගියා ආගිය ස්ථාන පිළිබඳව තොරුතුරු එක් රැස් කරමින් සිටින බව එහි නිලධාරියෙකු සඳහන් කළේය.
මෙම රෝගියා ජීවත් වන සුරියවැව වීරියගම ප්‍රදේශයට මෙන්ම ඔහුගේ බිරිඳගේ ගම වන රම්මුදුවැව ප්‍රදේශයට මේ වන විට බාහිර පුද්ගලයින්ට ඇතුළු වීම පිටවීම සම්පුර්ණයෙන්ම සීමා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd