(ඩයනා උදයංගනී)
සියලූ අධිවේගී මාර්ග හෙට (11) උදෑසන 7.00 සිට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතා පැවසීය.
දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඉකුත් සතියේ සිට විවෘතව පවතින අතර කටුනායක කොළඹ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ද හෙට සිට විවෘත කරන බව සභාපතිවරයා සදහන් කළේය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවූ තත්ත්වය නිසා විවිධ වෙනස්කම්වලට ලක්වූ ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත්කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙලෙස අධිවේගී මාර්ග ද විවෘත කෙරෙන බව සභාපතිවරයා කීවේය.
රැකියා සදහා හෙට (11) සිට පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට අධිවේගී මාර්ග භාවිතා කළ හැකි බවද හෙතෙම පැවසීය
දැනට රට තුළ ක‍්‍රියාත්මක නීති රීති යටතේ පොලීසිය විසින් අධිවේගී මාර්ග ඔස්සේ සිදුකෙරෙන ගමනාගමන කටයුතු අධීක්‍ෂණය කරන බව ද චමින්ද අතළුවගේ මහතා කියා සිටියේය.

COMMENTS
නව නීති ක‍්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.