IMG-LOGO

2025 අගෝස්තු මස 30 වන සෙනසුරාදා


සායන රෝගියාට හෝ ඥාතියකුට පැමිණ බෙහෙත් ගන්න නීතියෙන් අවසර

එෆ්.අස්ලම්

රට තුළ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත තත්වය හේතුවෙන්  ඇදිරිනීතිය පනවා තිබීමෙන්  බදුල්ල පළාත් මහ රෝහලේ සායන සදහා යොමු විය යුතු රෝගීන් 600කට අධික සංඛ්‍යාවකට සායන සදහා පැමිණීමට නොහැකිව සිටීමට සිදුව තිබෙන බව බදුල්ල පළාත් මහ රෝහලේ සම්බන්ධීකාරක වෛද්‍ය ගයාන් කුරේ මහතා පැවසීය.

මෙම රෝගීන්ට ගැටළුවකින් තොරව සායන සදහා යොමුවීමට අවස්ථාව ලබා දෙන ලෙසට රෝහල් පාලනාධිකාරිය විසින් පොලිසියට උපදෙස් දී තිබෙන බවත් එම රෝගීන්ට සායන පොත පෙන්වා බාධාවකින් තොරව රෝහල් වෙත පැමිණිය හැකි බවත් ඔවුන් පැමිණෙන වාහනවලටද ගැටළුවක් නැති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

පිළිකා,වකුගඩු,දියවැඩියාව,අධික රුධිර පීඩනය කායික රෝග ඇතුළු සායන සදහා දින නියමවී ඇති  රෝගීන්ට  ඇදිරිනීතිය පැනවීමත්  සමග ගමනාගමන ප්‍රවාහන කටයුතු අඩාල වීමෙන් සායන මගහැරී ඖෂධ නොමැතිව නිවෙස්වලට වී සිටීමට සිදුව තිබෙන බවද හෙතෙම කීය.

මේ පිළිබද කරන ලද විමසුමකදී බදුල්ල පලාත් මහ රෝහලේ සම්බන්ධීකරණ වෛද්‍ය ගයාන් කුරේ මහතා මේ බව සදහන් කළ අතර රෝහලේ රෝගී පරීක්ෂාවන් සායන වලදී සුපුරුදුව සිදුවන බවත් මසකට සරිලන ඖෂධ රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බවත් ය.

ඒ අනුව සායන සදහා යොමුවිය යුතුව ඇති රෝගීන්ට  හෝ රෝගියාගේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න  ඥාතියකුට උදෑසන කාලයේ රෝහල වෙත පැමිණ රෝගියාගේ සායන පොත ඉදිරිපත් කර වෛද්‍ය නිර්දේශ මත   රෝගියාට අවශ්‍ය ඖෂධ රැගෙන යා හැකි බවත්  ඖෂධ නොමැතිව නිවෙස්වලට වී නොසිට හැකි ඉක්මනින් ඖෂධ ලබා ගන්නා ලෙසත් ගයාන් කුරේ මහතා අවසන් වශයෙන් සදහන් කර සිටීයි.
 



අදහස් (1)

සායන රෝගියාට හෝ ඥාතියකුට පැමිණ බෙහෙත් ගන්න නීතියෙන් අවසර

C.K.ankaputhra Friday, 27 March 2020 01:20 AM

බදුල්ලට විතරද මේ සහනය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15390 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 515 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 276 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site