ඉන්දිකා රාමනායක
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හෙට (2) අනිද්දා (3) හා සදුදා (6) යන දින තුන තුළ දිවයිනේ සියලූ ඔසුසල් විවෘතව තැබීමට රජය උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
මෙම දින තුන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ‍්‍රාම වැටුප් ලබා දෙන දින බැවින් ඔවුන්ට අවශ්‍ය ඖෂධ මිළදී ගැනීම සදහා රජය මෙම පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම දින තුළ එම පිරිසට ඔවුන්ගේ විශ‍්‍රාම හැදුනුම්පත ඇදිරීති බලපත‍්‍රයක් වශයෙන් සලකා එම කටයුතු සදහා සහය ලබා දෙන ලෙසට සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් යුද හමුදාව විසින් ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මේක ඉතාම නැණවත් වැඩක් හැබැයි ඒ වගේම කාශ්‍යප බුදුන්ගේ කාලේ නිකුත් කරපු බෙහෙත් තුන්ඩු අරගෙන නගරේ රස්තියාදු ගහන මොටසයිකල්කාරයන්ව කෙලින්ම ඇතුලට දමන්න ඕන....
හැමෝම ඕව විවෘත්ත කරන්න කියා නීති දමනවා. බැංකු, ඔසුසල්, තැපැල් කාර්යාල... මේවයේ වැඩ කරන මිනිසුන්ගේ ප්‍රවාහන පහසුව, ඇඳිරි නීති බලපත් ඔවුන් විසින් සකසා ගත යුතුයි නේද? ලොක්කෝ නියෝග දෙති. සොක්කෝ තැලෙති. විශේෂයෙන්ම මේවයේ වැඩ කරන බහුතරයක් කාන්තාවන්. හැමෝටම කාර්, මෝටර් සයිකල් නැහැ. තිබුනත් හැමෝටම පදින්න රිය පදවන්න බැහැ. පුළුවන් වුනත් මේ දිනවල අනතුරක් ආබාධයක් වුනොත් කාගෙ පිහිටද? හුලන් ටිකක් ගහගන්න තැනක් වත් නැහැ. කරුණාකර සේවකයින්ට ප්‍රවාහන පහසුකම් දෙන්න. විශ්‍රාමිකයින්ට වඩා සේවකයින් අසරණයි ඒ පැත්තෙන්. වෘත්තීය සමිතිත් ලොක්කන්ගේ නියෝග වලට පන්දම් අල්ලනවා විනා සේවකයින් ගැන බලන්නේ නැහැ.
ජ්‍යෙෂ්ට පුරවෙසියෝ කියන්නේ රජයේ සේවෙයේ සිට විශ්‍රාම ගිය අය විතරද? පෞද්ගලික අංශයේ විශ්‍රාම ගිය උදවිය මොකක් පෙන්නලද ඔසු සලට යන්නේ. මේ නීතිය දාපු අයට මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නට තරම් ප්‍රඥාව පහල වේවා.